" නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"උදෑහනින් ඉර මෝදුවෙන්ඩ එන සුභ මොහොතින් පහන් පැලක් ලක ලැහැස්ති කර ගත්ත මම රත් මල් අහුරක් නෙළලා පැන් ටිකක් ඉහාලා ගත්තා..මැටි පහනට තෙල් ඩිංගක් වක් කරලා පහන් තිරය තෙල් වල ඔබ්බවලා ඇගිලි තුඩු වල ගෑවුන තෙල් මගෙ හිස් මුදුනෙ ආලෙප කොර ගත්තා...ඒත් එක්කම මට දැනුනෙ මගෙ එහා පැත්තෙන් කවුරුන් හො ඇවිත් හිට ගත්තා වගෙ..මගෙ දකුණු උරහිසෙන් පහළ වැළමිටට උඩින් වන්ට වන අත් ගොබෙ හරියෙන් හීතලක් දැණුනා...ඇගෙ තියෙන හැම රෝම කූපයක්ම ඉලිප්පෙන තරමටම ඒ ස්පර්ශය නැවුම්....ඇස් දෙක පියාන හොද හුස්මක් උඩට ගත්ත මම ආ ඒ සදුන් සුවද මගේ ශරීරයට ආග්‍රහනය කර ගත්තා..මම දන්නෙ නෑ ඇයි කියලා...හැබැයි මගෙ හිතට නැවුම් බවක් දැණුනා...අමුතු සතුටක් දැනුනා..හරියටම කිව්වොත් මගෙ හිත බලාපොරොත්තුවෙන් ඉදලා වගෙ...
".........................."
මම හිමීට මගෙ බෙල්ල දකුණු පැත්තට හරවලා පාත බැලුවා....ඒ එයා...මෙහෙට ආවත් හරි මගෙ හිතම හෙල්ලුව පිරිම රුව..එයාගෙ හිස තිබ්බෙ මගෙ උරහිස හරියට වෙන්ඩ...හැබැයි අනෙක් අය එක්ක ගත්තම එයා හුගාක් මිටිත් නෑ...එතෙක් වෙලා දැනුන සීතල ස්පර්ශය නම් එයාගෙ වම් අත මගෙ දකුණු අතෙහි ස්පර්ශ වීම..සිනිදුයි..මගෙ වගේ මහා ගොඩක් කැරලි ගැහුන රෝමකූප නෑ..ඒ අත්වල සිනිදුවට වැවුන රෝමකූප තිබ්බෙ...මම එයා දිහා මගෙ බෙල්ල හරවලා බැලුවා..ඒ ඇස් මගෙ ඇස් වල ගැටෙන්න ගියෙ තත්පර ගානයි...ඇත්තමයි ඒවා නම් නිල් මැණික් කැට වාගෙයි...කිසිම වචනයක් නොකිව්ව එයා මම එයා දිහා බැලුවත් හරි මට දුන්නෙ එයාට දෙන්න පුලුවන් ලස්සනම දේ...හිනා කටයි...කට පුරවලා හිනා වුණ එයා ඇස් වලිනුත් හිනා වුණා...අහෝ දෙවියනෙ ඔබ වහන්සේට වැරදිලා මේ රුව මිහිතලයට එව්වාවත් ද?
YOU ARE READING
සොකරි | YIZHAN SHORT STORY |
Fanfiction" සොකරී එන්නි සබයෙන් අවසර ගන්නී... නැටුම් නටන්නී තාලෙට රාග තියන්නී..." " මම උඹට හරි ආදරෙයි දේව්......." "ඉතින් එහෙනම් ඇයි මේ ඇස් වල කදුලු.......ම්ම්.."