.
.
.
.
.
.
.
.
.
.දවසින් දවස සතියෙන් සතිය ගෙවිලා ගියා. පුරුදු විදිහට රෙස්ටුරන්ට් එකටයි වැල්ලටයි වෙන් උන ජීවිතේ ඇරෙන්න මට වෙන ජීවිතයක් තිබුනෙ නෑ. එදා බේරගත්ත කොල්ලා එයිදෝ කියල හිත කිව්වත් දැනට මාස අටක් වෙනවා ඒත් තාම ඌ ආවෙ නෑ. එක අතකට එහෙම උන එකත් හොදයි. ආතක් පාතක් නැති මට හිර බත් ගිලිනවට වඩා මේ විදිහ හොදයි. ඒත් ආසයිනෙ අයියෝ මං බේරගත්ත නේද කියල දැකල සතුටු වෙන්න හරි එක පාරක් ආවනම් මොකද... හා මං කියන්නෙ... නිකමට බැයිද පොඩ්ඩක් මේ පැත්තෙ එන්න.
මේ සතියෙම නයිට අදින්න සෙට් උනේ මට. මට ඒ වෙනකන් නයිට් සෙට් උනේ නැතත් ගිය සතියෙ කෝස් එකකට යන්න කියල මාත් එක්ක වැඩ කරපු තුන්දෙනෙක් හැලුනා. උං තුන්දෙනාගෙන් දෙන්නෙක්ම නයිටට හිටපු එවුන් නිසා තව දෙතුන් දෙනෙක් ගන්නකන් මට සතියම නයිට අදින්න සෙට් උනේ. අනිත් උං දරුපවුල්කාරයො. හිත හදන් මට උං එක්ක මාරුවක් දාගන්නත් බෑ. මොනා කරන්නද ඉතින් උදේ 11.30 ට පටන් ගන්න පාර වැඩ ඉවර වෙන්නෙ 9.30ට. නිදිමත බේරි බේරි එක විනාඩි දහයකට හරි වැල්ලට ඇවිල්ල යන එක දැන් මට පුරුද්දට ගිහින්. ඉන්නෙත් රෙස්ටුරන්ට් එක පිටිපස්සෙ තියන බෝඩිං කාමරේ වෙච්ච කොට මීටර් එකසිය පනහක් දෙසීයක් විතර එහාට වෙන්න තියන වැල්ලට යනඑක අමාරු නෑ. ඒත් නිදිමත.... 😪
රෙස්ටුරන්ට් එක වටේම ඇවිදල ඇවිදල කකුල් දෙක දැන් පන නෑ වගේ. ඒත් මොනව කරන්නද තව පැය බාගයක් තියනව ඕෆ් එකට. කලින් යන එක සිම්පල්. ඒ උනත් මට බෑ මාව පාවාදෙන්න. කෙටියෙන්ම කිව්වොත් මට බෑ මැනේජරයට පුක දෙන්න. දැනට මාස ගානකට කලින් ආපු අලුත් මැනේජර් කාරයා නාකි කුකුලෙක්. ඌට ඕනෙ කාගෙ හරි
හුබහකට රිංගන් නයා අරින්න. 'සීන්... ලමයො ඕනෙනම් මට පුලුවන් වැඩ ටිකක් අඩු කරල දෙන්න. චහ්... කොහෙද ඉතින් උබ කැමති නෑනෙ' ඔන්න ඕක තමයි නාකි කුකුලගෙ උදාන වාක්‍ය. එක සැරයක් ගෑනියෙක්ගෙන් කෑවා කෑමක් සද බොද වෙන්න. ඒත් ඌට ලැජ්ජ නෑ. ලැජ්ජා නැති පකෙක්. වනචරයා...මගෙ අන්තිම ඕඩර් එකත් සව් කරල බෝඩිං කාමරේට ගියෙ වැල්ලට යන්නවත් මට පනක් නැති නිසා. ඇදුමත් ගලෝලා දාලා දාඩිය පිටින්ම හොද වතුර කෝප්පෙකුත් බීලා එහෙමම බිමට දාල තියන මෙට්ටෙ ඇලවුනා. සනීපයි. කැක්කුම අරං තියන කොන්ද කකුල් උරහිස් වලට් නිවාඩුවක් දීලා මං ඇස් පියාගත්තා.
YOU ARE READING
THE RED ROSE
FanfictionA little red rose that blooms at night and is full of fragrance....