තිස්එක්වන මේඝය

Start from the beginning
                                    

"බලපන් ඇස් ඇරලා හොඳට බලපන්..."

පන්සිළු ෆෝන් එක යශේන්ගෙ මූණටම ළං කරලා පෙන්නද්දි යශේන් කිසිම හැඟීමක් නැතුව ඒ දිහා බලන් ඉදියා...

"බයික් එකේ යතුර අතේ තියාගෙන මොකටද යකෝ උබ පාකින් එකට ගියේ ආහ්.... කියපන්... ඇයි උබ බොරු කිව්වේ...."

තව තවත් යශේන්ගේ කොලර් එකෙන් තද කරලා අල්ලගන්න ගමන් කෑගැහුවා.. අවින්දිට නම් ඒ හැමදේම මහ විකාරයක් වගේ... කෙල්ලගේ හිතට ඒ දෙන්නගේ හැසිරීමෙන් වගේම යශේන් බොරු කිව්වා කියලා කියද්දිත් දැනුනේ තවත් කලකිරීමක් විතරයි...

"මන්.. මන් ගියේ යස්විව බේරගන්න..."

"උබ එතනින් ගියපු නිසා තමයි යකෝ මේ හැමදේම මෙහෙම උනේ මෝඩයා... කියපන් මොකක්ද වුණේ කියලා..."

"මන්-මන් යස්වි ළඟ සෝර්ට් අවුට් කරලා තිබුණු ෆයිල් එක දෙ-දෙන්න මන් ගියේ..."

"මොළේ හොඳ නැද්ද මිනිහෝ..."

ආයේම බෙල්ලත් එක්ක තදින් අල්ලගෙන පන්සිළු කෑගැහුවා..

"මට-මට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ... මට ඕන වුණේ යස්-යස්විව බේරගන්න... දවල් මට restricted number එකකින් කෝල් එකක් ආවා..

ඒ මනුස්සයා කිව්වා.. ඒ ඔක්කොම එවිඩන්ස් ටික එයාගේ අතට දුන්නොත් යස්වි-යස්විව අතාරිනවා කියලා.. ඒ හින්දා මම.. එයා අයියට යවන්න පෙන් ඩ්‍රයිව් එකට දාපු-දාපු ඩොකියුමන්ට්ස්වල කොපි එකක් අරගෙන මගේ ළඟ තියාගත්තා...

අපි දෙන්නා ලිෆ්ට් එකට නැගලා මම රෙකෝඩින් එක ගන්න කොට තමයි මට නො-නොටිෆිකේශන් එක ආවේ... පාකින් එකට එන්න කියලා.. මන් ඒ හින්දා ඉක්මනට ඒ වෙලාවට සෙකන්ඩ් ෆ්ලෝ එකෙන් බැහැලා.. පහළට ගියා...

ඒ ගියාම කවුරු-කවුරුත් ඉදියෙ නෑ.. විනාඩි පහක් දහයක් බලලා මම ආයේ-ආයෙම ගෙදර එද්දි.. යස්වි නෑ.. ඊටපස්සේ මන් අපේ ෆ්ලෝ එකේ එයාව හොයද්දි තමයි.. ලිෆ්ට් එකේ දොර-දොර ඇරුනේ මගේ ඉස්සරහා.. ඒ වෙලාවේ... ඊටපස්සේ...."

එතනින් එහාට යශේන් තව මොනවත් ම නොකිය පිස්සෙක් වගේ අඬන්න ගත්තා.. යශේන් බයික් එකේ යතුරත් අතේ තියන් පාකින් ලොට් එකේ ඉඳගෙන වට පිට බල බල ඉන්න සීසීටීවි ෆුටේජස් ප්ලේ වුණු වීඩියෝ එක නවත්තපු පන්සිළු ෆෝන් එක ආයෙම තමන්ගේ පැත්තට අරගෙන යශේන්ව කොලර් එකෙන්ම ඇදලා අරගෙන පැත්තකට විසිකළා...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now