The Promise Of Love❤️💚

Start from the beginning
                                    

විශාල පරාසයකින් යුත් වලව් වත්ත දිහා මට  කීප සැරයක් බැලුනා.වලව් මහත්තයගෙන් පස්සෙ වලව්ව රකින්ට ඕනා  බෝසර ම වෙද්දි ,  හරිනං අනාගතේ දවසක වලව්වේ හාමු විය යුතු බෝසර ව පන්නං යාම කෙසේ වෙතත් වලව්වට කඹුරන මිනිස්සු න් ගේ එදාවේල ද මං නිසා නවතින වැඩක් නෙවෙ ද මං මෙ කරන්නෙ ..බෝසර ට දුරින් ඉඳං ආදරේ නොකර ළඟට ගත්තු නිසා කවදහරි දවසක අපි දෙන්නත් කාලයා ඇවෑමෙන් වෙන් වෙයිද ..අපි වගේ පුංචි මිනිස්සු කොහොමද හද අල්ලන්නෙ..හැබැයි බෝසර ව මට අල්ල ගත්තු තැනින් අතාරින්ට බැරිවුණා. මොටෝ ආදරය කොහොමද නවත්තන්නෙ............ලැබෙන් නැති බව දැන දැනත් ආදරේ තව වැඩිවෙනව මිසක ..අඩු නොවුන කොට.

ඒකෙන් මේකෙන් සිද්ද උනේ බෝසර වෙනුවෙන් පණ ගහං ආපු හැගීම් ඔක්කොම නිවිල ගියපු එකයි.


හෙට දින දිහා ට ඇති වැඩ මතක් කර කර කුස්සියේ දි අප්පච්චියි මායි රෑට කද්දී සාලේ හිටපු බෝසර  පිගානක් උස්සගෙන ඇවිත් අපේ ළගින්ම ඈදි අරන් කන්ට පටන් ගත්තා. බත් කටක් කද්දී ත් එයා මගෙ දිහා බලල හිනා වෙනවා. මතක් වෙනව මටත් හම්බන්තොට දි මං එයාට බත් කවපු හැටි වගේම එයාටත් එහෙම වෙන්ටැති.

රෑට නිදාගන්ට  කුස්සිය ළඟ ම කාමරය ක් දෙද්දි බෝසර කාමරේ ගාවින් හෙල්ලුනේ නැ වගේම මටත් හිත ට එන හැම දේම එළියට දාන්ට බය හිතුණා . අපි පරිස්සං නූනොත් ඔක්කොම ඉවරයි .. මං ඔලුවෙන් එයාට යනව කිව්වමත් එයා නෙවෙ ගානකටවත් ගත්තේ . බාග වෙලාවට එයාට ඕන දේ දෙන්ට දැන් නන් බැරිවෙන බව මට දැණුනත් වෙනද වගේ කියවන්ටත් මට බය හිතුණා. වලව්වේ හැම වැඩකටම මිනිස්සු හිටියා වගේම ඒ ගොල්ලො උන්නෙත් අපි දෙන්නා හිටපු තැනින් එහාට වෙන්න ලුණු සුද්ද කර කර.

" මොකෑ බේබි මහත්තයා අද නිදාගන්නෙ නැතෙයි.."

"....................

"යාළුවෙක් ඇවිත් හින්දා නින්ද නොයනව ඇති ..නේ.."

".....................

"දෙන්නත් එක්ක ඇවිත් මේවට ටිකක් උදව් දුන්නා නම් නරකද...අපිටත් ලේසි කරන්ට"

"......................

"බේබි මහත්තයා ගොහින් නිදාගන්⁣ට.... මේවා අපිට ඇහැක් ..කටවහගනිං සෝමාක්කේ"



The Promise Of Love❤️💚(On Hold)Where stories live. Discover now