දහහතර වන දිගහැරැම

Start from the beginning
                                    

" අ..ප්පච්චි.... මට මේ කසාදෙ කරන්න බෑ........ "

" උඹ මොනාද මිනිහො මේ මිනිස්සු ඉස්සරහ බීගෙන ඇවිත් නටන නාඩගම් ..... පලයන් ඇතුලට. ..... "

" යන්න. .... බලපන් අප්පච්චි උඹ නිසා මගෙ අක්කා. .... ඒකි විදන දුක...... ඒකි නොමැරි මැරෙනව....... ඒකිගෙ ඇස් වල තියෙන දුක උඹලට පේන්නැද්ද කියපියව්......ඒකිගෙ දීගෙ කැඩිල දවසක් ගියාද...... පුහ්...... ආය කසාදයක්........ මගෙ ජීවිතෙත් ඇයි කන්න හදන්නේ. ......උඹලට ඕන මම මැරිලා හරි ඔය නම්බුව රකින්න මේ ගෑනි කරගහන්නද......කියපන් අප්පච්චි ..... ඇයි අපිට වඩා සල්ලි උඹලට ලොකු. ........ සල්ලි ද ඕනෙ.....මං.....මං හම්බකරන්නම්..... අප්පච්චි. .....මැරිල හරි මන් උඹලට සල්ලි හොයල දෙන්නම්..... අනේ දෙයියනේ මට පාඩුවේ ඉන්න දීපියව්........ මේ ඉලව් කසාද කෙරැවාවක් ඕන නෑ මට........"


" මගෙන් මැරැම් නොකා පල කාමරේට. ..... සේපාලි ..... ගෙනියපන් දැන්ම මේකව ගෙට..... ... "

"මල්ලී. .....මොනාද ඔයා මේ කරන්නේ. ...... එන්න කාමරේට යමු......."
"

"මට කියපන්... අ...ක්....කෙ....මට කියපන්. .... . උඹට දුක නැද්ද. ..... මට පපුව පැලෙන්න තරම් දුකයි. ...... උඹ අහිංසකයි අක්කෙ. ..... ඇයි උඹට මෙහෙම උනේ....... මතකනෙ ඌ උසාවියෙදි කීව දේ ...... උඹ වද ගෑනි කීව..... ඕකගෙ රෙද්ද තමා...... "

" මල්ලී. ..... "


එකම ගෝරනාඩුවක් මැද්දෙන් පුංචි මැණිකෙ පුංචි හාමුව වත්තන් කරන් වලව්ව ඇතුලට ආව වෙනකොට යන්න බලන් උන්න මට පුංචි මැණිකෙ කතා කරා. ..........

අනෙ ලමයො.... මල්ලීව කාමරේට ගෙනියනවද......"

"හොදයි පුංචි මැණිකෙ. ....... "

පුංචි මැණිකෙට බරවෙලා උන්න පුංචි හාමු මගෙ ඇගට බරවෙද්දි වෙරිමතේ උන්න පුංචිහාමුවත් අරගෙන මම කාමරේට යන්න උනා......වහල තිබුනු දොරත් බාගෙට ඇරගෙනම මම ඇවිත් පුංචි හාමුව ඇදෙන් හාන්සි කරල සපත්තු දෙකත් ගලවල දැම්ම වෙනකොට මම ආපහු යන්න හැදුව උනත් ආපහු නැවතුන . ...... නෑ ඇත්තටම නැවතෙන්න උනා........


"පු....පුංචි හාමු. .... "

"ය..න්න....එ...පා...... "

" පුංචි හාමු. ....... පුංචි හාමුට මොනවද ඕන...... "

" උඹව........... "

හේතුවක් නොදැන උනත් පුංචි හාමුගෙ ඒ එක වචනෙට මම ගැස්සුන......

"පුංචි හාමු හොදටම බීලනෙ ඉන්නෙ. .... ටිකක් නිදාගන්න..."

මම යන්න හැදුව උනත් ඒපාර ගිහින් පුංචිහාමුගෙ ඇද උඩ නවතිද්දී මගෙ හදවත පලවෙනි වතාවෙ මේ ඇද උඩදි පුංචි හාමුව දැක්ක වතාවෙදි වගේම ගැහුන..... සමහරවිට ඊටත් වැඩියෙන්. .....


" .... ...ඇයි අර. ගෑනිව මම ක.....රග..හන්න ඕනෙ.... ........... මට....මට...................
.ඒකි එපා........... මට පා......ලුයි. ..... දන්නවද සුදු . ........... .

දෙවනි පාරටත් පුංචි හාමු මට සුදු කියද්දී අනේ මන්දා මට දැනුනෙ දුකක්. ..... හේතුව සුදූ කියන්නේ කවුද කියලා නොදන්න හින්දද ....... ඒත් පුංචි හාමුගෙ වචනයක් ගානෙ මගෙ හිතට ආවෙ හරියට තමන්ට අයිති දෙයක් කවුරු හරි කලින්ම හොරකම් කරන් ගිහින් උන්නම දැනෙන හැගීමක් වෙද්දී ලාවට මගෙ ඇස් වලට කදුළු උනනව මටම දැනුන වෙනකොට මම අමාරැවෙන් උනත් අකුරැ ඇහින්ද. ...... ඒ මම නෙමේ කියන්න. .... පුංචි හාමුගෙ සුදූ කවුරැ උනත් මෙතන නෑ කියන්න ..... .... ......

" පු....පුංචි හාමු ....... හාමුට වැරදිල....මම සු...සුදු නෙවේ....... ම...මම.... "

"ෂ්ෂ්ෂ්. ...ඇති ක. ..තා කරා. ...... ..... "

" පු. .....පුංචි....... "

උඩට ගත්ත හුස්ම එහෙමම හිරවෙලා යද්දී පලවෙනි පාරට කෙනෙක් අතින් මගෙ දෙතොල් ඉදුල් උනා........ කොටින්ම මගෙ නොයිදුල් හාදුව පුංචි හාමුගෙ දෙතොලතරෙ රැදෙද්දි ඒ උණුසුම් හුස්මත් එක්ක මගෙ පපුව තවත් වේගෙන් ගැහුන වෙනකොට පුංචි හාමුවත් පැත්තකට තල්ලු කෙරැව මම දුවන් ආව.............. වලව්වෙ උන්නෙ කවුද මොනාද කියල වගේවගක් නැතුව මම මහ කලුවරේම පාර දිගේ ගෙදර දුවන් ආව....... ..... වේගෙන් දුවන් ආව මගෙ කකුල්දෙක ගේ ඉස්සරහ නැවතුනා උනත් තාමත් නොනැවතුන මගෙ හදවත ඒ විදියටම ගැහුන........




😊ඕතරිය  කතාව දැම්ම. ......අද කොටස සූට්ටක් කොටයි වගේද......

😀 අනේ අපේ නෙලුම් මලගෙ first kissඑක ගියානෙ නෙහ්..... පව්......

☺ කතාව කියෙව්වට කියවනවට හැමෝටම ස්තුතියි. ...... gn

The white  lotus   ( Complete )Where stories live. Discover now