Emergency එකේ nonstop පැය දොළහකට පස්සෙ wash එකක් දාන් ඇඳට වැටුනේ නිදාගන්න තියෙනෙ පැය 6 ආදරෙන් වැළඳගන්න.ඒත් ඉතිං නින්ද යනකන් කියලා හිතේ සැනසීමට ටොටොරෝ බලන්න ගත්තා
අරුකෝ අරුකෝ වතශිවා ගෙන්කි...
අරුකෝ අරුකෝ වතශිවා ගෙන්කි...
අරුකෝ අරුකෝ වතශිවා ගෙන්කි...
(ඇවිද යමු ඇවිද යමු මං හරිම සතුටින් )සිංදුවට අඩිය තිය තිය මෙයි ඇවිදිනවා.
healing කියාගෙන gibilli බැලුවට වැඩක් නෑ හැමදාම traumatized වෙලා නවතින්නේ..
මිනිහාට කේන්ති ගිහිල්ලා අතේ තිබ්බ බාල්දියෙන් ගහලා ඇඟිල්ල කැඩිච්ච අම්මා,මුණුපුරාට අසනීපයි කියලා අහලා heartattack එකක් ආපු ආච්චි අම්මා,එක්ක එක දිගට අදබ්මම දැකපු මිනිස් ජීවිත ටික මගේ ඉස්සරහ මැවි මැවි පෙනුන.ඒත් අන්තිමට ම හිත නැවතුනේ අද හම්බවෙච්ච සූටික්කි ගාව.
සත්සුකි මෙයි වත් කරේ තියාගෙන අලුත් ගෙට යනවා..
උදේ පාන්දරම emergency එකේ එක යුද්දේ road traffic accident දෙක තුනක්ම ඇවිල්ලා.
" ආනේ අද students ලා ඉන්නවද ?? හොඳයි හොඳයි ඉක්මනට එන්න නංඟී මේතනට assist කරන්න.."
Staff එකෙන් උණුසුම් පිළිගැනීමක්.
මං හිටියේ sugar low වෙලා කලන්තේ දාලා ආපු paitient කෙනෙක්ගේ RBS (Random Blood Sugar) එකක් බල බල.
" අනේ doctor මේ බලන්නකෝ...මගේ බබා හුස්ම ගන්නවා අමුතුයිනේ..." වයස අවුරුද්දක් දෙකක් විතර
චූටි රෝස මලක් තුළුරු කරන් අම්මා කෙනෙක් කඳුළු පුරවගෙන."බය වෙන්න එපා අම්මා එන්නකො මේ ඇඳට.." මිස් කෙනෙක් අම්මවයි බබාවයි මගේ එහා පැත්තේ තිබ්බ pediatric bed එකට ඒක්ක ආවා.
තාත්තාට ඇහැරෙන්න පරක්කු වෙලා.. සත්සුකි තනියෙන්ම උදෙන්ම නැඟිටලා ඉස්කෝලේ යන්න උයනවා.
" Monitor එක connected.."
" saturation 90 යන්නේ හොඳටම wheezing..."
"ඉක්මනට nebulize කරමු."
"Sal 2.5යි NS 2.5යි ගන්න."
" Oxygen එක්ක යං නේද??"
"ඔව් ඔව් oxygen ඕනේ..."
Doctors ලා Nursers ලා ඔක්කොම බබාව වට කරන්..අම්මා බබාවත් බදාගෙන හොඳටෝම අඬනවා..
YOU ARE READING
කණාමැදිරි එළි.
Randomදෙව්ලොවට මඟ කියා කියාගන්නා ඉමක් කොණක් නොපෙනෙන වංකගිරි මාවතක හමුවුන කණාමැදිරි එළි... සංවේදී අය කියැවීමෙන් වළකින්න. ඕතරයාගේ අනන්‍යතාව සෙවීමට යෑමෙන් වළකින්න.