ආයිමත් දවසක...13

Start from the beginning
                                    

" අනේ විහිලු නොකර ඉන්න අක්කෙ.. ඔයත් ඉතින් ලකීනෙ මට තියන හැම දේම අපේ ලොකූටත් තියනවනෙ... අනික මන් බදින්නෙ නෑ.. "

" ඔයාට තියන හැම දේම අයියටත් තිබ්බට ඒ මනුස්සයව උදේට ඇහැරවනවට වඩා ලේසියි සුදූ මන් වැඩ ටික කරගන්න එක.."

අක්ක හිනාවෙන ගමන් කියලා ආයි කර කර ඉදපු වැඩේ කරන්න අරගද්දි යශිරගෙ හිත කිව්වෙ අක්ක කියන දේ ඇත්ත කියලා..මොකද අයිය කවදාවත් උදෙන් නැගිටින්න කැමති කෙනෙක් නෙවෙයි  ..."

" අනික ඔයා දන්නවද සුදූ.. ඔය බදින්නෙ නෑ බදින්නෙ නෑ කියන අය තමා මුලින්ම බදින්නෙ...."

" අනේ යන්න අනේ මන් කිව්වෙ ඇත්තටම ..."

අක්කයි යශිරයි ඔය වගේ විකාර කියව කියව ඉව්වා.. උයල ඉවර වෙලා අක්ක අයියව ඇහැරලවලා ඇදගන්න යන්න ඕනි කියද්දි යශිර අක්කව බලෙන්ම වගේ ඒ වැඩ ටික කරගන්න  යැව්වෙ  කුස්සිය එයා අස් කරන්නම් කියල ..

..............................................................

කුස්සිය අස් කරල දාපු යශිර ආයි ඇවිල්ල මූන සෝදගත්තෙ ඔරලෝසුවෙ වෙලාව හතට කිට්ටු වෙලා  කියල දකිද්දි ..
මූන සෝදගෙන ආයිමත් ඉස්සරහට ගිය යශිර පොඩ්ඩො දෙන්නව ලෑස්තිකරන්න අක්කට උදව් කරා..

....................................   ..........

අක්කයි අයියයි දෙන්නත් එක්ක පොඩ්ඩො දෙන්න එක්කම කාර් එකට නැගල යනව බලන් ඉදපු යශිර ලොකු හුස්මක් හෙලල හිත නිදහස් කරගෙන ආපහු ඉස්සරහ දොර වහල දාල ගිහිල්ල ඇදට වැටුනා..

ආයි ටිකක් වෙලා යශිරට නින්ද ගියා.. ඒ නින්දෙන් ආයි ඇහැරුන යශිර ආයි වොශ් එකක් දාගෙන ඉවර  වෙලා කුස්සියට ගිහිල්ල බත් බෙදන් කාල ආවෙ හිතට දැනෙන පාලුව තවත් ටික ටික වැඩි වෙනව කියල දැනෙද්දි...

ආපහු එද්දි දහයමාර විතර වෙලා කියල දකිද්දි යශුර එයාගෙ ෆෝන් එක අරන් බිනරගෙ නම්බර් එක ඩයල් කරේ අල්මාරිය ඇරල විශාල්ව බලන්න හොස්පිටල් එකට යන්න ඇදුමක් අරගන්න ගමන්...

" හලෝ.. මල්ලි... කියන්න...."

" good morning අයියෙ..."

"good morning ....කොලූ.."

" අයියෙ ඔයා වැඩද...."

"ඔව් මල්ලි.. නිවාඩු දාන්න බෑනෙ බන් හැමදාම අනික මල්ලිව මන් උදේ බලල ආවෙ.. "

ආයිමත් දවසක .Where stories live. Discover now