🐱 Chapter 48 🐱

Start from the beginning
                                    

" ජාන්..! අම්ම්හෝ.. දෙවියන්ට පින් සිද්ද වෙන්න උබ යහතින් ඉන්නව..තව පොඩ්ඩෙන් අරූ මාව මුහුදේ ඔබනවා..!!"

ඒ වෙනකොටත් චෙන් යූ මගේ ලගටම ඇවිත්...මට බේරිලා දුවන්න වෙලාව මදි වුනා..

" කොහෙද බන් ගාල කඩාගත්ත හරකා වගේ දිව්වේ..!"

" අනේ..මට යන්න බැහැ බන් .. "

" ජාන්..! ඔයා හොදින්ද.. මොකද වුනේ.. ?"

හරි අඩුපාඩුවත් ඔය ආවේ..

පිනා ආව ගමන් උඩ ඉදන් යටටම මගේ ස්කෑන් එකක් දීලා මාව තද කරලා අල්ලගත්තේ ආයේ පැනලා යන්න හිතන්නවත් බැරි විදිහට..

"  ඇයි එකපාරට දිව්වේ..කාවද දැක්කෙ..?"

තමුසේට තමයි බය වුනේ කියන්න කට නැලියෑවට මම මුකුත් නැහැ කියන්න ඔලුව වැනුව..

"  එහෙනම් දිව්වේ.. ?".

මම උත්තර දෙන්න ගියේ නැහැ..

"  ඔයාට කරදරයක් කරන්න කවුරුත් එන්නේ නැහැ.. ඕන දෙයක් බය නැතුව කියන්න.. මෙතන වැඩේ ඉවර වුන ගමන් අපි යමු.."

එතනින් යන්න කලින් මම පිටිපස්ස හැරිලා බැලුවත් මොනාකො වල මට හමුවුන අලුත් අමුත්ත ඒ වෙනකොටත් එතනින් ගිහින් හිටිය..











මම අහලා තියන විදිහට බිස්නස් ගැන මිනිස්සු කතා වෙන්නේ ලොකු ලොකු කම්පැනි වල.. ඒත් ඒක වැරදි වගේ..

මේ මිනිස්සු ඒකට යොදාගෙන තිබ්බේ ලග තියන් ඉන්න අමාරුවට සල්ලි නාස්ති කරන තැනක්...

ක්ලබ් එකක් ඇතුලේ කකා බීබී නටන්න තිබුනට casino එක කියන්නේ ඒවත් එක්කම එකතු වුන සූදූ පොලක්..

ෆෝන් එකෙන් බලපු ෆිල්ම් එකකින් , අන්තර්ජන්ජාලයෙ සැරිසරනකොට දැකපු වීඩියෝ කෑලි වල කැසිනෝ දැකලා තිබ්බට කවුද හිතුවේ ඇත්තටම දකින්න පුලුවන් වෙයි කියල.. ලොතරැයික් ගන්න සල්ලි නාස්ති නොකරපු මම සූදූ ගැන මොකට ඉගනගන්නවද..

සැක්..කලින් දන්නවනම් නම් ටික පාඩම් කරන් ඉන්නවා..

කොහෙද වෙන රටකට එක්කන් එනව කියලා අර පිනා නිකමටවත් මට පුහුණුවක්වත් දුන්නද..නැහැ නේ..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now