හතලිස් හතරවන දිගහැරැම

Start from the beginning
                                    

" මහත්තයාල ඔහොම ඉන්න ... මම අම්මව එක්ක එන්නම්. ....."

මන් වාඩිඋනා. ...එතනම තිබුන වේවැල් පුටුවෙ වාඩි උන මම බලන් උන්න. ... ඒ ගෑනු කෙනා යන්න ගියා වගේම විනාඩිය ගානකට පස්සෙ ආයෙම අපි ඉන්න තැනට ආව... ඒ වීල්චෙයා එකඋඩ උන්න ගෑනු කෙනෙකුත් එක්කම. ... . ඒ කලු ගැහිල ගිය ඇස් ... යාන්තමට අතරින් පතර පෙනුන කලු කෙස් ..... නහර පෑදුන මූණ....මේ හැමදේම වයසටත් වඩා වැඩි වයසක් ඒ ගෑනු කෙනාට එකතු කරල තිබුන. ..... පියල්ගෙ මූණෙ එහාට මෙහාට උන කලු ගැහිල තිබුන ඒ ඇස් ඊලග තත්පරේම අහුමුල්ලක් නෑරම මගෙ මූණෙ එහාට මෙහාට උනා වගේම මටත් කලින්ම පියල් කට ඇරිය...

"නෝනෙ...නෝනගෙ නම එම්
එස් සිරියලතා කරුණාරත්න නේද.... නෝන මීට අවුරුදු විසිතුනකට හතරකට විතර උඩදි වික්‍රමසිංහ වලව්වෙ වැඩට හිටිය එහෙමනෙ.... "

මන් බලාන පියල්ගෙ වචනයක් වචනයක් ගානෙ ඒ මූණ වෙනස්උනා. .. කොටින්ම කලබල වෙලා ගියා. .... එක අතකට ඒ මනුස්සයා වලව්වෙ නම කිව්වත් බයවෙන එක සාධාරණයි. . වලව්වෙ උන් කරේම මිනිස්සුන්ව යටත් කරල තියාගත්ත එක
..... ...

"මම සිරියලතා නම් ත..මයි...මහත්තයා .. ඒ ... උනාට. .. ඔය කියන..... වලව්වක .. මම වැඩ කරලා නෑ ..... "

" බොරැකියන්න එපා නෝන.... බොරැකියල මෙතන පොලිස් පොතේ නම ලියාගන්න වැඩ සිද්ධ කර ගන්න එපා... "

ඒ ගෑනුමනුස්සයාගෙ වචන පැටලෙන තරමටම කියන්නේ බොරැවක් කියල තේරැන උනත් මොකුත් නොකිය උන්න මම බලන් උන්න වෙනකොට පියල් කෑ ගැහුවා.... කොටින්ම මගෙ තුන් හිතකවත් නොවිච්ච විදියට පොලිසියත් ගාව ගත්ත .. .

"පියල්. ..... නවත්තන්න. .... ප්ලීස් ටිකක් එලියෙන් ඉන්නවද .... "

පියල් යන්න ගියා වෙනකොට මම රෝද පුටුව ලගට පාත් වෙලා ඒ අත් දෙක අල්ල ගත්තා. .....

"මට ඕන නෑ ඔයාලට කරදරයක් කරන්න. ... ඒත් පින් සිද්ධ වෙයි මට ඇත්ත කියන්න. .... මට කියන්න. ... සුරේනි රත්නා කුමාරි... කියන කෙනාව ඔයා දන්නවද..... මට බොරැ කරන්න එපා .... මට මගෙ අම්ම ගැන දැනගන්න අයිතියක් නැද්ද ....
"
......

.. "අම්ම ..... "

"ඔව් මගෙ අම්ම ...... සුරේනි රත්නා කුමාරි කියන්නෙ මගෙ අම්ම. ...."

The white  lotus   ( Complete )Where stories live. Discover now