පනස් වන දිගහැරැම.

Start from the beginning
                                    

නාගෙන ඇදුමක් දාගත්ත මම පහලට බැස්ස. .......


" මල්ලී. ...... මොකද ගාඩ්න් එකට වෙලා තනියම. ..... "


"මොකවත් නැහැ අක්කෙ. ....*


"හරි හරි අද මගේ නිවාඩු දවසනේ..... එනවද ටිකක් දවල් වෙලා ගමනක් යන්න. ...."

."කොහෙද. ....... අක්කෙ. ..."

" මමීයි මායි ෂොපින් යනව..... ඔයත් එනවද.....


."ෂොපින් යන්න. ... . "

" ඇයි මොකද හිනාවෙන්නෙ....

" නෑ . . .... ඔයාල එක ෂොපින් කරන්න ගිහින් ඩිනර් එකට තමා ආයෙම ගෙදර එන්න වෙන්නෙ..... "


" හරි හරි ඉතින් මායි මමීයි යනව ...එන්න එපා . ...."

...

..............

............


" අපි ගිහින් එන්නම් පුතා..... පරිස්සමට ගෙදර ඉන්න ඕන හොදද...... අම්ම දවල්ට ලන්ච් එක රෙඩි කරල තියෙන්නෙ ..... "

.
" හරි අම්මා. ..... "


" මගෙ මැණිකට බුදු සරණයි. ..... "


මම දණගහල වැන්ද. ....... ඇත්තටම මගෙ අම්ම නොවුන උනත් මව් සෙනෙහස කියන දේ දැන් මන් ඉස්සරහ උන්න ගැහැණියගෙන් උපරිමයෙන් මම වින්දා. . .. මේතාක් වින්ද.......... කොටින්ම මේ දැනුත් ඒ ඇස් වල ආදරේ උතුරනව ........ .

ඈතට නොපෙනී යන්න ගිය වාහනේ දිහා පොඩි එකෙක් ගානට බලන් උන්න මම ආයෙමත් ඇතුලට ආව. .... ......


මද්දහනට කිට්ටු නිසාමදෝ මන්ද උදේ පින්නට හරි උජාරුවෙන් උන්න තණකොල ගස් ටික මැලවිල ගිහින් තිබුන වෙනකොට මම පයට පෑගිල නැමිල හැකිලල තිබුන තණකොල ගස් දිහා බැලුව. ........ උනුත් මගෙ බර කරගහගෙන .... පෙලට හිටවල තිබුන ඉක්සෝර ගස් යාය මැද්දෙන් සමනලයෙක් දෙන්නෙක් එහාට මෙහාට වෙද්දී මම අරලිය මලක බර උහුලන් උන්න ඉක්සෝර මල් කිනිත්තට ලන් උනා. ....... ..... අරලිය මලත් ගහෙන් නික්මිල ......... මල්වලටත් උනේ සුවද බෙදල නික්මිල යන්න ඒත් මලක අවසානෙ ගහට ගෙඩියක් හරි ඉතිරි උනා. .......

...
සාක්කුවෙ තිබුන පෝන් එකේ සද්දෙ අරලිය මල දිහා බලන් උන්න මගෙ කල්පනාව බින්ද.....

The white  lotus   ( Complete )Where stories live. Discover now