18 වන කොටස

Comenzar desde el principio
                                    

ඇත්තටම අපි ආදරය කලාද අයියේ.... මට තාමත් එක තොරගන්න බෑ.... උඹ කියන විදිහට මගේ ලග දාහක් වැරදි තියෙන්න ඇති.... මම උඹව හිගන්නේක් වගේ පාරක අතරමන් කරලා මම කසාදයක් කරගෙන පාඩුවේ සතුටින් ඉන්න ඇති..... ඒත් ඇයි රත්තරන් අයියේ මගේ අහිංසක කුඩුව කඩලා බිදලා දැම්මේ... මගේ පපුව පත්තුවෙලා වේදනාවෙන් අඩා වැටෙනවා දකින්න ඒ තරම් උඹ ආසයිද මගේ අයියේ.. අපි දෙන්නා අතර තියන දේට අර අහිංසක බඩ දැරු ගෑනිව මැදිහත් කරගත්තේ ඇයි මගේ අයියේ.... මම අවංකව ඒ මනුස්සයට ආදරය කරනවා අයියේ... උඹට ආදරය කරපු තරමට බැරි උනත් මගේ මුලු හදවතින්ම මගේ ගෑනිට ආදරෙයි අයියේ....මම ඒ අහිංසකීව රැකගන්න ඕනෙ අයියේ.... ආරක්ෂා කරගන්න ඕනේ...ඇත්තට ආදරය කියන්නේ ඕකට මගේ අයියේ....

අපි ආදරය කරන කෙනා මේ ලෝකේ කොහේ හිටිත් හොදින් ඉන්න කියලා අපි සාමාන්‍යයෙන් පතන්නේ අයියේ... ඒ මනුස්සයාගේ සතුට රැකවරණය ආරක්ෂාව පතන්නේ.... ඒ හැමදේම අපේ ආදරය ඇතුලේ තිබුනා කියලා ඔයාට සහතික වෙන්න පුලුන්ද මගේ අයියේ.....

අම්මා අප්පච්චි අතෑරලා මේලෝකේ මගේම කියන හැම එකාම අතෑරල උඹ ගාවට ආව මාව උඹට ආරක්ෂා කරගන්න බැරි වුනා අයියේ... උඹ මාව යකාගේ කටට අතෑරලා පවුකාර විදිහට ඒ යක්කු මගේ රිරි මාංශ උරාබොන හැටි බලාන හිටියා.... බඩ කොර වෙලා අඩියක් තියලා අඩියක් ගන්න කොට ලේ වැක්කෙරන තුවාල වල වේදනාව දාරගන්න... දිග ඇරගන්න බැරිව කොරවෙච්ච බඩ අල්ලන් ඇවිදින කොට උඹ කිව්වේ තව මදි තව මදි තව නැගිටින්න බැරිවෙන්න දෙන්න ඕනේ... ඕකාගේ මෝල් ගාය නැට්ටම හිදෙන්න දෙන්න ඕනේ කියලා... උඹ එහෙම කියන කොට මට දාරගන්න බැරිවුනා.... ඇත්තටම මේකද මගේ අයියේ උබේ ආදරය... උඹ මේකටද ආදරය කියලා කියන්නේ.....රෑ එලිවෙනකම් තුන් හතර පාර උබේ සතුට වෙනුවෙන් දරාගන්න බැරි සිමාවෙදිත් වේදනාව දරාගෙන උඹට හැමදේම දීලා උඹට ආදරය කරගෙන උඹත් එක්ක ජිවත් උනාට මට මෙහෙම කරලා මදි කියලා මට කෑගහලා කියන්න හිතුනා.....

ඒත් මගේ ගෑණි ... මට දාරගන්න බැරි අයියේ ඒකයි... මට පුංචි සීරිමක් උනත් එයාට දාරගන්න බෑ අයියේ.... පුංචි ඔලුවේ කැකුමක් දැනිලා හිටියත් ඔඩික්ලෝන් දාල අතගාල පුදුම ආදරයෙන් බලාගන්නේ... මට දැනෙන  පුංචිම පුංචි වේදනාවක් වත් එයාට උහුලන් ඉන්න බෑ අයියේ.... මගේ වේදනාව හැම වෙලාවෙම මට වඩා එයාට දැනුනා.. ඒ වගේම මම වේදනාවෙන් විදවනට වඩා දහස් ගුණයෙන් එයා මම වෙනුවෙන් විදෙව්වා....මගේ පුංචිම පුංචි දේ පවා හොයල බලලා නාවල කවලා පොවලා දරුවෙක් බලාගන්නවා වගේ මාව බලාගත්තේ.... ඔවු උඹ කියන එක ඇත්ත... මට ඒ ආදරය උබේ මතකයක් මගේ හිතෙන් අතුගාලා දාන්න පුලුවන් උනත් මරන්න බැරිවුනා.... ඒත් ඒව හිතනකොටත් නංගිට ගින්දර දුන්න එකට මට සමාවක් නම් ලැබෙන්නේ නැතිවෙයි අයියේ....

බිදුණු හැගුමන්Donde viven las historias. Descúbrelo ahora