සත්වන දිගහැරැම

Începe de la început
                                    

උදෙන්ම උයල පිහල ඉවරඋන ගමන්ම ලිදෙන් නාගත්ත මන් ඉක්මනටම වැවට යන්න ලෑස්ති වුනේ මල් කඩන්න බලාන....... ඒත් වෙනද සීයතාත්තා මේ වෙනකොට ඇහැරිල ඇවිල්ල තිබුනත් තාම ඇවිත් නොවුවු කොට මම තේ දෙකකුත් හදාගෙනම කාමරේට ගියා......

" සීය තාත්තා . .... සුදු ආච්චිත් එක්ක නැගිටල මේ තේක බොන්න. ...... "

" අනේ මැණික මේ බලන්නකො...... "

" ඇයි සුදු ආච්චි ........ "

මම හෙමීට පාත්වෙලා සීයතාත්තාගෙ නලලින් අත තියල බැලුව. ......

"අනෙ සුදු ආච්චි..... ඇයි මට කතා නොකරෙ ...... සීයතාත්තාට හොදටම උණනෙ............"

" මම කතා කරන්න හැදුව දරැවො කොහෙද දුන්නෙ නෑ නෙව....... ඊයෙ පුතා එනකන් අර පින්නට වෙලා මම එපා කියද්දී බලාන උන්නනෙ ..... ඒක නිසා වෙන්න ඇති දරැවො. ...... "

" සීයතාත්තා නැගිටින්න ...... මගෙ හොද සීත තාත්තනෙ ..... අපි යමු බෙහෙත් ගන්න. ....... "

" ඕ..න්..න...වෙ...න්නෑ.... දරැ..වො..... ඔය...කො....ත්ත...මල්ලි ටි..ක..ක්.... බිව්වාම..... හරිය...යි..... "

" සීයාතාත්තා. .... ඔන්න නරක සීය තාත්තා වෙන්න යන්නේ නේද..... මම ගිහින් හන්දියෙ ත්‍රීවීල් පාක් එකෙන් ත්‍රීවීල් එකක් අරන් එන්නම් සුදු ආච්චි. ...... එතකන් පරිස්සමට ඉන්න ........ සීය තාත්තා මම ඔයාව ලෑස්ති කරලම යන්නද...... "

" එපා....ද..රැවො....මට.....පු...ලු...වන් ."

"හ්ම්ම්ම් ..... "

හන්දියට ගිහින් ත්‍රීවීල් එකකුත් අරගෙන ආව මන් සීය තාත්තා වගේම ගෙදර තනියම දාල එන්න බැරි නිසා සුදු ආච්චිවත් දාගෙනම හොස්පිටල් එකට ගියා.......සුදු ආච්චිවත් ත්‍රීවීල් එකේ නතර කරවපු මම ගිහින් සීය තාත්තට බෙහෙත් ගන්න අංකයකුත් ගත්ත..... අංක තුන...... උදෙන්ම ආව නිසා හොස්පිටල් එකේ හම්බවුන අංකෙට සීය තාත්තාව එක්ක ගිය මන් බෙහෙතුත් අරන් දීල ඇවිත් ත්‍රීවීල් එකට නැග්ගල එන්න ආව. ...... කවුරැහරි කතා කරන හඩක් මට ඇහුනත් වෙනකාටහරි කියල හිතුන මම හොස්පිටල් එකෙන් එන්න ආව. .........

බොහොම අමාරුවෙන් සීයාතාත්තාට බත් කටක් දෙකක් කවා ගත්ත මන් බෙහෙතුත් දීල ඇවිත් බත් කටක් කෑව.......

The white  lotus   ( Complete )Unde poveștirile trăiesc. Descoperă acum