ආයිමත් දවසක...13

Începe de la început
                                    

එයා දිහා නොබල එක පාරටම අහක බලාගන්න විශාලව දක්කහම යශිරට පොඩිමවත් දුකක් දැනුනේ නැහැ එයාට දැනුනේ අනුකම්පාවක් , කියාගන බැරි අසරණ කමක් එක්ක හරිම හිස් බවක් යශිරට දැනෙද්දී එයා එල්ලගෙන ආපු බෑග් එකී තිබ්බ ලන්ච් බොක්ස් එකක් එලියට අරගෙන වීශාල් ලග තිබ්බ මේසෙන් තිබ්බා
“ දැන් කොහොමද බන් “
යශිර එද්දී අරගෙන ආපු පලතුරු ටිකකුත් මේසේ උඩින් තියද්දි වීශාල් යශිර දිහා යාන්තමට බැලුවා එතකොට තමි එයා දැක්කේ යශිර එයාට ගෙනහල්ල  තිබ්බ පලතුරු ගොඩේ තියන ස්ට්‍රෝබෙරි පාර්සල් එක දකිද්දී විශාල්ගේ හිත ආපහු වේදනාවන් පිරිලා ගියේ යශිර තවමත් එයාගේ ජිවිතේ දේවල මේ තරම් හොදින් මතක තියාගෙන් ඉන්න එක මොකද වීශාල් පොඩිම කාලේ ඉදල ගොඩක් ආසයි ස්ට්‍රෝබෙරි  කන්න.

“ මොකො ඒපාර උබට කතා කරනත් අමතක වෙලාද...”
යශිර ආපහු ඇහුවේ ඇදට වෙලා එය දිහා බලන් ඉන්න වීශාල් දිහා බලන ගමන්
“ මොකද බන් ඇතටම උබට කතා කරන්න බැරිද වචනයක් ... උන දේවල් වෙලා ඉවරයි උබ කතා නොකර ඉදිය කියල අතීතය වෙනස් කරන්න උබට වත් මට වත් බැහැ...”

යශිර ආයිමත් කිව්වත් වීශාල් කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ ඒ හැමැ දේම නිසා උනේ යශිරට මේ  හැම දේම ගැන අමුතුම තරහක් දෑනෙන  එක 
“ උබ එතකොට මාත් එක්ක කතා කරන්නේ නැද්ද .... ඇයි බන් උබ මෙහෙම කරන්නේ..."

ඒත් විශාල් කිසිම සද්දයක් නැති නිසා යශිර ආයිත් කත  කරන්න ගත්තා...

" විශාල්...."

" මන් එක්ක කතා නොකරට කමක් නෑ ඇයි උබ අයිය එක්ක කතා නොකර ඉන්නෙ... ඒ උබේ අයියනෙ උබ දන්නවද ඒ මනුස්සය කොයි තරම් විදෙව්වද උබ නිසා කියල..."

"උබට ඇහෙන්නෙ නැද්ද යකෝ..විශාල්..."

යශිර ආයි කියද්දිම විශාල් ටිකක් සද්දෙන් කතා කරන්න ගත්තා..

" යශිර....අනේ පින් සිද්ද වෙයි කට වහගනින්..."

විශාල්ගෙ කේන්තියෙන් පිරුනු කටහඩ යශිරට ඇහෙද්දි ඇත්තටම යශිර ගැස්සුනා මොකද විශාල් කවදාවත් යශිරට එහෙම කතා කරල නැති නිසා

" මට පාඩුවෙ ඉන්න දීපන් බන්...පින් සිද්ද වෙයි... මට කතා කරන්න ඕනි නෑ...මගෙ දුක අහන්න කවුරුත් ඕනිත් නෑ..

ආයිමත් දවසක .Unde poveștirile trăiesc. Descoperă acum