සිව්වන දිගහැරැම

Start from the beginning
                                    

අතේ තිබ්බ තේ දෙක ඒ දෙන්න අතට දෙනගමන් මම උදුපියලිය පියස්සෙ වාඩිවුනා. .........

" මැණික. ....... "

"කියන්න. .....සුදු ආච්චි ...... "

" දැන් අඩුද දරැවො ඔලුවෙ කැක්කුම........ නැත්තන් සීයතාත්තත් එක්ක බේත් ටිකක් ගන්න යමු දරැවො. ....... මැණික දන්නව ද .....පුංචි හාමු ටවුමේ ඉස්පිරිතාලේ දොස්‌තර මහත්තයෙක්ලු......... මගෙ කොල්ලට උගන්න ගන්න මට බැරි උනානෙ.......නැත්තන්...... "

"මං කිව්වනෙ සුදු ආච්චිට ඔය ගැන හිතන්න එපා කියලා. ...... මට කැම්පස් යන්න බැරිඋනත් මම මෙච්චර දුරට ඉගෙන ගත්තෙ ඔය දෙන්න හින්දානෙ......... ඒකනෙවේ සුදුආච්චි දැන් මෙහෙම රෑ වෙලා එලියෙ ඉදල මගෙ සුදු ආච්චිට පීනසේ හැදුනොත් මගෙ සුදුආච්චිගෙ කෙස් ගස් ටික ආයෙමත් සුදු වෙයි ........... "

" පිස්සු කොල්ල. ..... "

සුදු ආච්චි මගෙ ඔලුව අතගාද්දී මම ඒ ඔඩොක්කෙන් ඔලුව තියාගත්ත........මේ විදියට ජීවිතේම ඉන්න තියෙනවනම් මට හරි සැනසීමයි. ...... .

" අසනීප නිසා හෙට වැඩට නොයා ඉන්න දරැවො . ...... "

" එහෙම ඕන්නෑ සීය තාත්තා ...... මල් කඩේ ඇරිය කියල වැඩි මහන්සියක් වෙන වැඩක් නෑනේ ...... හෙට උදේම මල් ටිකකුත් කඩාගෙනම යනව........ සීය තාත්තා .... දැන් යමු කන්න. .... බේත් බීල එහෙම නිදාගමු... ගොඩක් රෑ වෙනකන් ඇහැරිල ඉන්න හොද නෑ........ "

දෙන්නටම කන්න දීල වලන්පිගන් ටිකත් හෝදල දාපු මම ඇගේ මහන්සියටත් එක්කම පැදුර උඩ ගුලි වුනා. ......

උදේට උයල තියල වැවෙන් මල් ටිකකුත් කඩාගෙන මම වෙනදවගේම බස් එකට ගොඩඋනා........... මං වගේම බඩ වියත රැකගන්න මහන්සි වෙන මිනිස්සු එකා දෙන්නා එයාලගෙ දවස ආරම්භ කරල තිබුන වෙනකොට ගෙනාව මල් ටිකත් කූඩයට දාල මම බලන් උන්න. ............ සුදු ආච්චියි සීයතාත්තායි නැතුව පාලුයි...... බේත් ඉවරද දන්නෑ. ...මට බලන්නවත් බැරිවුනා........ කොහොමත් අනිද්දාට ඩොක්ටර් ගාවට සුදු ආච්චිව එක්ක යන්න ඕනෙනෙ...... ඒකටම කියල පහුගිය දවස්වල මම බස් එකේවත් නොගිහින් සල්ලි ටිකක් ඉතිරි කරගත්ත නිසා හොදයි.........

වෙලාව පහමාරට විතර ඇති..... අද ටිකක් වැඩිපුර මල් විකුණුනු හින්ද ටිකක් රෑ වුනා......කාලයත් මහ පුදුම විදියට ගලාගෙන යනව කියල මට හිතුන ....... වෙනදට හවස හයට විතර කූඩු වලට පියාඹන කාක්කො රංචුවක් වහින්න ඔන්න මෙන්න කියල තියෙන වැහිමන්දාරම නිසාමද මන්ද අද කලින් යන්න අරගෙන ...... අහස දිහා බලන් හිටිය මම විගහට කඩේ අස් කරන්න ගත්තෙ බස් එක මිස් වෙයි කියල මතක් වුන නිසා......පහයි හතලිස් පහට යන බස් එක සමහර දවස් වලට මට මගහැරැණුවාර අනන්තයි...... එහෙම දවස් වලට ත්‍රිවිල් එකකවත් නොයා මහන්සියක් නොබලම පයින්ම ගෙදර ගියේ සල්ලි ඉතුරු කරගන්නම බලාගෙන......... මොකද මගෙ ජීවිතේම තිබුනෙ ඒ කටු මැටි බිත්ති හතර ඇතුලෙ විතරක් වෙනකොට මගෙ ලෝකෙ උන සුදු ආච්චියි සීය තාත්තායි මගෙ අනිත් හැමදේම උනා.......

"හහ් .....මම පරක්කු නෑ ....... තව විනාඩි දහයක් විතර තියෙනව බස් එක යන්න. ....... "

අතේ බැදල තිබුන මගෙ පරන අත්ඔරලෝසුවෙන් මම වෙලාව බැලුවෙ බස් එක ගිහින් ද බලන්න. ...... හොද වෙලාවට ගිහින් නෑ....... මෙච්චර වෙලා බර වෙලා තිබුන අහසත් හොදටම අඩන්න ගද්දී ඒකටම හරියන්න අහසෙ හෙන පිට හෙන පුපුරන්න ගත්ත. .........මේ වෙලාවට ගෙදර හිටියනම් මම සීය තාත්තාගෙ හරි සුදු ආච්චිගෙ හරි ඔඩොක්කෙන් ඔලුව තියාගෙන ගුලිවෙලා ඉදී.... .....හේතුව මටම තේරැම් ගන්න බැරි උනත් වැස්සට මම කොච්චර ආස කරාද ඒ තරමටම මම ගොරවන හඩට බයවුනා........ හෝල්ට් එකේ කොනකට වුනු මම අතේ තිබුණු බෑග් එක පපුවට තුරැල් කරගත්තෙ සීතලට වගේම හිතේ තිබුන ගැස්මටත් එක්කමයි........ ....... ටිකකින් හෝල්ට් එක ඉස්සරහ නැවතුන කා එක මගෙ බය තවත් වැඩි කරද්දී මම අඩියක් පස්සට ගියා. ...........

" පු..... පුංචි හාමු......... "

*************

😀  අපෙ නෙලුම් මල ඊලගට මොනා කරායිද  ලමායි.......

😁good night  සුදූලා. ..........

The white  lotus   ( Complete )Where stories live. Discover now