ආයිමත් දවසක...13

Start from the beginning
                                    

"මන් මේ ඒක අහන්න තමා අයියෙ ගත්තෙ.. මන් විශාල්ව බලන්න යන්න හැදුවෙ..."

යශිර එහෙම ෆෝන් එකෙන් කියද්දි බිනර කර කර ඉදපු වැඩේ ටක් ගාල නවත්තලා  ෆෝන් එක අනික් අතට අරගෙන කනේ තියාගත්තා..

" මල්ලී... මේකයි..."

"ඇයි අයියෙ මොකක් හරි උනාද..."

"නෑ.. ඒත් විශාල්..."

" ඔව්.. ඉතින් කියන්න..."

යශිර ටිකක් නොසන්සුන් වෙන ගමන් අහද්දි බිනර ලොකු හුස්මක් හෙලුවා..

" විශාල් තවම ශොක් වෙලා ඉන්නෙ මල්ලි.. මාත් එක්ක වචනයක් කතා කරේ නැති තරම්....."

"හ්ම්ම්ම්... වෙන අවුලක් නෑනෙ නේද..."

" නෑ.. එයාගෙ තත්වෙ එන්න එන්න හොද අතට හැරෙනව කියල තමා ඩොක්ටල නම් කීවෙ..."

බිනර කියද්දි යශිරට දැනුනෙ ලොකු නිදහසක්...

" හරි අයියෙ මන් එහෙනම් එයාව බලල එන්නද...කමක් නෑනෙ නේද..."

"හරි මල්ලො ... අනික ඕකට මගෙන් අවසර ගන්න ඕනි නෑ බන්.. උබෙත් යාලුවනෙ ඌ..."

"හ්ම්ම් .. හරි අයියෙ ... ඔයා කාල බීලද..."

"උදේට කන්න පිරියක් තිබ්බෙ නෑ බන්.. ලන්ච් එකටම යනව දැන්...හරි මේ මන් තියන්නද ටිකක් බිසී බන් මන්..."

"හරි අයියෙ බුදු සරනයි..."

" බුදු සරනයි මල්ලි ..."

කෝල් එක ඉවර වෙලා යශිර ඉක්මනට ඇදගත්තා..
ඇදගෙන ඉවරවෙලා තව ටිකක් වෙලා අරමුනක් නැතිව එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉදපු යශිර එයාගේ බයික්  එකේ යතුරත් අතට අරගෙන  බෑග් එකත් එල්ලගෙන එලියට ඇවිල්ල දොර ලොක් කර ගිහිල්ල බයික් එකට නැග්ගා . අම්මලා නැති උනාට පසේ යශිරට අයිය බයික්  එකේ  යන්න  දුන්නේ නැතිම තරම් . ඒ නිසාම යශිර බයික් එකට නැගල ටිකක් වෙලා බයික් එක ස්ටාට් නොකර ඔහේ ඉදියේ ඒ හැගීමට අපහු හුරු වෙන ගමන් .
බයික් එක පාරට දාලා ඉස්ස්සරහට යද්දී හුලග හමාගෙන ඇවිල්ල ආපහු ඇගේ වදිනකොට දැනෙන ඒ පරණ සුවපහසු හැගිම් එකින් එක යශිරට  ආපහු මතක් කරද්දී යශිර තව ටිකක් බයික් එකේ වේගෙ වැඩි කරා.
යශිර විශාලව නවත්වල ඉදපු හොස්පිටල් එකට යද්දී ලෙඩ්ඩු බලන්න දෙන වෙලාව පටන් ගෙන තිබ්බේ ඉතින් එයා දාගෙන ඉදපු හෙල්මට් එක ගලවගෙන  අතට ගන්න ගමන් හොස්පිටල් එක ඇතුලට ගියා
ලිෆ්ට් එකේ යනවා වෙනුවට පඩිපෙළ දිගේ යශිර විශාලව නවත්වල ඉදපු වොඩ්  එකට ගියේ විශාලව දකිද්දී ගැස්සෙන හිත දැන්මම ඉදල පාලනය කරගන්න ඕනි නිසා .
...................................................................................................
වහල තිබ්බ දොරට දෙපාරක් තට්ටු කරලා යශිර විශාලව නවත්තල ඉදපු කාබරේ ඇතුලට ගියා
එතකොටම වගේ කාමරේ තිබ්බ ඇදේ ඇල වෙලා ඉදපු විශාල් කවුද ආවේ බලන්න වගේ දොර දිහා බැලුවා.ඒ ආවේ යශිර  කියල දකිද්දීම විශාල්ගේ හැගීම්  ආපහු අවුල් වෙනවා වගේ වීශාල්ට දැනුනා , පුංච්ම කාලේ ඉදැන් එකට ඉන්න තමන්ගේ එකම හොදම යාළුවා දිහා කෙලින් බලන්න බැරි තරමට හිත මහා වරදකාරී හැගීමකින් පිරෙද්දී වීශාල් කරේ යශිර  දිහා නොබලා අහක බලාගතත එක

ආයිමත් දවසක .Where stories live. Discover now