ආයිමත් දවසක...17

Start from the beginning
                                    

ජීවිතේ කවමදාවත් නොදැන ඉදපු කෙනෙක් වෙනුවෙන් මෙහෙම වදවෙන්නෙ ඇයි උබ කියලා යශිරගෙ හිත එයාගෙනම ඇහුව උනත් එයා ඒක ගනන් ගත්තෙ  නෑ...

කෝල් එක ඉවර වෙලා තත්පර ගානක් යද්දි වත්තට වාහනයක් ආව කියල යශිරට දැනුනා...
ඉතින් යශිර කාබරෙන් එලියට ආවෙ ඒ එන්න ඇත්තෙ දැන් ටිකකට කලින් කෝල් කරපු කෙනා වෙන්න ඇති කියල හිතන ගමන්..ඉතින් එයා කාබරෙන් එලියට එද්දු එයා දැක්කෙ ටිකක් කලබලෙන් වගේ ගේ ඇතුලට එන සහස්ව..

සහස්ව දකිද්දි තත්පර ගානක් යශිරගෙ ඇස් පුදුමෙන් ලොකු උනා...

" යශිර..... ඔයා යශිර්  නේද..."

සහස් යශිරව දැකල අහද්දි යශිර වගේම සහසුත් පුදුම වෙලා ඉන්නව වගේ යශිරට දැනුනා..

" ඔව්... ඔයා සහස් නේද..."

"ඔව්.. කෝ චලන අයියා..."

සහස් අහද්දි තමා සහස්ට චලනව මතක්  උනේ ...

" අර රූම් එකේ..."

යශිර පෙන්නද්දි සහස් දඩි බිඩියෙ කාබරේ ඇතුලට ගියා...

යශිරත් එයාගෙ පස්සෙන්ම ගියෙ අන්තිමට ඒලෙවල් කාලෙ දැක්කට පස්සෙ ආපහු කවමදාවත් දකින්න නොලැබෙයි කියල හිතපු එයාගෙ පරන යාලුවෙක් උන සහස්ව ආයි දැකපු නිසා..
එයාට මතක තරමින් සහස් ඒලෙවල් ඉවර වෙද්දි ලන්කාවෙන් යන්න ගියා..
ඉස්සර හොද යාලුවො උනත් පස්සෙ පස්සෙ එයාල ටිකක් ඈත් උනා.. සහස්ගෙ හොදම යාලුව උන් කවීන්ද නම් එහෙම් මෙහෙන් ඉදල හිටල මැසේජ් එකක් දාල යහතින් ඉන්නවද කියල බැලුවත් මිනිහත් කාලෙකින් යශිරට කතා කරල තිබ්බෙ නෑ..

සහස් චලන ලගට ගිහිල්ල ඇදෙන් වාඩි වෙලා චලනගෙ ඇගට අත තිල උන බලනව යශිර බලන් ඉදියා.. ඊට පස්සෙ සහස්ගෙ බෑග් එකේ තිබ්බ ස්ටෙතස්කෝප් එකක් ඇදල ගත්ත සහස් චලනගෙ පපුවට ඒක තියල කන් දෙද්දි තමා යශිරට සිහියට ආවෙ සහස් ඉස්සර ඉදන්ම දොස්තර කෙනෙක් වෙන්න කොයි තරම් ආසාවෙන්ද ඉදියෙ කියලා..

එහෙනම් උබ කිව්වා වගේම දොස්තර කෙනෙක් උන නේද සහසෝ....

යශිර හිතෙන් කියද්දි තව ටික්ක්ක් එයා චලනව චෙක් කරලා කොලයක් අරගෙන මොනවද කුරුටු ගාලා අයි සක්කුවෙන් එයාගෙ ෆෝන් එක ඇදල ගත්තා ....

ආයිමත් දවසක .Where stories live. Discover now