විසි හත්වන දිගහැරැම

Start from the beginning
                                    

" උන් උඹ ලවා අදත් පොල්ලෙලි ගහගත්තද මැණික. ...... "

" පොඩ්ඩයි....."

මම හිනා උනා.....හිනා වෙලා ටිකක් කීව..... . පොල්ගෙඩි තිහක් කියන්නෙ පොඩ්ඩක් නෙවෙයි කියන්න දැන දැනම උනත් මම එයාට ටිකක් කීව .......මම දන්නවා එයත් දන්නවා ඇති මම කීවෙම බොරැවක් කියන්න........ ජීවිතේ මෙයිට වඩා වේදනා විදපු මට ඇත්තටම මේක ඒ හැටි දෙයක් නොවුනත් එයාගෙ හිතට ඒක ලොකුවට දැනුන කියන්න මම ඒ ඇස් වලින් දැක්ක. .... කොටින්ම ඒ බොරපාට ඇස් ඒකට මට සාක්ෂි කීව.......

" අතේ ලෙලි යන්න තරම් පොඩ්ඩද ලෙලි ගැහුවෙ කියපන්......... රිදෙනවා කියල දන්නව...... උඹ හිනාවෙන්න හැදුවට..... ......................... ......................................... මැ...ණි....ක..
......... "

"ඒ.....එ පා...... . පුංචි හාමු. ..... මොනාද.... ඔය...... කරන්නේ. ........

එයා හාදුවක් තිබ්බ. ...... කිසිම අපුලක් නැතිවම කරගැට පිරැණ මගෙ අත් දෙකේ හාදු තැවරැව වෙනකොට අවංකවම ඒ ආදරේ ඉස්සරහ මගෙ ඇස් වලට කදුලු පිරැණ ....... එයාට පුළුවන් උනා සිනිදු දෙතොලකට තියන හාදුවම කිසිම අපුලක් නැතිව මගෙ කරගැට උඩ තියන්න. ... ....... මොකද මට දැනුන ....... හදවතටම දැනුන. .... ....... ජීවිතේ මල් පිපෙන වසත් කාලෙදි විතරක්ම නොවී කටුක අපුල තැන් වලදිත් ඒආදරේ අත් නොහැරම මාව රකින බව
...... .... ....... මිනිස්සු ආදරේට කොයි අරැත් දුන්නත් ආදරේ වෙන්න ඕන හදවතට ...... හදවතටම මිසක කාලයත් එක්ක වෙනස් වෙන රෑපයට නොවී වෙනස් නොවන නොවී පවතින හදවතකට උනා .......


අවසානෙ මම එන්න ආව. .... මට උරුම තැනට ...... මගෙ ගෙදරට ......



"දැන් වලව්වෙ බරටම වැඩ වගේ නේද මල්ලි. .... ආ...... "

ඒත් වලව්වත්ත පහුකරල අඩියක් තියනවත් එක්කම මට ඇහුනෙ අහන්න අකමැතිම කටහඩක්..... පොඩ්ඩෙ මුදලාලිගෙ සල්ලාලයා..... මම වගේම ඌත් ආවෙ වලව්වෙ ඉදල වෙද්දී නිකමට වගේ මගෙ හිතට ජනේලෙ ගාවින් පෙනුන රෑපය මතකෙට ආව. .... ඇත්තටම ඌද හිටියෙ.......

....

" ඔව් . ..... මම වලව්වෙ වැඩට ගියා . .... "

"පේනව පේනව. .. උඹට හරියට වැඩ වගේ. ...... උඹ ඉතින් අතට ආපු වැඩේටත් පයින් ගහල මෙහෙ හිගාකාපන්...... "

The white  lotus   ( Complete )Where stories live. Discover now