එතරක් නොපෙනෙන ගැඹුරු මුහුදේ මුහුදු රල කපාගෙන ඉදිරියට ඇඳෙන අති සුඛෝපභෝගි යාත්‍රාවේ සිට සිදු වූ දෙය තවමත් තේරුම් ගත නොහැකිව තරුණයා බලන් හිටියේ තමන්ගේ වට කුරු ඇස් පුදුමය නිසාම බෝල වෙද්දී.
නැවේ බඳේ කොටසට තමා දෙපා වාරු කරගෙන ඈතින් පෙනෙන මුහුද දෙස බලා සිටි ඔහු තම අත් දෙපසට දිග හරිමින් මුහුදු සුලං තම ඇඟ හරහා කපාගෙන යෑමට ඉඩ දුන්නා.
මොන තරම් සැනසීමක්ද?
ඔව් ඇත්තෙන්ම ඔහුට එය සැනසීමක්.ජිවීතේ කිසිදා නොලැබුන සැනසීමක්.ඔහුගේ පීඩාකාරී උන ජීවීතේ ඔහු ලබපු ලොකුම සැනසීමක්.
කොහොම විශ්වාස කරන්නද මේක
මෙච්චර දවස් හැමෝගෙම වහලෙක් වේලා හැමොගෙන්ම ගැරහුමට ලක් වෙමින් එදා දවසේ කෑමක්වත් හොයාගන්න බැරි උන ඔහු දැන් තවමත් මුහුදේ යාත්‍රා වෙන අති සුඛෝපභෝගි යාත්‍රාවේ සිට සුසුම් හෙලෙනවායන්නේ කොහොදෙ මොකටද යන්නේ කවුරු හම්බෙන්නද යන්නේ කියලවත් දැනන් නොහිටි ඔහු දැන්වත් ඔහුට උත්තරයක් ලැබෙයි යන බලාපොරොත්තුවෙන් පිටිපස්ස හැරුනේ මෙතෙක් වේලා බඳ කොටසට වාරු කොටගෙන සිටි තම දෙපා නැවතත් යථා තත්ත්වයට ගනිමින්.
"ම්..මෙ..මහත්තය දැන්වත් මට දැනගන්න පුළුවන් ද මන් කොහෙද යන්නේ කියලා"
තමන්ට ඇහුන හුරතල් නමුත් ඒ හීනී කටහඬට තමන් මෙතරම් වේලාවක් කර කර හිටපු වැඩේ නතර කලේ ඒ ප්‍රශ්නයට ප්‍රති උත්තර සැපයීම වෙනුවන්.
තම බෙල්ල ඒ දෙසට යොමු කල සැනින් එම පුද්ගලයාගේ මුවේ කලාතුරකින් නැඟෙන සිනාවක් නැඟුනේ තවමත් අත් එකට පටලන් ඒ වටකුරු ඇස් වලින් තමන් දිහා බලන් ඉන්න ඒ සුන්දර රූපය නිසා.
"ඔයා එයා වගේමයි ජන්කූ.එයා ඔයාව දැක්කම ගොඩක් සතුටු වෙයි.ටිකක් ඉවසන්න තව හෝරාවකින් ඔයාට දැනගන්න පුළුවන් ඔයා කොහෙටද යන්නේ කියලා"
මුහුදු සුළං නිසා තවත් එහෙමෙහෙ යන ඒ හුරතල් තරුණයාගේ උරහිසින් පහලට වැඩුනු ඒ කෙහෙරැලි වලින් කන අසලම තිබ්බ කෙහෙරැල්ල කන පිටු පසින් රඳවමින් ඔහු කිවුවේ ඒ හුරතල් කොල්ලා තාමත් බෝල වෙච්චි ඇස් වලින් ඒ පුද්ගලයා දිහා බලන් ඉද්දිමයි.
CITEȘTI
𝐌𝐲 𝐃𝐚𝐟𝐟𝐨𝐝𝐢𝐥 || 𝐓𝐊
Fanfiction1888 සමයේ සමලිංගිකයන් දැඩි සේ හෙලා දමන යුගයක ආලයෙන් වෙලුන ඔවුන්ගේ කතාව කෙසේ නම් අවසාන වෙයිද¡¡¿¿