ගොළු හදවත..

Start from the beginning
                                    

සීවලී මැණිකා කඳුළු උනන නෙතඟ හැට්ට කරෙන් පිසදමාගත්තේ "මයේ අම්මටත් දළදා සමිඳු පිහිටයි..!"කියමින්මය..
වෙල්යාය දෙසින් කරත්තය ඇදී යද්දි සීවලී මැණිකාගේ පිඳුරු සෙවිලි කළ වහලයක් දමා තිබූ මැටි ⁣නිවහන කළු පැහැ තිතක් වී නොපෙනී ගියේය..අරලිය මල් ගොං කරත්⁣තෙට යටවෙද්දි,..සීවලී මැණිකාට කඳුළු නතර කරගැන්මටම නොහැකි විය..

"අඬලා දොඬලා පලක් නෑ බං,..නික්කාසුවේ වලව්වේ වැඩක් පලක් කොරන් හිටු...මෙහේ මේ නහින ගානට වඩා උබට එහේ නහින්ට කාරි නෑ.
නෙවැ..!"තංගු හාමි,⁣ යනු ගොං කරත්ත දක්කන්නෙකි..සීවලී මැණිකා ඔහු දෙස බැලුවද මුළු කට පුරාම රත් පැහැ වී ඇත..කළු පැහැ අම්බරුවා දක්කන ගමන ඉකිගසන සීවලී මැණිකාව අස්වසනු පිණිස එක එක වග තුග කීවද,සීවලී මැණිකාට තම මව වූ රන් මැණිකාගේ වියැකී ගිය මුවඟ මතකෙට නැගෙන වාරයක් පාසා ඇයට කඳුළු ඉනුවාය...

***

"දෙයි හාන්දුරුවනේ!,"සීවලී මැණිකාගේ දෙතොල්පත් ඇරිණි..ඇයට තවමත් නිච්චි නැත මේ තරම් විසල් නිවාස තම ගම් පළාතෙහි තිබෙන බව..
"ඕං උබ ටිකයි දැක්කේ..ඔහොම නෙමෙයි..අර වලව්ව ඇතුළේ තියෙන වංගි ටික උබ දැක්කනම් මේං මෙතනම කම්බස්.."තංගු හාමි බුලත් විටක් කන ගමන කඩපිලෙහි ගොං කරත්තය නැවැත්තුවේය...
වෙල්යාය අද්දරට වන්ට සාදා තිබී වලව්ව දැක සීවලී මැණිකාගේ දෑසද විසල් විය..

"මාමේ!,මේ ලොකු මැටි ගෙවල් වල කීයක් නම් මිනිස්සු ඡීවත් වෙනවා ඇත්ද..අනේ මගේ මේ අත් දෙකෙන් කීයක් නම් බත් පිහින්න වෙයිද.."සීවලී මැණිකා තම තලෙලු දෑත දෙස බලා සුසුමක් හෙලීය...
"හොහ් හොහ් හා..,උබට පිස්සුද සීවලියේ..වලව්වේ ඉන්නවනම් ඉන්නේ කැතරින් නෝනයි,..උන්දැගේ මව් තුමියයි තමයි..බන්!"තංගුහාමි සිනාසී සීවලී මැණිකා දෙස බැලීය..
"ඔය සුදු මාත්තුරු එනවනම් නෙවැ නෝනාලා කෑම වට්ටි පිට පටවන්නේ..."තංගු හාමි බුලත් විට "චව් වච් "ගා හැපීම හේතුවෙනි සීවලී මැණිකා වෙනතක බැලීය...

"උන්දැලට පිස්සුද..අර තරම් ලොකු ගෙදරක ඡීවත් වෙන්න..මමයි අම්මයිත් ඡීවත් වුණේ අපේ ⁣පුංචි පැල් කොටේනේ..මුන් දැලට පිස්සු ඇති.."

THE DUMB HEARTWhere stories live. Discover now