𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 02

55 10 9
                                    

" Excuse me .. ටෙක් එක කොහෙද තියෙන්නෙ ? "

" ආ බුදු මැදුර ලගින් කෙලින්ම යන්න පිට්ටනිය දිගේ.. "

එකපාරටම කොහෙන් ආවද දන්නෙ නෑ ඇගට පැනලා වගේ ඇවිත් අපෙන් ඇහුවම දහමා පැනලා ඒකටත් උත්තර දුන්නා.. කතා කරපු එක්කෙනානම් ටිකක් විතර මට වඩා කොටයි .. එයාට ලස්සන හිනාවක් තිබුනා.. ඒත් එයාගෙ පිටිපස්සෙන් වචනයක්වත් කතා නොකර හිටන් ඉන්න එයාගෙ යාලුවනම් මගෙ ගානටම වගේ උසයි.. මටත් වඩා උසද මන්දා.. එයා වචනයක්වත් කතා කරේ නෑ..  කලුපාට මාස්ක් එකක් දාන් දිගටම අපි දිහා බලන් හිටියා විතරයි...

" ඒත් අපි දන්නෙ නෑනෙ බුදුමැදුර කොහෙද තියෙන්නෙ කියලා.. "

ආපහු අර කොට කොල්ලා කිව්වෙ ඔලුවත් කසන ගමන් ..

" එන්න අපිත් එක්කම යන් "

විහඟ ඉස්සර වෙන ගමන් කිව්වේ දැනටමත් අපි පරක්කු නිසයි.. අනික ටෙක් එක තියෙන්නෙ අපේ බිල්ඩින් එකට එහාපැත්තෙන්නෙ

" ඔයාලා අලුතෙන් වගේ නේද . ඇයි පරක්කු උනේ ? "

දහමා ආපහු පටන් ගත්තා කියවන්න..

" ඔව්.. අපි දෙන්නා ආව බස් එක කැඩුනා "

දහම් කටත් ඇරන් ඔලුව හෙල්ලුවා.. මට එතකොට නිකන්ම වගේ බැලුනේ අනිත් කෙනා දිහායි.. එයා වචනයක්වත් කියන්නෙ නැතුව ඔහේ බිම බලන් ඇවිදිනවා.. මොන වගේ ජීවිතයක්ද මන්දා..

" ඔය තියෙන්නෙ ටෙක් එක.. "

මම එයාලට ටෙක් බිල්ඩින් එක පෙන්නුවේ නැත්තන් කතාවෙන් කතාව උන් දෙන්නව කොමස් එකටම එක්කන් යන නිසයි..

" ඔහ්.. තෑන්ක්ස් .. පස්සෙ සෙට් වෙමු එහෙනම් "

අර කොට කොල්ලා හිනාවෙලා කිව්වත් අරයනම් මොකුත්ම කිව්වෙ නෑ .. ඔලුව උස්සල බලලා ඇස් දෙක උස්සල ගියා යන්න සාක්කුවට අත්දෙකත් දාගෙන..

" පුදුම ලොකු කමක්නෙ අරකගෙ තියෙන්නෙ "

" කවුද ? "

දහමා ඇහුවෙ අන්තිම වඩේත් කටට ඔබාගන්න ගමන්..

" අර මාස්ක් කාරයා "

" ආ උගෙ නම දිනෙත් .."

යකෝ ඒ ටිකට නමත් අහගත්තද ?

" උබ කොහොමද නම දන්නෙ ? "

" ඇයි අර ඔශානයා කිව්වෙ "

ඔශාන් ?? සමහරවිට අර අනිත් කොට කොල්ලා වෙන්න ඇති.

" මට ඇහුනෙ නෑනෙ කියනවා .. කොයි වෙලේද කිව්වෙ ? "

" කොහෙ ඇහෙන්නද උබ දිනෙතා දිහා බලන් උගෙ සිහියෙනෙ හිටියේ "

"කවුරුහරි.. ඒත් එහෙම ලොකුකමෙන් ඉන්නෙ ඇයි "

" අලුතෙන්නෙ ආවෙ.. කාවවත් දන්නෙ නැතුව ඇති . පස්සෙ සෙට් වෙලා එයි "

ඒකත් ඇත්ත.. මම ආපහු ඒ පැත්ත බැලුවත් එයා දැනටමත් ගිහින්..මොන වගේ කෙනෙක්ද දන්නෙ නෑ එයා.. දිනෙත්..! ලස්සන නමක් හැබැයි











_____________________________________

අයියෝ ලමයි සොරි උදේ දාපු එකේ බාගයක් ඇවිත් නෑනෙ  .මම දැන් දැක්කෙ . මේ උදේ දාපු එකේ අනිත් කොටස කියලා හිතාගන්න !

𝗠𝗿. 𝗣𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗹𝘆 𝗙𝗶𝗻𝗲...Opowieści tętniące życiem. Odkryj je teraz