"" අම්මා...""

"" හරි හරි ඒවා වැඩක් නැ..පාර තොටේ යද්දි පරිස්සමෙන් පුතේ ... අනික දුකින් ඉන්න එපා මොකක් හරි දෙයක් තියෙනවා නම් මෙ අම්මට කියන්න එහෙමත් බැරිනම් ඕනිම තැන්වලදි හිත හයිය කරගන්න පුතේ ලාමක වෙන්න එපා ඔයා දැන් තනි තීරන ගන්න පුලුවන් ලොකු දරුවෙක්... මොන දේ කලත් පරිස්සමෙන් .... කව්රු නැතත් ඔයා ලගින් ඔයාගේ අම්මා ඉන්නවා චුටි.....'''

""" මන් ඒක දන්නවා අම්මා.. ඒකනේ මන් මෙච්චර ආදරේ මගෙ මැනිකට... පරිස්සමෙන් ඉන්න අම්මා.. මන් තියනවා වැඩට යන්න පරක්කු වෙනවා.. බුදුසරනයි ...""

විනාඩිගානක කතාවකට පස්සේ එයා කොල් එක කට් කරද්දී මන් එහෙමම ඇදට වැටුනා..

අම්මලා එහෙමයි දරුවෝ ඉන්නේ සතුටින්ද දුකින්ද කියලා එයාලට අමුතුවෙන් කියන්න ඕනි නැ..එක වචනයක් ඇති එයාලට ඒක දැනෙන්න..  මගෙ අම්මත් එ වගේ එයාට මන් හැරෙද්දිම කියන්න පුලුවන් මන් ඉන්නේ හොදින්ද නරකින්ද කියලා .. හිතෙ තියෙන දුක නොකිව්වත් එයාගේ එ වචන මට ලොකු හයියක් වගේ දැනුනා...

..........................

"" සයාශ් .. ඔයාට සර්ගේ කැබින් එකට එන්න කිව්ව......""

"" අහ්හ්..හරි ගයෙශා මන් යන්නම්...""

උදේ ඉදලාම අහඩ උසට ගොඩ ගැහුන ෆයිල් කන්දකට යටවෙලා වගෙ හිටිය මට හුස්ම ගන්න පවා අමතක උනා..ඇයි දෙයියනේ ඒ තරම් ෆයිල් ගොඩක් මේල් ගොඩාක් ... මොන පිස්සු ප##ද මන්දා මෙච්චර ගොඩාක් මටම චෙක් කරන්න එව්වේ....

බල බල හිටිය ෆයිල් එකත් වහල දලා මන් ගියේ බොසාගෙ කැබින් එකට..

" ex sir...මන් එන්නද......"""

"'අහ්හ්. එන්න සයාශ් ... ටෙක් අ සිට් ප්ලීස් ...""

මොනා උනත් උ හොද මනුස්සයා ... අනුශ්ගේ වයසෙම වෙන්න ඇති එයත් ඒත් එ බූරූ අලියා තරම් ලස්සන නැ...
මන් එයාට හිනාවකින් සන්ග්‍රහා කරලා විසිටර කෙනෙක් ආවම ඉදගන්න තියෙන පුටුව ටිකක් පස්සට ඇදලා ඉදගද්දි මහෙශ් කාරයාගෙ ඇස් මගෙ දිහාවටම යොමුවෙලා  කියලා මට දැනුනා....

""සර් මට කතා කලාද ....??'"

මන් අහද්දි ...

"" අම්...මේ..හ්ම් ඔව් සයාශ් .. අද හවස මට කලයන්ට් කෙනෙක්ව මීට් වෙන්න තියෙනවා අපේ අලුත් ටෙන්ඩර් එක ගැන කතා කරගන්න.. ඉතින් ඔයාට පුලුවන්ද මාත් එක්ක එන්න.. ""

ආයේමත් ආදරෙන්.. ( Complete )Unde poveștirile trăiesc. Descoperă acum