හතලිස් පස්වන දිගහැරැම. .

Start from the beginning
                                    

" දෙව්........."

......... මට ආයෙමත් ඒ කටහඩ ඇහුන. .... ඉකියකුත් එක්කම.. දෙයියනේ උඹට මාව මතකයි....

" දෙව් .... උඹ හොදින් නේද. ... කොහෙද ඉන්නෙ මැණික. .. . .... අනෙ පින්..... "

"රෝන් නම්බර් ........ .........."

මම කට් කරා...අවුරුදු ගානක ඉදන් අහන්න බලන් උන්න ඒ වචන එක දිගට මට ඇහෙද්දී මට දරන්න බැරි තැන වැරදි අංකයක් කියපු මම පෝන් කැඩිල බිදිල යන්න පොලොවෙ ගැහුව ..... ඒ වචන ඇත්තටම මගෙ කටින්ම ද පිටවුනේ කියල හිතුන .... ඔව් දැන් මට ඒක වැරදි නම්බර් එකක් ..... ..... උඹයි මමයි ගොඩක් පරක්කු වැඩියි. .. ..... රත්තරනෙ. ... දැන් මට උඹට දෙන්න තියන එකම තැන සහෝදරකම විතරයි. .....

.....
ඒත් මට බෑ....." අ.... අයි.ය...". .... මට බෑ.
...... කටක් ඇරල උඹට විෂේන් කියාගන්න බැරි උන මම කොහොමද අයිය කියන්නෙ දෙයියනේ. .... උඹට මතකෙ ඇවිත්... ඇයි උඹට දැන්ම මතකෙ ආවෙ...... උඹයි මමයි හුගාක් පරක්කු වැඩි වෙලා..... මගෙ ඇගේ දුවන්නෙත් උඹගෙ ඇගේ දුවන ලේමයි
.... අම්මල දෙන්නෙක් උනත් උඹටයි මටයි ඉන්නෙ එකම අප්පච්චි කෙනෙක් .... . ... තාමත් මගෙ හිත පිරිගන්න අකමැති  තිත්ත ඇත්ත ඒක නෙවෙයි ද...... 

"මහත්තයා. ..... මහත්තයා. .... "

මන් එහෙමම සීට් එකට ඔලුව ගහන් විනාඩි ගානක් යන්න ඇති. .....
කව්රැහරි වහල තිබුනු ෂටර් එකට තට්ටු කරා වගේම කතා කරන සද්දෙ මට ඇහුන වෙනකොට මම ඔලුව ඉස්සුව
.....මම ෂටර් එක ඇරල දැම්ම. ... ..

"මහත්තයා. ... මහත්තයා හොදින් නේද. .... හොස්පිටල් එක්කන් යන්න ද....."

....."මම හොදින්. .... පොඩ්ඩක් නලල තුවාල වෙලා.... ලොකු තුවාලයක් නෑ... ඇහුවට බොහොම ස්තුතියි ....."

"ඕක මොකද්ද මහත්තයෝ ..... මහත්තයාට කතා කරා කරා... සද්දයක් නැති නිසා ..... මම බය උනා .....මහත්තයාට අමාරැනම් කියන්න මම ...... "

"ඕන නෑ. ... "

ජීවිතේ පලවෙනි වතාවට දැක්ක ඒ මනුස්සයා මන් ගැන හොයල බැලුව වෙනකොට අන්තිමේට මම හොදින් කියල දැනගත්ත මනුස්සයා යන්න ගියා .... ඒ දිහා බලන් උන්න මම  වාහනේ රිවස් ගත්තා  ගෙදර යන්න  බලාන. ..... .... ... මම එන්න හැරැණ. .....ඒත් එක තත්පරයකට හිතුන ........   මේ ගමනෙ අවසානෙ වික්‍රමසිංහ  වලව්ව ඉස්සරහින් නවතිනවනම්.... එකම එක  සැරයක්  මගෙ අම්මව අඩුම ගානෙ මතකද කියලවත්  ඒ මිනිහගෙ මූණ දිහා බලන් අහන්න  තිබුනනම් කියල හිතුන. .... .....  ඒත් ඒ  අද නෙවේ.... කවදම හරි  දවසක  මගෙ ප්‍රශ්නවලට  අකුරක් අඩුනැතුව උත්තර බදින්න  උඹට සිද්ධ වේවි  ලොකු හාමු. ...  .....  .... මම එන්න ආව..... ඒ මෙච්චර කල් ඇතුලතින් හරි ජීවත් කෙරැව දෙව්රම්වත් මරාගෙනම.....



The white  lotus   ( Complete )Where stories live. Discover now