අටවන දිගහැරැම

Начните с самого начала
                                    

" සුදු ආච්චි ......සීයතාත්තා නැගිට්ට ද...... කෑම කන්න එන්නෝ..... "

සීයතාත්තාගෙ කාමරේ පැත්තෙන් ඇහුන සුදුආච්චිගෙ කටහඩ නිසා මම හිතුවෙ සීය තාත්තා නැගිටල කියල වෙනකොට මම කන්න කතා කරා ...... හිතට ආව සින්දුවකුත් මුමුණ මුමුණ මම ඉතුරු රොටි ටික පුච්චන්න ගත්ත.......

" ලස්සනයි ............. "

කන ලගින්ම ඇහුන ඒ කටහඩට ගැස්සුන මන් පිටිපස්ස හැරෙද්දි එතන හිටියෙ ......

" පුංචි හාමු ........ "

" හොදට සින්දු කියන්න පුළුවන්නෙ ලමයට ........ ආ.... මේ ටික සීයතාත්තට දෙන්න
........"

" මොනවද පුංචි හාමු..... "

" විටමින් වගයක්..... සීයාතාත්තාට දෙන්න ...... මන් අද උදේ හොස්පිටල් එකේ දි කතා කරාට ඇහුන්නෑ වගේ ගියානෙ. ........ "

" මම හිතල කරේ නෑ..... මම හිතුවෙ වෙනකවුරැහරි කාටහරි කතාකරනව කියල. ........ පුංචි හාමු මේ විටමින් වලට කීයක් ගියාද? ....... "

"ඇයි ඒවට සල්ලි දෙන්න ද ...... පොඩි පණ්ඩිතය කීවෙ මම බොරැවට ද..... මම ඩොක්ටර් කෙනෙක්... ලෙඩෙක්ට බෙහෙත් දීල සතුටු වෙන්න විතරක් මට පුළුවන්. ...අනික මට හොස්පිටල් එකෙන් පඩියක් දෙන්නෙ ඒකට තමයි......... දන්නවද නෙළුම් ....මගෙ ජීවිතේ මම ආසාවෙන් කරන එකම දේ මේ රස්සාව විතරයි........ "

" ඒත්...පුංචි හාමු. ..... "

" ඒත් මේත් මොකද. ...... මට බඩගිනියි. .... ඒකට හරියන්න මට ඔයා හදපු දෙයක් දෙන්න. ...... ....... මොකද ලමයො බලන් ඉන්නේ. .... ඔය රොටියක් ගන්න කන්‍න මට ..... ඉස්සරහට සුවදත් ආව. ...... "

මම තැටියෙන් බාගත්තු ගමන් උණුවෙන්ම රොටියක් පිගානකට දාල ඒ මැද්දට ලුණු මිරිස් ටිකක් දාල පුංචි හාමුගෙ අත උඩින් තිබ්බ. .... ........ පුංචි හාමු කෑම කන හැටි මට නිකන්ම බැලුන. ..... මන් දැකල තියෙනවා සීය තාත්තා කනකලුත් සුදුආච්චි බලන් ඉන්නවා. .... ඊට පස්සේ කෑම රසයිද අහනව. ......ඒ මම පුංචි කාලෙ. ..... ඒත් මොන හේතුවකටද මන්ද මටත් එහෙමම උනා......හරියට සුදු ආච්චි වගේ මමත් බලන් උන්න. .... පුංචි හාමු කන දිහා මමත් ඔහේ බලන් උන්න. ........ ඇත්තටම වලව්වට පුංචි හාමු',.රෝගීන්ට වෛද්‍යවරයෙක් උන පුංචි හාමු පොඩි එකෙක් වගේ මගෙ ඉස්සරහ රොටී කකා ලී පුටුවට වෙලා වාඩිවෙලා උන්නා ........

The white  lotus   ( Complete )Место, где живут истории. Откройте их для себя