විසි දෙවන දිගහැරැම

Start from the beginning
                                    

"හ්ම්ම්ම්. ........ "



" දෙව්.....උඹ ඇයි මට බොරැ කීවෙ...... ඔය හිතට අයිතිකාරයෙක් ඉන්නවද කියලා මම ඇහුව වෙලේ ඇයි ඔව් කීවෙ ...... "





" ම්ම්ම්ම්. .... කටින් නොකීවත් හිතින් අයිතිය දැනටමත් දීල තිබුන නිසා පුංචි මහත්තයෝ. ....... "

"දෙව් ඔක්කොමත් හරි.......මට එකක් කියපන්.... කවුද උඹේ බෙල්ල කෑව එකී.... "

ආයෙමත් ප්‍රශ්නයක්. .......


"කෑවෙ. .... මොන....."

පුංචිහාමු මම ඇදන් උන්න කමිසෙ උඩම බොත්තම ගලවල දැම්ම වගේම කමිස කර ටිකක් ඈත් කරල මගෙ උරහිසට ටිකක් උඩට වෙන්න තිබුණ පුංචි එකා හැපුව පාර පෙන්නුව. ..........


" එකී නෙවේ එකා........ මේක මේ රන්මලී නැන්දාගෙ දුවගෙ පොඩි එකාගේ වැඩක්. ... පියසේන මාමගෙ දානෙ කියන්න ආව වෙලේ කොල්ල දනිස්ස තුවාල කරන් තිබුන. ... බෙහෙත් දාද්දි මම කීව රිදුනොත් හප්පන්න කියල. .... මේ කොල්ල ඒ ටිකට හැපුව. .... "


දැන් ඔය පොඩි එකාගෙ වයස කීයක් විතරද? ..... "


මෙච්චර වෙලාම මාත් එක්ක හිනාවෙවී උන්න මගෙ පුංචි හාමුට ඉරිසියා හිතිල උන්න........ මම දන්නවා දැන් මම නිකමට කීවොත් දහහතක දාසයක විතර කොල්ලෙක් කියල දෙකක් නෑ මගෙ කන පිරෙන්න අහගන්න තිබුන. ........ මම දන්නවා උඹ මට ඒතරම්ම ආදරෙයි පුංචි මහත්තයෝ ...........

"දහයයි...... ඒ වුනාට හතක අටක පෙනුම....... "


"උඹ දන්නවද මැණික ඕක දැක්කම මට හිතුනෙම මම හුඟක් පරක්කු වැඩියි කියලා. .......හිතපන් හිනාවෙවී කණ්ණාඩියෙන් ඕක දිහා බල බල උන්නම දකින ඕන එකෙක්ට හිතෙන්නේ මට හිතුන දේමතමා........ අන්සතු වස්තුවක් කියල......... "

". පුංචි හාමු. ...... දන්නවද දොස්තර කෙනෙක්ට තමන්ගේ අත කොයිතරම් වටිනවද කියල. ...... මාත් එක්ක මොන තරහක් තිබ්බත් මීට පස්සේ තමන්ටම රිද්දව ගන්න එපා පුංචි හාමු ........ නොකීවට මටත් රිදෙනවා. ....... "

" මට සමාවෙන්න මැණික. ........ මම උඹට පොරොන්දු වෙනව. ......... කවදාවත් මම උඹටවත් මටවත් රිද්දන්නෑ...... .. "


මගෙ ඇස් වලින් කදුළු පිහදැම්ම පුංචි හාමු මගෙ නලලට උණුසුම් හාදුවක් තිබ්බ වෙනකොට මගෙ ඇස් දෙක ඉබේටම පියැවිල ගියා. ..... .......නලල උඩ නතර වුනු ඒ හාදුව ටිකකින් මගෙ දෙතොල් අතර රැදුන ..... කිසිම රාගයක් නැති සිපගැනීමක්....... ඇත්තටම මනුස්සයෙක්ට උඹ වගේ වෙන්න පුළුවන් ද පුංචි මහත්තයෝ. .... ඇත්තටම උඹටයි මටයි ලෝකෙටම හොරෙන් ආදරේ කරන්න පුළුවන් ද පුංචි හාමු. ....... ආදරෙන්බැදුනු අනිත් මිනිස්සු ගෙදර මිනිස්සුන්ගෙ ඇස් වහල හොරෙන් ආදරේ විදිද්දි උඹටයි මටයි ලෝකෙටම හොරෙන් උන් හැමෝමගෙම ඇස් වලින් වහන් වෙලා ආදරේ විඳින්න වේවි....... .. ඇත්ත අපෙ ආදරේ අසම්මතයි....... උඹයි මමයි මුලු ලෝකයා ඉස්සරහම අසම්මතයි. ..... අපෙ ආදරේ දිහා උන් වෙනම කෝණෙකින් බලාවි...... ... ඒක විතරමයි මන් දන්නෙ..... ඉස්කෝලෙ කාලෙ උනත් කනින් කොනින් අසම්මතේට පිටින් කරන ආදර කතා තියෙනවා කියල දැනන් උන්න උනත් කවදාවත් හිතුවෙ නෑ මම ඒ වගේ ආදරේක හිමිකාරයෙක් වෙයි කියලා. ... . ...... ඒත් ඒ ආදරේ හරි පිරිසිදුයි...... කවුරැ කොහොම කිව්ව උනත් මම උඹෙ ආදරේට ආදරෙයි .......



The white  lotus   ( Complete )Where stories live. Discover now