කිසිදාක නොදැනුනු,
නමුත් සෑමදිනකම සිහින මැවූ,
අව්‍යාජ ප්‍රේමය යන ලෝකයක් වන් හැගීම
අසීමිත අයුරින් ලබාදෙන ඒ අහිංසක සිතට
මියදෙන තුරුම මම පන මෙන් ආදරය කරමි!!...
(I love You so much Babe Real_User_)

පැය බාගයකට ලං වෙන්න ඒ නිහඩකම රැකගෙනම අපේ ආදරෙ උනුහුම අපි ඇතිවෙනකන් විදගද්දි එයා වෙනුවෙන් මගේ හිත පුරා පිරිලා තියෙන ආදරය එක මිටකට අරගෙන මම මගේ හඩ අවදි කරා...

Me "මහත්තයෝ"

Gauraw "ම්ම්ම්... "

Me "උබ මගෙ පන මැනික"

ඒත් එක්කම මම දැක්කෙ පියවිලා තිබ්බ ඇහිපිය ඇරලා ගෞරව් මගේ ඇස් දිහා බලාගන්න විදිහ... එයා වචන වලින් පිලිතුරු දෙන්න කලින්ම ඒ හුරතල් ඇස් දෙක මට මගේ පිලිතුර ලබාදුන්නා... ඒ මැනික් කැට දෙක ලස්සනට දිලිසෙන විදිහෙන් එයාලා මට කිව්වෙ එයාගෙ හිතේ මන් වෙනුවෙන් තියෙන අසීමිත ආදරේ ගැනම විතරයි...

Gauraw "ඒක ආයෙත් එක පාරක් කියන්න"

Me "උබ මගෙ පන මැනික, මගෙ පන"

නිමේශයක් යන්නත් කලින් මගේ ඇග වටෙන් අත් දෙක යවලා ගෞරව් මගේ පපුවට තදින් තුරුල් උනේ, මගේ පපුව අස්සෙම මූන හංගගෙන එයාගෙ කටහඩ අවදි කරන ගමන්...

Gauraw "ආදරෙයි මන්"

Me "කොච්චරක්ද"

Gauraw "පනටත් වඩා ආදරෙයි මගෙ මහත්තයො මන් ඔයාට"

Me "මාත් රත්තරනෙ, I Love U Soo Much, ඔයාව ලැබුනට පස්සෙ තමයි මට දැනෙන්න පටන් ගත්තෙ මම ජීවත් වෙනවා කියලා, මගේ ලෝකෙම ඔයා මැනික, වචනෙන් කියන්න තේරෙන්නෙ නෑ ඔයාට කොච්චර ආදරෙයිද කියලා"

මගේ පපුව අස්සෙ මූන හංගගෙන ඉන්න ආදිගෙ කෙස් අස්සෙන් මගේ ඇගිලි යවලා එයාගෙ ඔලුව සියුමැලිව අතගාන ගමන් මගේ ආදරේ මම වචන වලට පෙරලනකොට එයාගෙන් මට ආපිට පිලිතුරක් ලැබුනේ නෑ...

Me "බබා"

Gauraw "ම්ම්ම්"

Me "මොකෝ සද්ද නැත්තෙ"

Gauraw "නිකන්"

ගෞරව්ගෙ පිලිතුරත් එක්කම එයාගෙ වෙවලන කටහඩින් තමයි මට තේරුනේ එයා අඩනවා කියලා... ඒත් එක්කම මම මගේ පපුව එයාගෙ මූනෙන් එහාට අරගත්තා, මම දැක්කෙ දිලිසෙන කදුලු කැට වලින් පිරිලා තියෙන මගේ අහිංසකගයගෙ ඇස් දෙක...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now