දහතුන්වැනි දිගහැරැම

Start from the beginning
                                    

" යන්න. .... ඒකත් තනියම. ....ලමයො.... ඔයාට මම කියන එක තේරෙන්නෙම නැද්ද නැත්තන් තේරිලත් නෑ වගේ ඉන්නවද.... ..... මනුස්සයෙක් ලෙඩක් හොදඋන පලියට කාත් කවුරුවත් නැතුව තනියම හොස්පිටල් එකෙන් යනවද......."


" පුංචි හාමු දන්නවද සමහර දේවල් ගොඩක් පුංචි දේවල් වගේ පෙනුනට ඒවගෙන් ඇතිවෙන ප්‍රශ්න ගොඩක් ලොකුයි..... මන් වගේ පුංචි මිනිස්සුන්ට සමහර වෙලාවට ඒ වගේ ප්‍රශ්න වලින් ජීවතේම තීරණේ කරන්න පුළුවන් වෙනව...... මම ඒ වගේ ප්‍රශ්න වලට බයයි පුංචි හාමු ....... මගෙ සරල ජීවිතේට ඒ වගේ ප්‍රශ්න දරන්න බෑ පුංචි හාමු. .......... ඒ නිසාමයි මම ඒවගේ ප්‍රශ්න ඇති නොවෙන්න වැඩ කරන්නෙ......... මේක හිතුවක්කාර උනත් මට සමාවෙන්න පුංචි හාමු. ...... මම යනව ........ ."

මේ හැමදේම කියනකන් මන් දිහා බලන් උන්න පුංචි හාමුගෙ මූණ හරි බැරෑරුම් උනා..... ඒ හිතේ මොනව තිබුන උනත් මන් ගැන අහිතක් නෑ කියන්න මම දැනන් උන්න. ........ හේතුව මටම නොතේරැනත් මම පුංචි හාමුව විශ්වාස කරන්න පටන් අරන් තිබුන වෙනකොට තාමත් මන්ගාවම නැවතුන ඒ ඇස් දෙක කටින් වචනයක් නොකීව උනත් ඇස් දෙකෙන් කතා කරා. ....... ඒත් ඒ ඇස් දෙක කියවන්න තරම් මම ආගන්තුක වැඩිවෙද්දි මගෙ අතේ රැදුන පුංචි හාමුගෙ අත මම යන්න ගිය ගමන නැවැත්තුව වගේම මගෙ හිතත් ගැස්සුව..........
.....

" මල්ලී. ...... යමු....නේද. ..... "

"පුංචි මැණිකෙ ........ "

ඇවිත් උන්නෙ පුංචි හාමුගෙ අක්කා උන පුංචි මැණිකෙ වෙද්දී මෙච්චර වෙලාම මගෙ අතේ රැදුන ඒ අත හරි ඉක්මනට ඈත්වුනා.......


." අනේ ලමයො මම ඒ දවස් වලත් කියල තියෙනව මට පුංචි මැණිකෙ. ........ පුංචි මැණිකෙ ගාන්න එපා කියලා. ........ තාමත් එහෙමමනෙ........ "


" බලන්නකෝ අක්කෙ..... මම ගෙදර ගිහින් දාන්න හැදුවෙ.....බෑ කියනවනෙ......"

" අනෙ ඇයි මල්ලි ...... .... ඒ...... "



" මට වඩා හොදට පුංචි මැණිකෙ දන්නවනෙ ඇයි මම එහෙම කීවෙ කියන්න. ...... මම එහෙම අහිතකින් කීව නෙමේ පුංචි මැණිකෙ ලොකු හාමුගෙ හැටි හොදටම දන්නවනෙ. ....... ඒකයි මම....... "

" ඇත්ත .... ..... අප්පච්චිගෙ වලව් මාන්නෙ අපිට අපේ ජීවිත නැති කරල විතරක් නෙමේ උඹලගෙ ජීවිතත් යටකරගෙන නේද සසුන් මල්ලී . .... ......"


The white  lotus   ( Complete )Where stories live. Discover now