විසිඑක්වන දිගහැරැම

Start from the beginning
                                    

බිත්තියේ තිබුන ඉරි දැක්කම මට වලව්ව සිහියට ආව..... ගඩොලින් බැදල කපරාදු කරල තින්ත වලින් වගේම ටයිල් වලින් හැඩ වෙල තිබුන වලව්ව මට අපි දෙන්නව මතක් කරා..... හරියටම උඹයි මමයි වගේ පුංචි හාමු. .......වලව්වෙ හරි සීරැවට තිබුන බිත්ති වලට අපේ කටුමැටි බිත්ති ගැලපෙන්නෑ පුංචි මහත්තයෝ........ පිරිමි පිරිමි ආදරේ කරන්න තහනම් වගේ උඹයි මමයි කියන්නෙත් කවදාවත් එකතු නොවෙන රේල් පීලි දෙකක් වගේ පුංචි මහත්තයෝ......... ලන් වෙන්න බැරි බවම දැන දැනත් ලන් වෙන්නම හදන සිතිජයක්. ... .........


කවියන්ට දුක කියන්නෙම පන්හිදකට අකුරැපුරවන්න ලැබුන පින්සලක් වෙද්දි ලී මේසෙ උඩ තිබුන කොපි පොතකට මගෙත් අත ගියා.... ඒත් මම කවියෙක් නෙවෙයි දුක කියන්නෙ මට පන්හිද .. පුරවන පින්සලකුත් නොවෙද්දි හැගීම් අකුරැ කරනවට වඩා හිතේ ඇදුන රැව සිත්රැවක් කරා.......

 පුරවන පින්සලකුත් නොවෙද්දි හැගීම් අකුරැ කරනවට වඩා හිතේ ඇදුන රැව සිත්රැවක් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



අවසානෙට මගේ හිතේ රැදුන හැගීම කියාගන්න බැරි උන ආදරේ පුංචි අකුරින් පදපේලි හතරකට මම කුරැටුගෑව......


නොපවසන්නට නොහැකි ප්‍රේමය
වදන් නැතුනුදු පවසන්න මට
උනුසුම් හාදුවකින් තෙපලම්
ඔබේ පපු තුරට ....... ආදරෙයි සදා


පොත අස්සට පෑන එබුව මම පැදුරෙන් නැගිටල ඇවිත් ජනේලෙ ගාවින් බිත්තියට හේත්තු උනා........
. වහිනව..... අතෝරක් නැතිව තාමත් අඩන සෙංකඩගල අහසට දුක කියන්න වගේ පුංචිම පුංචි තරැකැටයක් මුලු කලු අහසටම එලිය දීල තිබුන වෙනකොට තාමත් වලාකුළු වලට ඔට්ටු වෙවී පෙනී නොපෙනී යන ඒ තරැව මගෙ හිත එයා ලගට අරන් තිබුන. ........ තරැවකට පුලුවන් උනාට මුලු අහසෙම තනරකින්න තනිතරැවට පුලුවන් ද මුලු අහසටම එලිය දෙන්න. ....... මමත් හරියටම ඒ පුංචි තරැව වගේ......... මට පුලුවන් අහසෙ තනිරකින්න...... ඒත් මට කවදාවත්ම බැරිවෙයි පුංචි හාමු කියන අහසට එලිය දෙන්න. ....... කොටින්ම ඔය හිතට ආදරේ කරන්න පුළුවන් උනත් ඔය හිතගාව නවතින්න කොයින්ද මට අවසර පුංචි හාමු ....... ආරම්භයක් නැතිවම අවසානයක් පේන ආදරේකින් මම වගේම උඹටත් විදවන්න වෙයි මගෙ පුංචි මහත්තයෝ ...... බර හුස්මක් පිටකෙරැව මම ජනේලෙත් වහලම ඇවිත් පැදුරෙන් දිගඇරැන......


The white  lotus   ( Complete )Where stories live. Discover now