දොලොස් වන දිගහැරැම

Depuis le début
                                    

ඈතින් රෝද පුටුවත් තල්ලු කරන් එන සීයතාත්තා දැක්කම මම ඇද උඩ ඉදගත්ත. .......

   

" අනේ මගේ මැණික. ..... දැන් කොහොමද රත්තරනෙ. . .... ගොඩක් අමාරුයි ද... . "

" සුදු ආච්චි. .... මේ බලන්නකො. .... මම හොදින්. ... දැන් හොදයි මට..... හෙට ටිකට් කපාවි.....හොදද දැන් ඔය කදුළු පිහදාගන්න...... "


" අනේ දරැවො බලපන්. .... පුංචි හාමු අපිට මොකුත් නොකියන්න අපි උඹට මොකද උනේ කියලවත් දන්නෑනෙ දරැවො...... .......අනික උදේ උණත් තියාගෙන අතේ අමාරැවත් තියාගෙන "
මොන එහෙකට දරැවො මල් කඩන්න ගියෙ ....... සල්ලි වගේද රත්තරනේ .... අපිට උඹව නැති උනොත්....... "

" අනෙ සීය තාත්තා. ...... මට.....මට සමාවෙන්න. .... .. "

" අනේ මැණික උඹ දවල්ට කාලද ඉන්නෙ. ........... අපි මේ කෑම එකක් ගෙනාව රෑට කන්න. .. . ..... ඔක්කොටම කලින් මේ සුප් එක බීල ඉදින් මගෙ මැණික. ........ ආ....... "

සුදු ආච්චි ගෙනාව සුප් එක හැන්ද හැන්ද මගෙ කටට ලන් කරා වෙද්දී මම උගුරෙන් උගුර මුලු සුප් එකම බීල දැම්ම. ...... ...... ....... බඩගින්නට වඩා මට තිබුනෙ හිතේ ඇතිවුන සතුටක්........ සීය තාත්තාගෙ අතින් හැදුන කෑම එකක රසට සැමදාම කඩකෑම රස පරාද කරා.... . මොකද කඩේ මනුස්සයාට බැරිවුනා තමන්ගෙම උන් වගේ ආදරේ බෙදන්න. ...... හරියට මගෙ සීය තාත්තාෂඅතින් හැදුන කෑම එකක් වගේ. ..... ජීවිතේ කියන්නෙම සුන්දර දෙයක් නොවෙද්දි පුලුවන් හැම පුංචි දේකින්ම මම ජීවිතේ විදින්න පුරුදු උනා.......


" සුදු ආච්චි. .
...... මගෙ බෑග් එකේ ඇති සල්ලි වගයක් ඒක ගන්න. ...... ගෙදර යද්දී ඕන කරන බඩුමුට්ටු ටික අරගන්න..... ..... සීයාතාත්තාගෙ බෙහෙතුත් ඉවර ඇති..... පුලුවන් නම් අරගෙන යන්න නැත්තන් මම හෙට එන ගමන් අරන් එන්නම්. ....... හෙට හොස්පිටල් එකට එන්න ඕන නෑ හොදද මට තනියෙන් එන්න පුළුවන්. ....... "



මට කවල පොවල ඉවර කරල ඈතින් වීල්චෙයා එකත් තල්ලු කරගෙන හැරි හැරී මන් දිහා බලන් යන ඒ දෙන්න දැක්කම මගෙ ඇස් වලින් කදුලක් ඉබේම බිමට කඩන් වැටුන  වෙනකොට කම්මුල් වලට ගලල තිබුන  කදුළු  එක
අතකින් පිහදැවුන............ .... .... . .......


The white  lotus   ( Complete )Où les histoires vivent. Découvrez maintenant