තිස් හත්වන දිගහැරැම

Start from the beginning
                                    

"........... ......."

"අයාන් මහත්තයෝ. ...."

" ... අ ...අහන් ඉන්නෙ පියල් මට කියන්න. .... ඔය සමිත් වීරවංශ කියන කෙනාගැන මොනවම හරි තොරතුරක් හම්බඋන්නැද්ද.... "

"එතනනම් මහත්තයා. ... "

"ඇයි මොකද්ද ප්‍රශ්නෙ පියල්..... "

"මේකයි මහත්තයා මට ඔය හොයන්න කීව ගෑනු කෙනා ඉන්නවනෙ සුරේනි.... ... ඒ ගෑනුකෙනා නුවර ඉස්කෝලෙක ටීචර් කෙනෙක්. .... ...... ඒ කාලෙ ඔය වලව්වෙ හිටිය හාමුයි නැවතිල හිටියයි කීව අනිත් පිරිමි දෙන්නයි කියන තුන්ගෙනාගෙන් කා අතින් හරි මහත්තයා කීව නෝනෙ අනාථ වෙලා තියෙනව....පස්සෙන් පහු දරැවෙකුත් ලැබෙන්න ඉදල.... ... ඒත් මහත්තයො මට හරියටම කියන්න බෑ ඒ කව්ද කියලා. ... .... මොකද ඔය කියන සිද්ධියෙන් පස්සේ ඔය සුරේනි කියන ගෑනුකෙනා ගමේ ඉදල නෑ..... කොටින්ම ඒ හම්බවෙන්න ඉන්නවයි කීව දරැවගෙ තාත්තා කව්ද කියල අදටවත් ගමේ මිනිස්සු කව්රුත් දන්නෑ. ....... ..."

ඇත්තටම මට ජීවිතේ පලවෙනි වතාවට කේන්තිගියා.... මගෙම සුදු ආච්චි එක්ක. ..... ඇයි මට මේතරම් ලොකු බොරැවක් කීවෙ. ...... අදටත් මම දන්නෑ ... මගෙ අම්ම ගුරුවරියක් කියල
....... අඩුම තරමේ මම දන්නෑ... මගෙ ඇත්තම තාත්තා කව්ද කියලා. ......එතකොට මගෙ අම්ම ඇක්සිඩන්ට් එකකින් නැතිවුනා කියල ඔයා කීවෙත් බොරැද සුදු ආච්චි. ........ එතකොට අයාන්. ..... අයාන් මං වගේම උනේ කොහොමද. ...... එයාගෙයි මගෙයි උපන්දිනයක් පවා එකයි
...... එතකොට එදා ... එදා ...ඒ තිරිසනා ..පොඩ්ඩෙ මුදලාලිගෙ පුතා විරාජ් ඌ කීවෙ .... මමයි විෂේනුයි කියන්නේ සහෝදරයෝ කියල..... ඒක ඇත්ත නෙවෙයිද. ..... එතකොට සමිත් කියන්නේ කව්ද ...
...... ඒ මගෙම තාත්ත නෙවෙයිනම් ඇයි... ඇයි කොහේවත් ඉන්න මනුස්සයෙක් මගෙ උප්පැන්නෙට නම දුන්නේ...... ඇයි..... මට උත්තර ඕන ..මේ හැම ප්‍රශ්නයකටම උත්තර මට ඕන........

...

මහත්තයා. .... අයාන් මහත්තයා. ... හෙලෝ... අයාන් මහත්තයා. ...

කියන්න පියල්
......

ආ ... මම බැලුව මහත්තයාට ප්‍රශ්නයක් ද කියල. ....


" අවුලක් නෑ පියල් .... එතකොට අනිත් මනුස්සයා කවුද කියන්න පියල් දන්නැද්ද..... .... "

The white  lotus   ( Complete )Where stories live. Discover now