❄️ chapter 16❄️

ابدأ من البداية
                                    

             ( Eunha's frock)

Hoseok pov;
කියන්න වචන නෑ අද කෙල්ලෝ ටික ඔක්කොම ගොඩක් ලස්සනයි.. ඇත්තටම මට හැමෝම ගැන සතුටුයි... මේ හැම කෙනෙක්ම ජීවිතේ ගන්න ඕන වැදගත්ම තීරණේ හොදට හිතලා බලලා අරගත්තා... එතකොට අපේ Eunha.... Yoongi හ්යොන්ග් කිව්වා වගේ එයා පිටතින් වගේම හදවතිනුත් ගොඩක් ලස්සන කෙනෙක්....ඒත් මගේ ඇස් දෙක නම් හෙව්වේ වෙන රූපයක්.... ඒ මගේ Annya.... මටත් නොදැනිම මං එයාට ආදරේ කරන්න පටං අරන්. හැමදිස්සෙම කේන්ති අරං කෑගැහුවට ඒ හිත පුංචි ළමයෙක්ගේ තරමටම පිරිසිදුයි....අද එයා ගොඩක් ලස්සනයි.. white colour frock එකට එයාව පෙනුනේ angel කෙනෙක් වගේ......කවුද හිතුවේ මේ අස්ප හිතටත් මල් සරා විදී කියලා. පොරට මාවත් මතක තිබ්බා එහෙනම්..😌

              (Annya's frock)

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

              (Annya's frock)

Yoongi: Hoseok පුතේ.... හිතින් love කරා ඇති නේද?😏
Hoseok: එහෙම නෑ හ්යොන්ග් 😐
Yoongi: හරි බන් එල මං පිළිගත්තා ඈ 😌😏
Namjoon: Jin හ්යොන්ග් මං උදේ ඉදන් බලාගෙන හිටියේ.. ඔයා මොකක්හරි ප්‍රශ්නෙකද ඉන්නේ?
Jin: එහෙම දෙයක් නෑ Namjoona..... හරි එහෙනම් අපි යං......... දැනටමත් පරක්කුයි........

Jin pov;
මේ වෙලාවේ මගේ ඔලුව ඇතුලේ තියෙන යුද්දේ දන්නේ මමනේ... අනේ දෙවියනේ ප්‍රශ්නයක් නම් වෙන්න එපා😞.....

..........................................

(At diamond hotel paradise)
Mr.jeon: කෝ මේ ළමයි...
Mrs.jeon: එයාලා එනගමන් වෙන්න ඇති jeon.....
??: Hello mr. Jeon කොහොමද ඉතින්.. මාව මතකද?
Mr.jeon: මං කොහොමද මගේ ප්‍රතිවාදියව එහෙම ලේසියෙන් අමතක කරන්නේ😏
??: උඹ නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ බං..
Mr. Jeon: යාාා.... මට hug එකක් වත් දීපිය.....
Mr.kim Hun song😏
Mr. Kim: මෙන්න මෙහෙට වර..
Mrs.jeon: ඉතින් කොහොමද සේහි...
Mrs.kim: ගොඩක් හොදින් ඉන්නවා යුන්ජියා... සෑහෙන්න කාලෙකට පස්සේ නේද?
Mrs. Jeon: ඔව් ඉතින් මේ ගොල්ලෝ හැම දිස්සෙම වගේ meet වෙනවනේ.. අපිට තමයි ඉතින් chance එකක් නැත්තේ......
Mr.park: අම්මෝ...පරණ යාලුවෝ හම්බ වෙලා වගේ...
Mr.jeon: ඕයි..... තමුසේ කොහෙද මිනිහෝ ගිහිං හිටියේ....
Mr.park: කොහේ යන්නද බං... වැඩ ගොඩ ගැහිලා..jimin company එක පැත්ත පළාතක එන්නේ නෑනේ. ඔක්කොම කරන්න ඕනේ මං තමයි ඉතිං
Mr.kim: කොල්ලව දකින්නත් ආසයි බං..
Mr.jeon: දැන් එයිනේ කට්ටියම..
Mr.park : කෝ මේ අනිත් උන් ටික....
Mr.kim: එයි එයි... කාලෙකට පස්සේ අද හැමෝටම හොදට විනෝද වෙන්න පුළුවන් වෙයි නේ..........
Mr.park: නැත්තං ඉතිං.......
........................................

~♡ The Christmas gift ♡~حيث تعيش القصص. اكتشف الآن