විසිතුන්වන දිගහැරැම

Start from the beginning
                                    

   අතේ තිබුණු පෝන් එකත් බෑග්එකට ඔබාගත්ත මම  ගෙදර එන්න ආව. ........




" සුදු ආච්චි. ..... සීයතාත්තා බෙහෙත් බීවද........ "

" අනේ ඔව් රත්තරනෙ. ... බීල නිදි.... "

"එතකොට මයෙ සුදු ආච්චි බෙහෙත් බීවද ......... "

"අනෙ ඔව් මැණික බීව.... නැත්තන් ඉතින් මට කනක් ඇහිල ඉන්න වෙන එකක්යැ..... "

"මගෙ හොද සුදු ආච්චි. ... .. මේ මම බඩුවක් ගෙනාව.... "

"මොකද්ද දරැවො ....... ඔය පෙට්ටිය. ... පෝන් එකක් ........ "

" හ්ම්ම්ම්. ... ...... "

"අනේ දරැවො මේක ගෙනාවය කියල අපි කාට කියල කතා කොරන්නද ....... ඊටත් මගෙ රත්තරනෙ .... උඹ මහන්සියෙන් හරි හම්බකොරන සල්ලිනෙ මේව . ..... "


දන්නවද සුදු ආච්චි මම මේක ගත්තෙ ඇයි කියල. ....... මම නැති වෙලාවට සීයාතාත්තාට හරි සුදුආච්චිට හරි මොනව හරි උනොත් මට කතාකරගන්න. ......... මගෙ ලග පෝන් එකක් නෑ තමයි....... ඒ නිසා මල් කඩේට එහාපැත්තෙ සුයිප්බාර් එකේ මාලිනැන්දට එහෙම හදිසියක් උනොත් කෝල් එකක් ගන්න ...... හොදද...... මාලිනැන්ද මට කියයි........ ඊටත් ඒක මගෙ හිතට මහ සැනසීමක් සුදු ආච්චි. ........ "



ඇදුමකුත් දාගෙන කුස්සියට ගිය මම එහෙමම ලිපේ තැම්බෙන්න තියල තිබුන මැටි මුට්ටියට එබුන....... සුවදයි....... පිටි තැම්බෙන සුවද....... ලිපේ තිබුන පිටි එකේ තැම්බුම් සුවද මගෙ නහය කඩාගෙන ඇතුලට යන්න උනා....... මට එයාව මතක් උනා. ..... තාම බඩගින්නෙද දන්නෑ. ......... දොස්තර කෙනෙක් කියන්නෙම ලෙඩෙක්ගෙ ජීවිතයක් වෙනුවෙන් කැප වෙන කෙනෙක් වෙද්දී එයාගෙ ජීවිතේ හොස්පිටල් එකේ ලෙඩ්ඩුන්ට කැප උනා වගේම මම මගේ සුදුආච්චිට සීයතාත්ත වෙනුවෙන් ඇපකැපවුනා........... ඇත්ත. ..... උඹයි මමයි ලෝක දෙකක්. .... ඒත් අපෙ ආදරේ ඒ ලෝකදෙක අතර පාලම වෙලා උන්න.... .... ... අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ හිතකට පුංචිම හරි සතුටක් ලැබෙන්නම කියලා වෙනකොට මන් සමාව ඉල්ලුව කාලද බීලද කියලවත් අහන්න බැරි උන වරදට වගේම ආදරේ කරත් ලගින්ම ඉන්න බැරි වරදට මම එයාගෙන් හිතින් සමාව ඉල්ලුව.......

සීයතාත්තාට බත් කන්න පිරියක් නැති නිසාම මහන්සිය නොබලම ඉදිආප්ප හදන්න හිතුව වෙනකොට මගෙ හිතට ආයෙ ආයෙම ඒ මූණ මතක් උනා. .... ........ ........ ඉදිආප්ප මුලක් ඔතන් යන්න තිබුනනම්.. ........ මගෙ හිතේ ඒ ආදරේ වෙනුවෙන් පුංචිම පුංචි ආසාවක් දලුලද්දි මම ඒකට ඉඩදුන්න......... කෙසෙල් කොලේ ඔතා ගත්ත ඉඳිආප්ප මුලත් බෑග් එකකට දාගත්ත මම එහෙමම ඇදුමකුත් දාගෙන වලව්වට ගෑටුව.... මට එයාව බලන්න ඕන උනා. ..... .. ..... එයා ආසාවෙන් කනව මට බලන්න ඕන කරා............

The white  lotus   ( Complete )Where stories live. Discover now