තෙවන දිගහැරැම. .

Start from the beginning
                                    

" ආ .....මේ ඇවිත් ඉන්නේ. .......... ගුණදාස ගෙ කොලුවා නේද. ...... උඹට මොකද මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ. ......."


"සීය තාත්තා ......... කොහෙද ලොකුමැණිකෙ......... "


" ගුණදාස වැඩක් ....... මේ කාමරයක් අස්පස් කරනව........ "

" සීය තාත්තා දැන් වයසයිනෙ ඒ නිසා සීය තාත්තට වැඩ කරන්න අමාරැයි...... "

" එහෙව් කියල උඹ කියන්නේ.... පඩියකුත් දීල තව නිකං ඉන්න දෙන්න කියලද...... අපිට මේ එක එකාට නිකං පිංපඩි දෙන්න කොහෙවත් අමාරැ නෑ...... "


උපන්දා ඉදලම වලව්වටම කඹුරල වයසට ගිය සීය තාත්තට මුන් කියන කතාවට හෙන නොවැදුනොත් පුදුමයි. ....... එදා ඉදන් අද වෙනකම්ම දෙන සොච්චම් පඩියට ගන්න පුළුවන් උපරිමෙන් වැඩ මගෙ සීයතාත්තාගෙන් ගත්ත වෙනකොට සමහර දවස් වලට සීය තාත්තා නිදාගත්තෙ රෑ එලිවෙන ටිකට විතරයි ........ සීය තාත්තා වලව්වෙමුරකාරයා විතරක් උනාට වලව් තිබුනු හැම වැඩක්ම සීය තාත්තාගෙන් මුං කරව ගත්ත. .......
වික්‍රමසිංහ හාමුත් බස්තම අතේ තියාගෙන ගෙයි දොරකඩට වෙලා බලන් ඉන්නවා   මං දැක්කා . ....... ......... මනුස්සකමක් නොගෑවුනු ඒ හිත් වල  මොනව මේ මිනිස්සු පුරවන් ඉන්නවද...........කරන පින්පව් වලට අනුව  මිසක්කා  වලව්වෙ හාමුලද නැද්ද  කියල බලල මේ මිනිස්සු ඊලග ආත්මෙ උපදිනවද.......


" මම කාමරේ අස් කරල දෙන්නම් ලොකු මැණිකෙ ...... "


" හා ....හා .... වරෙන්කො එහෙනම් ඔය වලව්ව පිටිපස්ස පැත්තෙන්. ... ..... "


අපිවගේ දුප්පත් එවුන්ට හැමදාම උනේ වලව්වට පෑගෙන දූවිල්ලක් ගානට වැටෙන්න වෙනකොට වලව්වෙමැණකෙ මට පිටිපස්ස දොරෙන් එන්න කීව. ..........මං යනකොට සීය තාත්තා පොත් රක්කයක් අස් කරනව.........

" අනෙ දරැවො. ...... මොකද මෙහෙ.... ?"

" සීය තාත්තා ........... ඔයා ගෙදර යන්න දැන්. .......මම මේ ටික අස් කරල දාල එන්නම්. ...
........."

" අනේ දරැවො ......... එහෙනම් අපි දෙන්නම මේ ටික අස් කරල ඉවර කරමු......"

" සීය තාත්තා දැන් ඔය වැඩ කරන්නේ දවල්ට බෙහෙත් ඒම බීලනෙ නේද......"

" ඔව් ....ඔව්....බිව්ව ලමයො....."

." මතකද එදා ඩොක්ටර් කීව වැඩිය මහන්සි වෙන්න හොද නෑ කියලා. ...... අනේ ....සීය තාත්තා. ...... මට ඉන්නෙ ඔයාල දෙන්න විතරයිනෙ. ......... ඉතින් මං පරිස්සම් කරන්න හදන එක වැරදියිද........ "

" එහෙම නෑ ....මගෙ දරැවො....... මං දන්නවනෙ පුතා කොච්චර අපිට ආදරේ කරනවද කියලා. ........හරි හරි දැන් ඔය මූණ එල්ලන් හිටිය ඇති......මං ගෙදර යන්නම්කො....... පරිස්සමට ගෙදර එන්න දරැවො හොදද....... "


"හ්ම්ම්ම් සීයතාත්තා පරිස්සමට ගෙදර යන්න "


සීය තාත්තා ගෙදර ගියා වෙනකොට මම කාමරේ අස් කරන්න ගත්ත....... රාක්කෙ පොත්වල දුවිලි පිදදාපු මං අපේ පුංචි ගේ තරමටම විශාල වුනු පුංචිහාමුගෙ කාමරේ පුරාම ඇස් යැවුව. ......... හරිම ලස්සනයි. ......... දූවිලි පිහදාපු නිසාද මන්ද හෙම්බිරිස්සාවට ම මගෙ ඔලුව කැක්කුමත් වැඩි උනා.......අපරාදෙ මට පැනඩෝල් පෙත්තක්වත් බීල එන්න තිබුනෙ. ..... දැන් කමක් නෑ තව ටිකයිනෙ මේ ටිකත් අස් කරලම දානව....... එන්න එන්නම වැඩි උන ඔලුව කැක්කුමත් එක්ක මම එහෙමම එතන තිබුන ඇදවියලට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්ත ...........

විනාඩි කීයක් එහෙමම මම හිටියද කියන්න මං වත් දන්නෑ. ........ මම ආයෙමත් ඇස් දෙක ඇරියෙ මගෙ නලලෙ රැදුන සීතල දෙයක් එක්ක....... ඔව්......ඒ අතක්. ...... ඒත් කාගෙද...... සුදු ආච්චි. ........... නෑ.. නෑ...... මම තාම...... ඉන්නෙ වලව්වෙ. .......... ක....කව්ද. ........ මම ඇස් අරිද්දී හිතුවෙවත් නැති කෙනෙක් මගෙ ඉස්සරහ හිටගෙන හිටිය වෙනකොට මම බයවුනු පාරට කාමරෙන් එලියට දීවා...........


"ඔහොම නවතිනව....... නෙලුම්. ......... "


කලබලේට දීව මට අන්තිමේට වලව්වෙන් එද්දී ඇහුනෙ ඒ කටහඩ විතරක් වෙද්දී මම ආයෙම නැවතුනෙ ගෙදර ගිහින්. ....... ඔලුවෙ තිබුන බර ගතියක් දැනුන බය නිසාම නැති උනාද මන්ද. ...... එයා කොහෙද මෙහෙ.......මම ඇස් අරිද්දී මගෙ ඉස්සරහ හිටගෙන හිටියෙ අද උදේ මල් ගන්න ආව ඒ ආඩම්බරකාර ඇස් දෙක වෙද්දී. ....මම හිටියෙ එයාගෙම ඇද උඩ වෙද්දී ... ........ ඒ වලව්වෙ පුංචි හාමුනේද කියල මතක් උන හැටියෙ මම ගොඩක් බය උනා....... ඇත්තටම මොන එහෙකට මට නින්ද ගියාද මන්ද. ............. එතකොට කවුද නෙලුම් කියන්නෙ. .......



***********************************

☺ ඔන්න  ඕතරිය  ටිකක්  පරාක්කු වෙලා හරි දුන්න හොදේ.......

😂😊හෙට love in my heart  අරගෙන  එන්නම්. ......

The white  lotus   ( Complete )Where stories live. Discover now