හයවන දිගහැරැම

Start from the beginning
                                    

" මම නෙළුම් කියන්න ගත්තෙ නමක් දන්නැති නිසා .......අනික මම මුලින්ම දකිද්දීත් නෙළුම් මල් ගොඩක් එක්කනෙ හිටියෙ....... එහෙම කීවට ඇත්තම නම මොකද්ද ....... "

" මොන නම කීවත් මන් මමනෙ පුංචි හාමු. ........ ලොකු මැණිකෙල මට කතා කරන්නේ පියසේනගෙ කොලුව කියල ......... පුංචි හාමුත් ඕන විදියකට මට කතා කරන්න. ............ "

"ඒත් මට එහෙම බෑ....... ආයෙ මට පුංචි හාමු කියල අහුවෙනව නෙමේ............ "

" එහෙනම්.... පුංචි හාමුට මම මොකක් කියල ද කතාකරන්නෙ ........ "

"අර ඉස්සෙල්ලා කතා කෙරැව විදියට කතා කරන්න. ........ "

පුංචි හාමු කියන්නෙ එයාට මහත්තයා කියල කතාකරන්න කියල..... ඇත්තටම එහෙම කතා කරන එක මට නුපුරුදු දෙයක් නොවුනත් දැන් ටිකකට කලින් පුංචි හාමු කීව නෝනගෙයි මහත්තයගෙයි කතාව නිසා මට නිකන් එහෙම කතා කරන්න මොකක් ද වගේ..... හරි අමුතුයි. .......

"දැන් ඔහොමම ගෙදරද යන්නෙ...... "

" නෑ..... පුංචි හාමු.......... ලොකු මැණිකෙ කියන වැඩක් කරල දීල යනව........"

" හ්ම්ම්ම්. ...... රෑ වෙන්න කලින් පරිස්සමට ගෙදර යන්න........ තව ටිකකින් මමත් යනව හොස්පිටල් එකට........ අද මට නයිට් ඩියුටි වැටිලනෙ .......... "

කාමරෙන් මම එලියට එද්දිම වගේ ලොකු හාමු බස්තමත් අතේ තියාගෙන නැමි පනාව හද හද ඉන්නවා. ......... මම දැක්ක නොදැක්ක ගානට කුස්සිය පැත්තෙන් එලියට ආවෙ කුස්සියෙ වැඩ කරන මැගිආච්චිට උයන්න පොල් ගෙඩි හත  අටකුත් ලෙලි ඇරල දීලමයි...... වෙනදට සීයාතාත්තා ලවාත්  මුර කරනවට අමතරව මෙහෙම  වැඩ කරව ගන්නව ඇති නේද කියලා  මට හිතුනා. ......

හයමාරත් වෙලා...... මම ගෙදර එන්න බලාගෙන වලව්වෙන් එද්දී පුංචි හාමුගෙ වාහනෙත් යනව බලාගෙන. ........  මට ආයෙමත් කල්පනා උනේ ගෙදර ගැන.... .. සීය තාත්තා ඉව්වද දන්නෑ. ........ එයාට වැඩිය ලිප ලග ඉන්නත් හොද නෑනෙ....... එහෙම උනොත් මම හෙට ඉදල වලව්වට එන්න කලින් උයල එනව....... ඒක හොදයි..... වැවට මල් කඩන්නත් යන්න බැරිඋනානෙ..... ම්..... හෙට උදේම මල් ටිකකුත් කඩාගෙනම යනව. .........
.........

" නෙළුම්. ....... ........ "

" පු......පුංචි හාමු ....... "

මගෙ ඉස්සරහ නැවතිල තිබුනෙ පුංචි හාමුගෙ කා එක වෙනකොට නම නොකීව නිසාද මන්ද පුංචි හාමු තාමත් මට නෙළුම් කියලම කතා කරා....... ඒත් පුංචි හාමු මෙතන වාහනේ නවත්තගෙන මොනවද කරන්නේ. ..........

" මොන ලෝකෙද ඉන්නෙ ........ මන් දැන් දෙතුන් පාරක්ම කතා කරා ....... ඇහුනෙ නැද්ද........ "

ගෙදර සිහියෙන් හිටිය නිසා පාරෙ යන එන වාහන ගැනවත් මට ගානක් ගියෙ නැති හැටියක්...... .......

" මට... ඇහුනෙ නෑ පුංචි හාමු. ........ "

" ඔහොම ඉන්නව ....... නගිනව කා එකට........ "

"අනෙ පුංචි හාමු. ........ තව ටික දුරයිනෙ ... මට මෙහෙම යන්න පුළුවන්. ......... ලොකු හාමු මෙතන නැති උනත් මම පුංචි හාමුගෙ වාහනේ ගියා කියල දැනගත්තොත් ඒක කොහොම ඉවරවෙයි කියලද පුංචි හාමු හිතන්නෙ......... පුංචි හාමුට කොහොම උනත් ඒ දේ මට මහ ලොකු දෙයක් වේවි. .....මම වගේම පුංචි හාමුත් ලොකු හාමුගෙ හැටි හොදටම දන්නවනෙ ..... එහෙම එකේ මම මෙහෙම කරන එකට පුංචි හාමු මාත් එක්ක කේන්ති ගන්න එපා........ අනික .......... ඔය රෝද හතරට වඩා මට මගෙ කකුල් දෙක විශ්වාසයි පුංචි හාමු .........දවසක් මම අතින් උන අත් වැරැද්දකට ලොකු හාමු දඩුවම් කරේ සීයතාත්තාට ..... එහෙව් එකේ මම මට වටින දේවල් ආරක්ෂා කර ගන්න හදන්න එකේ වැරැද්දක් නෑ නේද. ..... ."

"මමත් මට වටින දේවල් ආරක්ෂා කර ගන්න හදන්නේ කියල නොතේරෙන හැටියක්. .......මේ පොඩි පණ්ඩිතයට........ "


😊 i wish you merry Christmas day  🎅

😊ඔන්න  මේකෙ චැපියක්  ඕතරිය නත්තල්  gift එකක් හැටියට දුන්නෝ. .......

😀 එන සතියේ ඉදල ආයෙමත්  කතා ටික දෙන්න බලන්නම් හොදේ...... එතකන්  පරිස්සමට ඉන්න ඔයැයිලා.......

The white  lotus   ( Complete )Where stories live. Discover now