ආයිමත් දවසක....27

Start from the beginning
                                    

"මන් මේ කන්නවනෙ ඉතින්...."

"කනවද අතගානවද..."

"හරි හරි කන්නම්කො..."

යශිර එහෙම කියලා තව නූඩ්ලස් හැන්දක්  කටට දාගනිද්දි චලන හිනා වෙලා කතා කරන්න ගත්තා

" කන්න බැරිනම් තියල වතුර බොන්න...."

"ඒත් මේත් මොකද්ද ...මන් තරහ වෙනව කියල හිතුවද නොකෑවොත්.. අනික මට ඈ පාඩු රෑ වෙලා බඩගිනි උනොත්..."

" හප්පෝ ඔයාත්.. අපේ ලොකූට හපන් අයියෙ වෙලාවකට..."

යශිර අතේ තිබ්බ කෑම පිගානත් අරගෙන වාඩි වෙලා ඉදපු පුටුවෙන්  නැගිටලා කුස්සියෙ සින්ක් එක ලගට යන ගමන් කියද්දි චලන යශිර දිහා බලන් ඉදිය..

.........................................................

යශිර චලන කනකම්ම එතනට වෙලා ඉදියා .. චලන කාල ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි ආයි යශිරට කෝල්.එකක්  ආව නිසා යශිර ඒක ආන්සර් කරද්දි ටක්ගාල නැගිටල ගිහිල්ල අත හෝදගත්තෙ ඔය එන කෝල් එක අනිවාර්යයෙන්ම බිනරගෙන් වෙන්න ඇති කියලා හිතන ගමන්...

යශිර හැම වෙලාවෙම කියන බිනර කවුද කියලා බලන්න ඕන නිසාම චලන අත සෝදගෙන යශිර ලගට යද්දි යශිර කෝල්.එකේ...

" ඔව් අයියෙ..

ඔයා ආවද...
ඒත් පාර දන්නෙ..

හරි මන් එන්නම්...."

යශිර කෝල් එක ඉවර වෙලා චලන දිහාට හැරෙද්දි ඒ මූනෙ තිබ්බ හැගීම මොකද්ද කියල චලන එයාගෙන්ම ඇහුවා..

" අයියෙ ... බිනර අයිය ඇවිල්ල.."

"හ්ම්ම්.. ඉන්න මන් කුඩයක් අරන් එන්නම්..."

.......................................................

දැන් දැන් හැම මොහොතමක යශිරව දකින්න මේ තරම් හිත ඉල්ලන්නෙ ඇයි කියල බිනරට තේරුම් ගිහිල්ල දැන් ටික දවසක් වෙනවා.. ඒත් ඒක තේරුම් ගත්තා උනත් ඉස්සරහට මොකක් කරන්නද කියලා බිනරට තේරුමක් තිබ්බෙ නෑ...

ඒ අහිංසකය නැත්තම් මේ වෙච්ච දේවල් එක්ක මේ වෙද්දි තමන් පිස්සෙක් වෙලා කියලමයි බිනරගෙ හිත කිව්වෙ...
මුලින් මුලින් යශිරගෙ පොඩි පොඩි අහිංසක වැඩ වලට එයාගෙ හිත පිස්සු වැටුනත් යශිර එයා ගැන හොයල බලද්දි බිනරට දැනුනා ඒ ගැහෙන හිතේ තියෙන්න්‍ර් සහෝදර බැම්මට වඩා ගොඩාක් එහා ගිය දෙයක් කියලා.. යශුරව දකින හැම වෙලේම ඇදල අරන් එයාගෙ පපුවට තුරුල් කරගන්න හිත කෑ ගහන විදිහ දැන් දැන් බිනරට පාලනය කරගන්න ලොකු උත්සහක් දරන්න උනා...

හරිදු ගෙදර අයත් එක්ක නුවර යනවා යශිර විතරයි ගෙදර ඉන්නෙ ඒක නිසා පොඩ්ඩක් එයාව බලන්න කියලා බිනරට යන්න කලින් දවසෙ රෑ කෝල් කරල කියද්දි බිනර හිතන් ඉදියෙ නිවාඩු දවසෙම යශිර එක්ක කොහෙ හරි යන්න.. විශාලුත්  එයාගෙ රට යන වැඩ නිසා බිනර ඉදියෙ පාලුවෙන්...

ඒත් බිනර  පහුවෙන්දා යශිරට කතා කරද්දි තමයි එයා   දන්නෙ යශිර ට්‍රිප් එකක් යන වග..යන්න එපා ගෙදර ඉන්න කියලා කියන්න බැරි කමට යශිරට පරිස්සමින් ගිහිල්ල එන්න කිව්වත් බිනරට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ යශිරට යන්න දෙන්න...චලනව එයාගෙ ලගම යාලුවෙක් වශයෙන් ආශ්‍රය කරත් බිනරට ඕනි උනේ නෑ යශිරට කා එක්ක වත් යන්න දෙන්න...

" මල්ලි මන් ඇවිල්ල ඉන්නෙ... "

චලනගෙ ගෙවල් ලගට ඇවිල්ල යශිරට කෝල් එකක් ගත්ත බිනර කිව්වෙ වත්ත ඇතුලටම කාර් එක දාලා...

මේ ගෙදර වත් චලන වත් බිනරට අලුත් දේවල් නෙවෙයි මොකද චලන කියන්නෙ බිනරගෙ යාලුවෙන් උන නිසා...
කාලයක් එකම තැන වැඩ කරලා දෙන්නට දෙන හොද යාලුවො උනත් රස්සාවෙන් අයින් වෙලා වෙන තෑනකට වැඩ්ට ගිය නිසා ටිකක් දෙන්නා දුරස් උනත් මාසෙකට දෙකකය සැරයක් එලියට ගිහිල්ලා බියර් එකක් බොන ගමන්  කතා කරන එක දෙන්නගෙ පුරුද්දක් ඒත් විශාලගෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඒකත් ගොඩක් අඩු වෙලා ගිහිල්ල නිසා බිනරට චලනව ගොඩක් මග ඇරුන නේද කියලා බිනරගෙ හිත කියද්දි ගෙදර ඉස්සරහ දොර ඇරගෙන යශිර චලන එක්ක කුඩයකට මුවා වෙලා එද්දි බිනර යශිර දිහා බලාගෙනම කාර් එකේ ඇතුලෙ ලයිට් දැන්මේ යශිරගෙ පහසුවට..

වැස්සෙම ඇවිල්ලා යශිර දඩි බිඩියෙ කාර් එකට නගිද්දි චලන යශිරගෙ පැත්තෙ ඉදලා බිනරගෙ පැත්තට ආවා..  ඒක බ්නර බලාපොරොත්තු උනා වගේ කාර් එකේ ජනේලෙ අරිද්දි චලන බිනරට්  කතා කරන්න ගත්තා..

" බිනර..කාලෙකින් බන්..."

" අනේ ඔව් බන්..සොරි මේ ප්‍රශ්න එක්ක උබව මට  මිස් උනා..."

" හිතන්න එපා බන් මල්ලිට කොහොමද දැන්..."

"දැන් හොදයි බන්... සොරි හදිසියේම මෙහෙම කඩා පාත් උනාට..."

"අයියෝ ඕක මොකද්ද.. එහෙනම් අපි පස්සෙ සෙට් වෙමු වැස්ස තව වැඩි වෙනවා..."

"හරි  බන්.... එහෙන්ම් අපි ගියා..."

"හරි බුදු සරනයි බන්...පරිස්සමින් යන්න..."

චලන කියල ඉවර වෙද්දිම කාර් එකේ ජනේලෙ ආයි වහල දාපු බිනර කාර් එක ස්ටාට් කරලා පාරට දාන්න හරව ගත්තෙ ඇස් ලොකු කරන් එයා දිහා පුදුමෙන් බලන් ඉන්න යශිරගෙ දිහා වාහනේ ඉස්සරහ කනාඩියෙන් යාන්තමින් බලන ගමන්...

මතුසම්බන්ධයි

ආයිමත් දවසක .Where stories live. Discover now