නිසලව ගලන මුත් ගග
ගලන දිය දනී එහි ගැඹුර
අර පේන කිරි සමුදුර
බලාසිටි නුබ පැමිනෙන තුරුම
කඩතොලු මතින් නුබ
මෙතරම් නොයිවසිලි මන්ද?
සයුරු තෙර වැලදුමට
නොරහසක් බව දනිමි මම
තාමත් සීමාවක් නැතුවම බෝදිය දිහාට මිනිස්සු ඇදෙනව..මොන මොන හේතු ඇත්ද එයාලට..මං අද ආවේ ඇයි?..අද මං නෑවිදින් කොහොම්ද මෙතනට..ඒත් මොකක්ද අඩුවක් දැනෙනව..හ්ම් එයා නැතුව කොහොමද මං සම්පූර්න වෙන්නෙ..අවුරුද්දක් ගියාද කියන්න බැරි තරමටම කාලෙ හරි ලස්සනට වෙනස් වෙලා..
''සනූපමා''
මං ගැස්සිලා පිටිපස්ස බැලුවා
''දෙයියනේ අශූ ඔයා..''
නොහිතපු වෙලාවක නොහිතපු කෙනෙක් හම්බුනා ..අශානා..හැමදාම මගෙත් එක්ක දුක සැප බෙදාගත්තු මගෙම යාලුවා..මාතර හිටපු ාඅශානව මට හම්බුනේ කොලඹ කැම්පස් එකෙන්..ගම් නෙමේ පලාත් විදියටත් අපිට වෙන් වෙන්න උනේ උපාදිය හම්බෙනකන්ලැබුන මාස ගානක් නිවාඩුව හින්දා
''මොකෝ කලු ගග දිහා බලං අදත් භාවනා කරනවද?''
මං අශූ දිහා බලාගෙන හිනා උනා
''ඔයා නම් එදා හිටපු කෙනාමයි සනූ''
''මං මොකටද වෙනස් වෙන්නේ..ඉතිං ඉතිං කෙල්ල මොකෝ මේ පැත්තේ''
කලු ගගට සමුදීලා මං අශුත් එක්ක ඇවිදගෙන ආවේ පල්ලෙහා තිබුන බංකු පේලිය ලගට
'' නැන්දම්මව බලන්න ආවා..''
අශූ හිනාවෙන ගමන් බංකුවෙන් වාඩි උනා
''නැන්දම්මවද?නැත්තං නැන්දම්මගෙ පුතාද?''
මං ඇහුවේ එහාපැතෙන් වාඩි වෙන ගමන්
"'පුතා නැත්තං නැන්දම්මා වෙන්නේ නෑනේ බං''
''ඕකනේ කියන්නේ මාතර කෙල්ලොත් එන්නෙ කලුතරට කොල්ලො හොයන්''
''අනෙහ් වැඩේමයි..කලුතරට වැඩිය ලස්සන කොල්ලො එහෙ ඉන්නවා හරිද නංගි..ආ කනවද?''
අශානා කිව්වෙ අබ අච්චාරු කවරයක් මගෙ අතටදෙන ගමන්..
''අම්මෝ මැනිකේ ඔයා තමා මගෙ ආසාව දන්නේ..ඉදහන්කො නවීශට කියන්න..මෙයාට මාතරින්ම කොල්ලෙක් හොයලා දෙන්න කියලා"'
මං කිව්වෙ අබ කෑල්ලක් කටේ දාගන්න ගමන්
''පවුල් කඩන්නැතුව ඉදිං උබ ආ..ඕක තනියම කන්නේ මටත් දීපන්''
''අනේ උබම කාහන්..''
අනිත් පැත්තට කවරේ අශූගෙ අතට දුන්න මම ආපහු කලු ගග දිහා බැලුවා
''කොල්ලෙක්වත් නෑනේ මෙතන..එදා වගේ මෙයාට ගෙනත් දෙන්න කියන්න..''
අශූ කිව්වේ ඇහක් ගහන ගමන්..මුකුත් නොකියපු මම හුස්ම්ක් හෙලන ගමන් ඔහේ බලන් හිටියේ ඇස් වලට කදුළු උනද්දි..එදා වගේ උනානම් අදත්
''ඒ කෙල්ලේ උබට් අඩන්න දෙයක් කිව්වද මං ඔය කදුලු පිහදාගනින්''
අශූ කිව්වේ ලෙන්සුවෙන් මගෙ ඇස් පිහදාන ගමන්
''එදා මතක් උනා මට..'' එයා එන්නෙ නෑ කියලා දැනගෙනත් තාමත් සෙන්ග අස්සෙ මේ ඇස් හෙව්වෙම ඒ පුරුදු රූපේ
''මතකයි මතකයි මටත්...මේක එයා දුන්නෙ කියලා හිතන් කන්නකො''
ආපහු අච්චාරු එක මට දුන්න අශූයි මායි අතර ටිකක් වෙලා තිබුනේ නිහැඩියාවක්
සයුරෙහි හැගුම් නිමක් නැත
ගග පැමින සිපගනු තුරුම
බලා හිදිමි සයුර මෙන් මම
නුඹ පැමින වැලදගනු තුරු
එදා මෙන් අද
.........................................................................................................
Part 1
Comenzar desde el principio
