" හරි ගගා.... එහෙනම් ආපු ගමං කියන්න ......මං එන්නං........"
" මං නෙවෙයි අපි දෙන්නම ......."
යීබෝට ඔහුගේ කතාව අවසන් කරන්නට අවස්ථාව ලබා නොදෙමින් ශාන් මැදින් පැන්නේ ය..
" යකෝ මූ දැන් වැඩට යන්නේ නැතුව ඔහෙට වෙලාම ඉන්නවද....මහලොකුවට බලෙන්ම discharge කරගත්තේ වැඩට යන්න ඕනේ කියලා නේද..."
ශාන්ගේ කටහඩ ඇසුනු සැනින් කුවාන් සිනාසෙමින් කෑගහද්දී ශාන් යලිත් කෑම,මේසයට වාඩිවුනේය ...
" අපි කන්න ආවා..අනික මං ආවේ විසිට් එකට...."
යීබෝත් සිනාසෙමින් ශාන් අසලින් වාඩිවෙද්දී ශාන් කීවේය ....
" හාකො හාකෝ......ඒ ඩිඩියා මූව ඕනෙවට වඩා හුරතල් කරන්නෙපා හොදේ........අන්ඩ හොදවුනාම තියෙන වැඩ ඔක්කොම කරගන්නවා....."
ඉතින් යීබෝ සිනාසෙන්නේය ....තවත් විනාඩි කිහිපයක් ඔහු සමගින් කතා කර හවස මුණ ගැහෙන්නට තීරණය කර ඇමතුම අවසන් විය...
" ඔයා දන්නවද ටුටුවා..... විසිට් එක අපේ ඔෆිස් එකේ වැඩ කරන චාඕ කාරයා අරගන්න මාර ගේමක් දීලා.... අද මිනිහ මගෙ මූන බලලා හිනා උනේ වත් නෑ.......මට එතන පොඩි සැකයක් තියෙනවා.......මම මේ සද්ද නොකර ටිකක් බලාගෙන ඉන්නේ......"
විහිළු තහළු සියල්ල අමතක කර මුහුණට බැරෑරුම් පෙනුමක් මතුකරගෙන ශාන් කියද්දී යීබෝ ශාන්ගේ බත් එක යලිත් කවලම් කර දුන්නේය...
" ඔෆිස් එක ඇතුලෙ ප්‍රශ්න දාගන්න හදන්න එපා මෝෂි ........අපි මේ ප්‍රශ්න පිටින් විසඳගන්න බලමු....."
ආහාර ගෙන අවසන්ව අසුනෙන් නැඟිටිමින් යීබෝ කීවේය ...
" මට කොහොමත් මිනිහා ගැන සැක හිතලා තිබුනේ ..මං විසිට් එකට එන්න පටන් ගත්ත මුල් කාලෙත් ඕකා අපේ කොල්ල ගැන විස්තර හාර හාර ඇහුව....."
තනි අතින් හෝ භාජන සින්ක් එක අසලට ගෙනගොස් දෙමින් ශාන් කීවේය ...
" වාඩිවෙලා ඉන්නකො මෝෂි ..... අර සැලඩ් එක කන්නකො...."
යීබෝ කෑගසද්දී ශාන් යීබෝගේ තට්ටමක් මිරිකාගෙනම ගොස් සැලඩ් දමා ඇති කප් එක අතට ගෙන වාඩිවුනේය ...
YOU ARE READING
🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️ yizhan / zhanyi ff ( Complete ✔
Fanfictionහිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..
22... තකට තක.... 🐾️
Start from the beginning