• කන්ද උඩරට •

93 18 12
                                    

"බතට කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්ට බැරි අලගල්ලෙ කන්ද
හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකදු තුනට නායක සමනල කන්ද.................."

සමනල කන්දට ටික දොහකට සමු දුන්න අපි කඩුගන්නාව කන්ද නැගලා සෙංකඩගල නුවරට ආයුබෝවන් කිව්වා......තාම ඉර මුදුන් වෙන්ඩවත් හිතලා නැති කොට හතර වටින්ම මීදුම ගලලා තිබ්බා....ගුරුන්නාන්සෙ මාමා අයෝද්‍ය ඇතුළුව අනෙකුත් යකැදුරන්ද කොල්ලො කුරුට්ටො දෙතුන් දෙනෙක්ද ඇරුණම බලෙන්ම ගැලට රිංග ගත්ත එකියකුත් උන්නා.....හා හා පුරා කියලා සුබ මොහොතින් යන ගමනක් නිසා ඉවසුවා මිසක්ක වෙන වෙලාවක නම් ඕකිට හොදවයින් දෙකක් කියලා.....

ගුරුන්නාන්සෙ ගෙ එකම දෝණියන්දා වුණ භාග්‍යවී පරාල ඇණයක් වුනේ අද ඊයක නෙමෙයි....ඒකිට ගිහින් තියෙන්නෙ තනිකරම ඒකිගෙ මහා එකීගෙ ගති.....ඒ අතින් ගුරා මාමණ්ඩිට නම් මල් තියලා වැන්දත් පව් නෑ......

උඩරටින් මැණිකෙ කෙනෙක් ගේන්ඩ වත්ද උඹ අහස පොළව ගැට ගහන් කල්පනා කොරන්නෙ අයියණ්ඩි........

ඔව් ඔව්.....මට දැන් ඒක විතරනෙ අඩුවකට තියෙන්නෙ අයෝද්‍ය....

හහ්...මැණිකෙ කෙසේ වෙතත් උඹට අපේ ගුරා මාමාගෙ කෙලී  භාග්‍යවී එක්ක නම් ලේසි නෑ පුතෝ...දැක්කනෙ බයක් හැකක් නැතිව ගෑණු පරානයක් වත් නැති මේ ගමනට ආව එවිල්ල.......කවුරු නිසාද....උඹ නිසා...මොකෝ තමන්ගෙ අර වයසක අප්පොච්චට සාත්තු කොරන්ඩ කියලද....

භාග්‍යවී නෙමෙයි අයෝද්‍ය .....ඒකි බහිරවී.....කොහොමත් මේ වැඩ රාජ කාරි අහවරක් කොරලා මම ගුරා මාමා එක්ක ඒක ගැන කතා කරනවා...

අහ්..ඒ කියන්නෙ උඹ ඒකිව කරකාර ගන්නවද ...

තොට අමුකැවිලද අයෝද්‍ය.....වැඩක් ඇති දෙයක් කටින් කියාපන්...වචන අපරාදෙ....

හරි හරි....අහ් මුගෙ ඝණ කම බලහන්කො....අයියණ්ඩි උනාට මොකද උඹෙත් අලි ඔලුව වෙලාවකට....හහ්...

ගස්සගෙන ගියාට කාරි නෑ ඔය ගොන්නු ටික ලිහාලා උන්ට පුන්නක්කු ටිකක් ලංකරාපන්....

.
.
.
.
.
.
.
.
.
.
ජහ්......ජහ්......හෝව්...හෝව්...හෝව්....පුතා....බුදු සරණනින්.....හෙමිහිට....... ඇදපා...ල්..ලා......

සොකරි | YIZHAN SHORT STORY | Where stories live. Discover now