21st bite 💋

245 30 4
                                    

පෙර කොටසින්...

ඉතින් මෙය අවසානය නොවේ..අලුත් ආරම්භයකි..කිසිදා නොදුටු නිර්භීත වෘක නායකයෙකුගෙ නැගිටීමකි...තම ලූනා වෙනුවෙන් සටන් කිරීමට සූදානම් වන උත්තරීතර ආත්මයකි..ඔහුට ඔහුගෙ අතුරුදන් වූ මේට් නැතහොත් ලූනා හමුවෙයිද ? ඔවුන්ගෙ දෛවය කෙසේ
ලියැවෙයි ද...?
..................................................................................

තෙමසක්.ඔව් දැන් හරියටම මාස තුනක්..‍..ඔවුන් ඔවුන්ගෙන් වෙන් වෙලා අදට මාස තුනක්..‍.වෙන් වෙලා නැත..වෙන් කරලා..හීලෑ වී නගරයට හුරු වූ කිසිම වෘකයෙක් දැන් නගරයේ නැති තරම්‍ ය..කොටින් ම කිව්වොත් යිබෝ චෙන් බින් මෙන්ම ෂූයා ටාඕ කුවාන් යැන්ග් වැනි අනෙකුත් පැක් වල අයද නගරය අත හැරියේය...university පැත්තෙවත් ගියෙ නැත.ෂූයෑන්ගෙ Night shade pack එකෙන් පටන් ගත් ගින්න යීබෝ තවමත් අවසන් කොට නැත.වෘකයෝ පමණක් නොව කිසිම බලවේගයකට යීබෝව නවතාලිය නොහැකි විය..නිසොල්මන්ව පැවති කදුකරය ගිනි ජාලාවක් වන්නට ගියේ ස්වල්ප මොහොතකි..ඇත්තෙන්ම එය යිබෝගෙ හිතෙ ඇවිලෙන ගින්න සමග බැලුව කල නිකන්ම නිකන් ගිණි ගොඩක් පමණි..නමුත් චාන් නොමැතිව තුන් මසක් ගෙවුනු කලිහි යිබෝගෙ හිතෙ ඇති වී තිබෙන ගින්න නිවාලිය හැක්කේද චාන්ටම පමණි..

යිබෝ ඔහුගෙ වදකාගාරය වෙතට ඇවිද ගියේය..ඔහු සිටියේ කාල වර්ණ දිග කලිසමක් පමණක් ඇදගෙනය....දකුණු අතෙහි කසයක් ද විය..ඔහුගෙ වම් උරහිසේ සිට තරමක් පහළට වන්නට ඇදේට ගිය කැපුම් පාරකි..ඔහුගෙ ශරීරය පුරාම කුඩා කුඩා කැපුම් පාරවල් ය.ඔහුගේ දෑස් බලන්නට බැරි තරම් බිහිසුණු ය.ඒවා ගිණි ගන්නාක් මෙනි.කොණ්ඩය තරමක් වැවී ඇති හෙයින් එය එක් කොට ගැට ගසා තිබුණත් අකීකරු කෙහෙරැලි කීපයක්ම ඔහුගෙ උරහිස දක්වා නිදහසෙ සැරිසැරූහ..

කොණ්ඩය තරමක් වැවී ඇති හෙයින් එය එක් කොට ගැට ගසා තිබුණත් අකීකරු කෙහෙරැලි කීපයක්ම ඔහුගෙ උරහිස දක්වා නිදහසෙ සැරිසැරූහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Jul 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

💋 Bite me 💋 | YIZHAN FAN FICTION |Where stories live. Discover now