පලමු දිගහැරුම🍂

62 6 0
                                    

"ඊලග පීරියඩ් එක මොකක්ද සනා,ඉක්මනට කියහම්කො"

"අයියෝ බන් ගණන් තියෙන්නෙ!මොකෝ කරන්නෙ පනිමුද?"

"පනිමු! ගණන් කාරයා බෑග් දෙක ඔෆිස් එකෙන් තියයිද දන්නෙ නෑ බන්"

"හරි බෑග් දෙකත් අරන් පනිමු!"

"උබලා දෙන්නට තනියම ඔය වැඩේ කරන්න බෑ..මගේ සහයෝගය ඕන වෙනවා බන්"

"ශිබීයා........උබත් එනෝද ගනන් පීරියඩ් එක කට් කරන්න."

"ඔයා කියනවනම් අපායට උනත් එනෝ බන් යමන් යමන්."

කියලා අපි තුන්දෙනාම පන්තියේ ජනේලෙන් බෑග් තුන එලියට දාලා අපි තුන්දෙනත් ජනේලෙන් පැන්නා.

සනා:බොහොම ලස්සන හැඩකාර කටකාර ගැහැනු ලමයෙක් වගේම මගේ හොදම යාලුවා.
ශිබී:ඉස්කෝලෙ ජඩ වැඩ හැම එකකින්ම වගේ ප්‍රසිද්ද ඉස්කෝලෙ නමක් තියලා තියන ලස්සන දගකාර පිරිමි ලමයෙක්,ඒ වගේම මගෙ අනිත් හොදම යාලුවා.
ඒ වගේම මේ සනා ශිබී අතර පෙම් සබඳතාවයකුත් තියනවා!
එතකොට මම තරූ!
මගේ නම් කියන්න තරම් විශේෂත්වයක් නෑ.කොහොම හරි මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මන් නරක් උනේ මුන් දෙන්නා නිසා!

තුන් දෙනා පැනපු ගමන් කෙලින්ම ගියේ.ඉස්කෝලෙ තිබ්බ Girls toilete පිටිපස්සට ගිහිල්ලා අපි අපේ බෑග් එතන හැංගුවා.මොකද කවුරු හරි දැක්කොත් අපි ඉස්කෝලෙ වෙලාවෙ බෑග් අතේ තියන් ඉන්නවා කියලා කට්ටිය හිතන්නෙ ඉස්කෝලෙන් පයින්න හදන්නෙ කියලා ඉස්කෝලෙන් පයින්න නම් අපිට කිසිම වුවමනාවක් නෑ අපිට ඕනි උනේ පීරියඩ් එක කට් කරන්න විතරයි.

අපි තුන් දෙනා ඉතිම් පීරියඩ් එක ඉවර වෙනක්ම්ම වගේ ඔහේ ඇවිද ඇවිද හිටියා.
වෙනදට නම් කැන්ටින් එකට ගියත් අද තුන්දෙනාගෙම අතේ රුපියලක් වත් නැතිවීම ඉතාමත් සෝචනීය කරුනක්!

අපි ඉතින් කාටවත් සැක නොහිතෙන විදිහට පීරියඩ් එක ඉවර වෙන්නත් ලග නිසා ආයෙත් පන්ති පැත්තට ගියා.

"පන්තියෙ චීත්ත ටික දැනටමත් ගිනි තියලද දන්නෑ"
සනා කිව්වෙ ටොයිලට් එක පිටිපස්සෙ පදුර අස්සෙ දාල තිබ්බ බෑග් එක ගන්න ගමන්.

SUMMER🍂Where stories live. Discover now