09.. නොදැක ඉන්න බෑ..... 🐾️

Start from the beginning
                                    

  ඉතින් ශාන්ගේ මුහුණට පුදුමාකාර සිනහවක් මතුවුනේය ...

" මං ආය එන්නෙ බදාදා කීවට මේ බාඕට තේරිලා නෑවගේ...."

ශාන්  තනිවම මුමුණමින් ඉක්මනින් නෝට් එක සම්පූර්ණ කලේ මිස්ටර් රුහන් මුණගැසී වාර්තාව ඉදිරිපත් කල යුතු නිසාවෙනි ...

" මොකක්ද ශාන් අලුත්ම තත්ත්වෙ ...."

මිස්ටර් රුහන් ගේ කාර්‍යාලයට ගොස් ඔහු අසලින් වාඩිවෙද්දීම මිස්ටර් රුහන් බරපතළ ලෙසින් අසන්නට විය...ශාන්  සැනසිලි දායක සිනහවක් පෑවේය...

" ඒ සතා අහිංසක සතෙක් සර්...... මේ මම ගියපු හතරවෙනි දවස අද එයාගෙ අයිතිකාරයා මිස්ටර් වන්ග් යීබෝ  එයාව පිරිසුදු කරන දවස....ඒ කියන්නෙ හැමදාම උදේට නෑව්වට සදුදට බෙහෙත් එකක් එහෙම දාලා බ්‍රශ්කරනවා....ඉතින් වාඩිවෙන්න කිව්වොත් වාඩිවෙනවා..... ඒ සතා එහෙමයි..."

ඉතින් ශාන්ගේ කතාවේ බොරුවක් ඇත්තේම නැත....

" මොකක්ද බං මේ ගුයිලින් එකේ ඩිරෙක්ටර් එතකොට කියන්නේ.......මේක මහ හිසරදයක්නේ ..."

රුහන් එක් අතකින් නලල පොඩිකරගනිමින් කියද්දී ශාන්  කල්පනාකාරී ලෙසින් මිස්ටර් රුහන් දෙස ටිකවෙලාවක් බලාගෙන සිටියේය ....

" අපි අපිට පේන ඇත්ත වාර්තා කරමු සර්....ගුයිලින් වල ඉන්න ඩිරෙක්ටර් සර් කොහොමද තීරණය කරන්නෙ ඒ සතා භයානකයි කියලා ...මේ යන අපිට නොදැනෙද්දි...."

රුහන් ශාන්ගේ කතාව අනුමත කරන්නට කිහිපවතාවක් හිස සැලුවේය ...

" මේ උඹේ දරුවා දැන් වරුවක් කෑගහනවා...."

රුහන්ගේ ඔෆිස් එකෙන් පිටතට පැමිණි ශාන් ඔහුගේ අසුනට යද්දී නාදවෙන දුරකථනය පෙන්වමින් බින් කීවේය ....

Unknown number ...........

කොහොමත් ඉතින් ශාන්ගේ දුරකථනයට මෙවන් ඇමතුම් නිතරම එන නිසා ඔහු ඇමතුම සම්බන්ධ කරගනිමින් අසුනට බරවූයේ රක්ෂිතයේ උගුලකට හසුවී සිටි දිවියාගේ වාර්තාවත් ඉක්මනින් සූදානම් කල යුතු නිසාවෙනි ...

" හෙලෝ........."

" මං හිතන්නෙ මේ Wildlife Officer මිස්ටර් ෂියාඕ ශාන් වෙන්න,ඇති..."

🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️  yizhan / zhanyi  ff ( Complete ✔ Where stories live. Discover now