The Promise Of Love❤️💚

Start from the beginning
                                    

අතීතය 🥀
Zhan pov






මං කුස්සියේ ඉදල ආවෙ බටු ඇටයගෙ අතත් තදට අල්ල ගෙනමයි..බැ නොවැ මට ඒකාව යවන්ට ..එක්කො මං පනිනව ගෙදරින් බටු ඇටේව ඇරන් කොයිහරි යන්ට ..



කොච්චර ළඟ හිටියත් ඇයි දෙයියනේ මට මදි..






' මං හොද ට හොදයි නරකට ඊටත් වඩා නරකයි..අපෙ අප්පච්චි වගෙ නෙවෙයි කියලත් මතක තියාගෙන ඉන්න "

                 "මං මොටෝ...ඔය  අප්ප පුතාලා ගැන නොදන්නෙහ්........ උන්දැ ඒ.. කාලෙත් නටපුවා..යි මේ මහත්තයත් මේ කාලේ නටන්ට කොරන හැටිත්.. මං දන්නවා ...,
                    'කාරි නැ ...මහත්තයා කරගන්ට ආපු වැඩේ කොරගෙන ගියා නං තමා හොද ...."

                     "නොගියොත්....

                     " නොගියොත් ඉතිං මටත් කියන්ට තියෙන්නේ ..හොද ක් නං නෙවේ. ඕං! අහල ඇතිනෙව මරුගුණේ ගැන ..වයසට ගියා කියලා නෑ නෙව තාම ඇගේ හයිය හක්තිය  තියෙනවා ...

                        " ..කෝකත් එකයි  වලපයයි ගොඩපයයි තියාගෙන කියවන්නැතිව  ..පන්සල ට ගිහිල්ලා සීලයක් හරි සමාදං වෙනවා මනුස්සයෝ..කරපු පව් ගෙවිල යන්න "

                           "හේහ්හැහ්කැහ්..කැහ්.. හේනං...  ඒකට හොදම මං නං නෙවෙ මහත්තයෝ ..මහත්තයා ගේ අප්පා තමයි සුදුසු ම පුද්ගලයා ...අහල ඇති නෙ කතාව ක් ..සුදුස්සා..ට   සුදුසු  තැන දෙන්ට ඕනයි කියාලා ,......."

                     " එහෙම ද හිතන් ඉන්නේ ...........



අප්පච්චි යි වගීශයි මොහොකටදෝ මන්ද සැරට ඇවිළිලා තියෙද්දි දෙන්නගෙ කතාව තවත් අහගෙන ඉන්ට බැරි තැන මං බෝසර ත් අල්ලං ඉස්තෝප්පුවට ආවා.ඒ ගමන්ම ඒ කතාවත් නැවතුණා. මක්කයි ඒ කතා උනේ..වගීශ යි අප්පච්චි යි වලියක් ද



" සදිව් ... කාරෙකට එනවා" කියාගෙන වගීශ යද්දි පොත් බෑගය ඇරන් මගෙ බටු ඇටේ යාංතං හිනාවක් දීගෙන මිදුලට බැස්සා.


" හිච්චොං අයියා ....
           ඔයා එනවද.."


කාරෙකට නගින්ට ගිහිල්ලත් නොනැග මං එනවද කියලා මගෙ බටු ඇටෙ අහද්දී වගීශ හෝන් එක උඩ නැගගෙන හිටියේ  හදිසි පෙන්නන්ට වගේ. අනෙ උගෙ හදිසිය පකයා!


The Promise Of Love❤️💚(On Hold)Where stories live. Discover now