20th bite 💋

110 24 3
                                    

පෙර කොටසින්..

ඒත්......ඒ හිටියෙ මගෙ බෝ බෝ නෙමෙයි..මගෙ ජීවිතේ වසන්තය තිබ්බෙ ටික කාලයයි...චෙරි මලක් වගෙ හුළගට අහුවුණ මාව හරියට පිපෙන්නත් කලින් බිමට ඇදන් වැටුණා...ගහක් නැතිව මලකට පිපෙන්න බෑ..මගෙ බෝ බෝ මාව මහා වෘක්ෂයක් වගෙ පරිස්සම් කරා...ඒත් අපිට කාගෙ හරි ඇස් වහක් වැදුණා...හරියටම හුළග ඇවිත් චෙරි මලයි ගසයි වෙන් කරා වගේ...

...................................................................................
Xiao Zhan P.O.V

අදුරුයි...!! ඉර පායනවදත් කියලා සැක හිතෙන තරමට අන්ධකාරයි...මූසල හුළගෙන් එන්නෙත් මිණී කටු පොඩි වෙච්ච අළු ගදක් වෙද්දි ගහ කොළ වෙනුවට තිබ්බෙම පදුරු..ඒවත් කළු පැහැ ගැන්විලා..ජීවයක් නැති දිගැටි කොළ හුළං වලට හමා යන්නෙ මළවුන්ගෙ දිරා ගිය වැරහැලි වගෙ...උන් මාව කොහෙට අත ඇරියද කියන්න මම දන්නෙ නෑ..මේක තනිකරම ජීවයක් නැති පොළවක් වගෙ..රෑද උදේද නැත්තන් මේ පොළවට ඉර එළියක් වැටෙන්නෙ නැද්ද කියලා හිතෙන තරමට අදුරුයි..

"සලාං....සලා...ං...." දම්වැල් සද්දයක්...
මම උන්නු දූවිලි පොළවෙන් නැගිටලා දම්වැල් සද්දෙ එන පැත්තට යන්න හිට ගත්තා..ඒත් උන් මගෙ අත් වලටත් දම්වැල් දාලා ගැට ගහලා..මුන් කවුද ? ඇයි මෙහෙම කරන්නෙ..මගෙ බෝ බෝ එයා දැන් මාව හොයනවා ඇති..අනේ.....මම මගෙ පපුව අත් වලින් මිරික ගත්තා..බෝ බෝ ගැන මතක් වෙන්න දෙයක් නෑ..හුස්ම වැටෙන වාරයක් ගානෙ මගෙ ඔලුවට එන්නෙම බෝ බෝ...මගෙ පපුව ඇදුම් කන්න ගත්තා..ඔව් එයා දුකෙන්..ඒ වගේම කේන්තියෙන් මට ඒක දැනෙනවා..

අත් වලට දාපු දම්වැල් මටත් වඩා බර වැඩී..මැණික් කටුව ගාවින් වේදනා දුන්නත් හාත්පසින් ම අදුරු භූමිය තුළ මන් ටිකක් එහාට මෙහාට ඇවිද්දා...ආයෙම දම්වැල් සද්දයක් ලගින් ම ඇසුනා...

"කවුද ඔතන......." මම අදුරේම කතා කළත් එතන කිසිදු ප්‍රතිචාරයක් නොවීය...

හෝරා කීපයක් ගෙවෙන්නට ඇති...මම තනිකරම අතීතයත් වර්තමානත් අතර හිර වී සිටින්නාක් මෙනි..වෙලාව යනවද කුමක් සිදු වෙනවාද මා නොදනී..ඊටත් ශරීරයෙන් දැනෙන තෙහෙට්ටුව කියා නිම කල නොහැකි ය...විටෙන් විට දාඩිය දමමින් ඇග පණ නැති වන්නක් මෙන් දැනෙයි..ඒ කුසගින්න නිසාද වෙනත් රෝගයක් නිසාද කියා සිතනවාට වඩා මෙතනින් කෙලෙසක හෝ පැන ගැනීම මාගෙ එකම අරමුණ යි...

💋 Bite me 💋 | YIZHAN FAN FICTION |Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα