දහනවවන දිගහැරැම.

Start from the beginning
                                    

   ඒ වචන වලට කදුළු පිරෙන්න මගෙ ඇස් වලට වැඩි වෙලාවක් නොයද්දි මම එකම තැන ඇහිපිල්ලම් ගැහුවා. ..... කදුළු යට ගහන්න. .... ..... ..... ජීවිතේ  පලවෙනි වතාවට ගෑනු හිතක් ගාව නතර නොවුන මගෙ හිත එක සැරේට පිරිමි හිතක් ගාව නැවතුනම  මට දැනුන හැගීම  දැනෙන හැගීම  විස්තර කරන්න පුලුවන්ද  කියලා මම මගෙන්ම ඇහුවා. ...... කාටවත් කියන්නත් බැරි විදින්නත් මේ හැගීම ඉස්සරහ මම හරි අසරණයි. .... .....



   "මම ආ..යෙ එහෙම කරන්නෑ පුංචි හාමු. ..සමාවෙන්න. ..... "

    

  " හරි...දැන් ඔය ලයිට් එක දාන්න කලුවරයි. ...  "

   ඒ කටහඩේ ටිකක් නිවුනු බවක් මට දැනුන. .....  ලයිට් එක දාපු මම  පැත්තක තිබ්බ කොස්ස අතට අරන් අතුගාන්න ගත්ත...... ඒ එකම එක සැරයක්වත් පුංචි හාමු දිහා නොබලම. ....  .....කාමරේ ඇරල දාල උන්න ජනේල් පියන් වහන්න ගිය මම  පොදත් එක්ක ආව සීතල වැහිහිරියකට මැදිවුනා....
..... සීතලයි........ තෙමුන කමිසෙ අතරින් ගලාගෙන ආව හුලග  සීතල තවත් වැඩි කරද්දී අඩක් වැහුව ජනෙල් පියන්  අතරින්  අහස දිහා බැලුව මම හද හෙව්වා. ..... හෙට පෝය..... ඒත් හද පේන තෙක් මානෙක නෑ..... නෑ නෙමේ පෙනුන්නෑ..... පුදුමයක් නෑ වැහිකලුවට වැහිල ගිහින්...... කොච්චර වැහි වලාකුළු වලට  වැහිල ගියා  උනත්  හද එහෙමම තිබුන .... ඉර එයාට  එලිය දෙනකන්ම හද හැමෝටම සිසිල බෙදුව.......... සමහර මිනිස්සුත් ඒ වගේ. ..... මගෙ ජීවිතේට, සුදු ආච්චිගෙ ජීවිතේට සීය තාත්තා  කියන්නෙම ඉරක් ..... ඒ වගේම සුදු ආච්චිට පුලුවන් උනා සදක් වෙලා අපි දෙන්නටම  සිසිල බෙදන්න. ... ..... වෙනසකට උනේ ඉරටත් හදටත් ලන් වීමක් නැති වුනත් මගෙ සීය තාත්තා සුදු ආච්චි එකට එකතු වෙලා ආදරේ වින්ද...... තාමත් විදිමින් උන්න ........ සීයතාත්තාගෙ රැකවරණෙ සුදු ආච්චිගෙ මව්සෙනෙහස මට මිහිපිට ඉරක් හදක් වුනා........ ඉතින් මගෙ ලෝකෙට වෙන ඉරවල් මොකටද සදවල් මොකටද.......  එහෙම හිතුන...... මොකද කවදාවත් කවම  කවදාවත්   මගෙ ලෝකෙට ඒ දෙන්න ඇරැනම වෙන ඉරක්සදක් පායන්නැති බව දන්න  නිසා. ....... .. ....
හිතේ එක සැරේ පහලවුන සිතුවිල්ලක් නිසා මම  හෙමීට ජෙනෙල්කවුලුවෙන් අත එලියට දැම්ම....... මට ඕන උනා සීතලයි කියල දැන දැනම උනත්  ඒ සීතල විදින්න ..........වැටෙන වැහිකැට අල්ලන්න බැරි බව දැන  දැනම උනත්  අල්ලන්න............මගෙ ලගම හරි පරිස්සමට තියා ගන්න. ...... හරියටම මගෙ ආදරේ වගේ නොලැබෙන බව දැන දැනම උනත් ආදරේ කරන්න. ......  ..... විදින්න බැරිවුනත් හරි පරිස්සමට හිත ඇතුලෙම  ගුලි කරගන්න. ......... මම හිතහදාගත්ත...... ... මගෙම හිතට  තහන්චි දැම්ම. ......... ඒත් එකම එක මොහොතකට විතරයි. ....... කොහොම හිතුව උනත් අවසානෙ මගෙ හිත නවාතැන් හෙව්වෙ ඒ හිත අස්සෙ විතරමයි කියල දැන දැනම උනත් මම මටම වාරණ දැම්ම. ......
.... .. වැටෙන වැහිකැට මගෙ අල්ල උඩට  වැදිල බිදිල යද්දී  අත දිගේ  යද්දි කලින් වගේම සීතල හිරියක් ගලාගෙන  ගියා........ මට මතක් උනා මම පුංචි කාලෙ  සීය තාත්තට හොරෙන්  වැස්සෙ නටද්දි සුදු ආච්චි  සීයතාත්තට  හොරෙන් මාත් එක්ක තෙමෙනව...... ඇත්තටම  ආසාවකට නෙමේ ....... අතින් ඇදල යමු සුදු ආච්චි කීවම...... එන්න බෑ කීවොත් කදුළු පුරවගන්න මගෙ ඇස් දෙක හින්දම .... ඒ හිත මගෙ වචනෙකටත් නැමුන.... ආදරේ කරා..........  මටත් ඕන වුනේ ඒ වගේ ආදරේ කරන්න. ...... වැටුනත් නැගිටින්න අත දෙන..... මගදි අත නොඇරෙන අතක පැටලෙන්න ........ .... එහෙම අතක් කෙසේවෙතත් මගෙ හිත දැනටමත් එක හිතක පැටලිල. ...... තහනම්  හිතක ......

The white  lotus   ( Complete )Where stories live. Discover now