විසිපස්වන දිගහැරැම

En başından başla
                                    

එයාගෙ කතාව මම අහන් උන්න ..... ඇත්ත ආදරේ කියන එකම එක වචනෙ පිට කාමරගානෙ තමන්ගේ කෙල්ලව එක්කන් යන පිරිමි ඕන තරම්.... උන් දන්නෑ උන් හිතන්නෑ කවදම හරි දවසක පිරිමියෙක්ගෙ හොයන්නෙ බලන්නෙ නැති පිරිසිදුකමක් ගැහැනියෙක්ගෙන් හොයන බව ......... උන් අසරණ වෙන තරම. ..... මම පිරිමියෙක් වෙලත් මාව ගන්න ඕන තරම් අවස්ථාව තිබුන උනත් එයාට ඕන උනේ මාව පරිස්සම් කරන්න. ......... හරි පරිස්සමට මාව බලාගන්න.. ... ඇත්තටම ආදරේ ඉස්සරහ රාගය පරාද වෙන තැනුත් තියෙනව කියන්න මගෙ පුංචි මහත්තය මට ඉගැන්නුව......

"ආ මේ කොට්ටෙ තියාගන්න. ...නැත්තන් ඔලුව රිදේවි ......"

මම එයාට කොට්ටෙ දුන්න. ... මෙච්චර වෙලාම ඔලුව යට ගහන් උන්න අත් දෙක වෙනුවට මගෙ කොට්ටෙ ඒ ඔලුව අස්සෙ හැංගුන......

"එතකොට මැණික උඹට. .... "

"මට තියෙනවා ඔයිට වඩා හොද කොට්ටයක් මේ...... "

එහෙම කියල මම ඒ පපුව උඩට බර වුනා වගේම මගෙ කොට්ටෙන් ඔලුව තියාගත්ත එයා වහලෙ දිහා බලන් උන්න. ....... . ........ . සිවිලිමක් නැති තහඩු ගොඩක් දිහා බලාන එයා ලොකු කල්පනාවක උන්න. ....... කටින් නොකීව උනත් ජීවිතේට පැදුරක නිදන්න තියා හිතලවත් නැතිව උන්න එයා ටිකකින් එහාට මෙහාට වුනා....
...... පොඩ්ඩ පොඩ්ඩ දැගලුව........රිදෙනවා. ...මම ඒක දන්නවා. ...... සැප පිරැණු මෙට්ටෙක සිනිදු මෙලෙක වෙනුවට ගොරෝද මැටි බිම එයාගෙ පිට රිද්දුව. ....... ඒත් වචනයක්වත් එයා මට කීවෙ නෑ වගේම තාමත් පපුව උඩ තියාන උන්න මගෙ ඔලුව හෙමීට අතගෑව...... .....ඇත්ත එයාට මගෙ
ඔඩොක්කුව වගේම මටත් ඒ පපුව උඩ මහ සැනසීමක් දැනුන. ... ....... ඇත්තටම පුංචි හාමු කියන්නෙම ආදරේ කෙනෙක් වෙද්දී මම හුගක් ඒ ආදරේට ලෝබ වුනා. .....
....... වචනයේ පරිසමාප්තයෙන්ම උඹ ආදරණීයයි මගෙ සුදු මහත්තයෝ.... ......
.......

"මට වගේ උඹට කටුමැටි පොලොව හුරැ නෑ මහත්තයෝ..... "

" හුරැ පුරැදු නැති උනාට කමක් නෑ මැණික උඹ ඉන්නවනම් මට ඒ ඇති..... උඹ පව් මගෙ මැණික. ..... ඉක්මනට උඹවයි සුදු ආච්චිවයි සීය තාත්තාවයි මගෙ ලගට ගන්නව.... "

ඇස් පියවීගෙන එද්දී එයා කියනව මට ඇහුන. ... . .......

එයාගෙ උනුසුම් පපුව වෙනුවට මට අහුනෙ සීතල පොලොව වෙද්දී මම නැගිට්ට. ..... නැගිටල බැලුව ...... පුංචි හාමු යන්න ගිහින්. ...... මම නැගිටල ගිහින් ඉස්සරහ දොර ලගට ගියා..... ඔහෙ නෑ කුස්සියෙ දොරවත් ඉස්සරහ දොරවත් ඇරල නෑ...... එතකොට ගියෙ කොහෙන්ද........ පුංචි හාමු ගියෙ කොහෙන්ද කියලා උභතෝකෝටික ප්‍රශ්නයක් හිතට එද්දි මම ගේ හැමතැනකම ඇවිද්ද....... තාම ඉන්නවද බලන්න. ...... නෑනෙ.... ඇත්තමයි පුංචි හාමු දොස්තර කෙනෙක් ද නැත්තන් හොරෙක් ද මන්දා. ..... .....
ගිය අතක් නෑ......... හැරෙන අතට මගෙ අත ගියේ පෝන් එකට වෙනකොට පුංචි බටන් උඩ මගෙ ඇගිලි දුවල නතර උනා වගේම එහා පැත්තෙන් එයාගෙ කටහඩ මට ඇහුන........

The white  lotus   ( Complete )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin