තිස් නවවන දිගහැරැම

Start from the beginning
                                    

"මල්ලී ...... මොකෝ මේ තනියම මහ රෑ බැල්කනි එකට වෙලා
..... ...... ඒකත් වහින වෙලේ... "

" මොකුත් නෑ අක්කෙ ..... හෙටත් මේ වගේ වැස්සොත් trip එක කැන්සල් ද".... "

" ඒකනෙ අයියො කියන්නෙ. ... අපි පුවක් ගහක නැග්ගොත් ඒකෙත් දෙබලක් ...... ඒත් ඉතින් මන් නම් මෙහෙම නෙමේ හෙට ගංවතුර ගැලනව කීවත් යන එක යනවමතමයි . ...."

"ඒකනම් ඇත්ත. ..."

" අන්න එහෙම හිනාවෙලා ඉන්නවකො.... කෙල්ලෙක් හිටියනම් දැන් මෙතන ආය දෙකක් නෑ උස්සන් යනව ..... ඒ තරමට ඔය හිනාව ලස්සනයි මල්ලී. .....හරි දැන් යමු ඇතුලට. ......... "

"තව ටිකකින් එන්නම් ..."

" මෙතනට ආසයිනේද....?"

" හ්ම්ම්ම්. ... මීටවඩා මගෙ කාමරේ බැල්කනි එකට කැමතියි මම . .... හිත නිදහස් කරගන්න ඕන වෙලාවට මම නිතරම මෙතන... "

"දන්නවා. .... හෙට උනත් ඔයාගෙ ඔලුවට ප්‍රශ්න වැලක් නේද.... නන්නාදුනන මිනිසු ගොඩක් මැද්දෙ හැමෝම දන්න අයාන් වෙන්න වෙයි ඔයාට. .... "

" හ්ම්ම්ම් ... ඒක ඇත්ත. ... මිස්ටර් සමරදිවාකර කියන්නෙ කව්ද අක්කෙ. .... මට ඇහුන අප්පච්චි අම්මත් එක්ක දෙතුන් සැරයක්ම කතාකරනව....."

" ඉස්සර අපි ලංකාවට වැකේෂන් එකට ආවම ගොඩක් ආශ්‍රය කරේ සමරදිවාකර ෆැමිලි එක..... සමරදිවාකර අංකල් ලෝයර් කෙනෙක්. ...එතකොට නිලන්ති ආන්ටි ගුරුවරියක්. .... ඒ පවුලට දරැවෝ තුන්දෙනයි....ලොකූ දිවාන් අයිය.....මිනිහ මහ අමුතුයි.. දෙවනි තිවංකා... මම පොඩි කාලෙනම් ස්කූල් බෙස්ට්ෆ්රෙන්ඩ් .... තාමත් කියල ඉතින් ඒ හැටි වෙනසක් නෑ... .... එතකොට අයාන්ගෙ වචනෙන් කියනවනම් එයාගෙ බොක්කෙ ෆිට් එක තමයි සමරදිවාකර ෆැමිලි එකේ බඩ පිස්ස.... තිවාන් .... අනේ මන්දා අයාන්ට කැනඩාවෙ යාලුවො ඕනතරම් ඉන්න ඇති..... ඒ උනාට එයාට වැඩියෙන්ම ෆිට් වෙලා හිටියෙ තිවාන්. .. .... "

"අයාන් නැතිඋනා කියන්න සමරදිවාකර ෆැමිලි එකේ කව්රුත් දන්නැද්ද අක්කෙ. ...."

"එයා දන්නව මල්ලී. ..... ඒත් මන් හිතන්නෑ අයාන් නැතිඋන විත්තිය අංකලුයි ආන්ටියි දන්නව කියල....... ...... අයාන් නැතිවෙද්දී එයාල හිටියෙ U.S වල .. ...... ඒත් අයාන් නැති උනා කියල තිවාන් මල්ලී දැනගත්තෙ ඔයා අපේ ජීවිත වලට ආවටත් පස්සේ.. එයාට මමයි කීවෙ අංකල්ටආන්ටිට වගේම කාටවත් ඒ ගැන කියන්න එපා කියලා ..... එදා මමීගෙ තත්වෙ උඩ එයාව ගොඩගන්නනම් අයාන් හැටියට ඔයාව ජීවත් කරන්න ඕන උනා.... ඊට පස්සේ ඉතින් ඩැඩී නිතර නිතර සමරදිවාකර අංකල් එක්ක කතා කරා එහෙම .... ඒ උනාට අයාන් නැතිඋනාට පස්සෙ තිවාන් මල්ලී ටිකක් ඈත් උනා.. මේ ලගදි තමයි එයාල ආයෙම ලංකාවට ඇවිත් තියෙන්නේ. .....මාසයක්වත් නෑ.... අනිත් ෆැමිලි එක්කනම් අයාන් ඒතරම්ම හිතවත් නෑ මල්ලී........ . මම උනත් එහෙමයි... ... "

The white  lotus   ( Complete )Where stories live. Discover now