ආයිමත් දවසක...16

Start from the beginning
                                    

බයික් එක පාර අයිනෙ නවත්තපු යශිර හෙල්මට් එක ගලවල බයික් එකේ තිලයා බයික් එකෙන් බැහැලා එහෙමම ආයිමත් බයික් එකෙ පැත්තකින් වාඩි වෙලා එයා ඉස්සරහින් අනන්තයට වෙනකම් ඈතට දිවෙන මුහුද දිහා බලන් ඉදියෙ හිත ගොඩාක් සන්සුන්  වෙනව කියල දැනෙද්දි .
විශල් ගැන අනූ ගැන අම්මල ගැන මතකය එහෙන් මෙහෙන් උඩ ආවථ් යශිර ඒ මතකයන් වලට හැගීම් ගලපන්න ගියෙ නෑ...
ආදරය කියන දේ හරි අමුතුයි කියල යශිරට දැනුනෙ ආයිමත් මුහුද දිහා බලාගෙන් ලොකු හුස්මක් හෙලද්දි
විශාල් කියන්නෙ එයාගෙ ආදරේ...
ජීවිතේ ඕන පරිත්‍යාගයක් විශාල් වෙනුවෙන් කරන්න එයා ලෑස්ති උන කාලයක් තිබ්බා.. ඒත් දැන්.. ඒ ආදරය අනුකම්පාවකට පෙරලිලා..
විශාල් ගැන නෙවෙයි ඒ තමන් ගැනමයි කියලයි යශිරට දැනුනේ.

යශිර ආයි ලොකු හුස්මක් හෙලල අතේ බැදන් ඉදපු ඔරලෝසුව දිහා බැලුවෙ ගෙදර යන්න කලින් තව ටිකක් වෙලා ඉන්න පුලුවන්ද බලන්න. මොහොතකට ඔරලෝසුවෙ කටු එක්ක යාවුන  යශිරගෙ ඇස් ඊලග තත්පරේ ඇදිලා ගියෙ පාරෙ දිගේ එන කෙනෙක් දිහාට  යාන්තමට වැවෙන්න දීල තිබ්බ කැරලි කොන්ඩය එක්ක හරිම අමුතු චාම් සරල බවක් තිබ්බ ඒ රූපය  යශිරගෙ මතකයට ගෙනාවෙ බිනරව..
බිනර තරම්ම වගේ උස උන ඒ පිරිමි ලමයා ඇදන් ඉදපු ලා නිල් පාට ශර්ට් එක වැලමිට   ලගට වෙනකම් නවලා තිබ්බා අතේ අලු පාට වොච් එකක් ගැටගහලා සයිඩ් බෑක් එකක් දාගෙන ටිකක් අමාරුවෙන් වගේ ඇවිදගෙන ආපි ඒ රූපය ලග ඇස් ඒ තරන් නතර උනේ  ඇයි කියලා යශිරට හිතුනෙ නෑ.. ඒත් මොක්ද්දො මන්දා කියාගන්න බැරි ආකර්ශනයක් ඒ පිරිමි රූපය නිසා හිතේ ඇදෙද්දි යශිර ඇස් කොනෙන් ඒ  කෙනා දිහා බලන් ඉදියා..

අමාරුවෙන් ඇවිදගෙන් ආපු ඒ රූපය යශිර දිහා යාන්තම් වත් නොබලා පාර දිගෙ යද්දි යශිරගෙ හිත පොඩ්ඩක් නොරිදුනාම නෙවෙයි  ඒත් යශිර ඒක ටක් ගාල අමතක කරල දාල ආයි මුහුද දිහා බලන්න ගත්තා...

හිතේ කෑගහ ගහ කිව්ව මොකක්දෝ මන්දා හේතුවකට යශිරට ඕනි උනේම ආයිමත් ඒ රූපෙ දිහා බලන්න ඒත් යශිර ඒ දිහා බැලුවෙ නෑ... ඒත් තත්පර ගානක් යද්දි යශිර ආයි ඒ කෙනා ගිය පැත්ත හැරුනෙ එක පාරටම වාහනයක් හයියෙන් හෝන් කරපු නිසා...
...................................................

ආයිමත් දවසක .Where stories live. Discover now