එයා මට සලකන්නෙත් එයා අනිත් අයට සලකන විදියට නෙමේ කියලා හිතන්න මන් ගොඩක් උත්සහ කරනවා..ඒත් එයා අනිත් අයට සලකන්නෙත් මට සලකන විදියටමයි...

ගිනිමැලේ නිවලා කට්ටියම එයාලාගෙ යාලුවො එක්ක එයාල කැමති තැන් වලට යන්න ගියා.
මන් විතරක් තාම එතනම වාඩි වෙලා ඉන්නවා සහස් එනකම්..

.
.
.
.
.

"අනේ සොරි මල්ලි මන් ටිකක් පරක්කු උනා.ඉතුරු telescope ටික ලොකර් එකට දාලා වහන්න ගියා...මන් හිතුවෙ ඔයා යන්න ඇති කියලා.."

"නෑ ඔයා එනවා කිව්වනෙ.."

"එන්න යන්න..ඉතිම්"

හැමෝම පිට්ටනිය පැත්තට ගියෙ ඒ හරියට හොදට අහස පේන හින්දා ඒත් මේ මිනිහා මාවත් ඇදන් තව ඉස්කෝලෙ ඇතුලට යනවා..

කට්ට කරුවලේ ඉස්කෝලෙ ඇතුලෙ යන්න ඇත්තටම බය හිතෙනවා..

මාවත් ඇදගෙන ඇවිත් main buliding එක ලග නැවතුනා..

"මෙතන්ට කිසි දෙයක් පේන්නෙ නෑනෙ.."

"මෙතන නෙමේ අපි බිල්ඩිමේ උඩට නගින්නෝනෙ.."

"මොක මේක තට්ටු තුනක් උසයිනෙ සහස් අයියේ.."

"අපෝ ලේසියෙන්ම නැගගන්න පුලුවන් මන් උඩට නගින්නෙ නවය වසරෙ ඉදන් trust me ඔයාට පුලුවන්.."

"හ්ම්."

අපි ඉස්සෙල්ලම පඩිපෙල දිගේ උඩට ගිහින් තුන්වෙනි තට්ටුවෙන් වහලෙට පැනගත්තා..ඇත්තටම කිව්වොත් තුන්වෙනි තට්ටුවෙන් උඩට යන්න පොඩි ඉනිමගක් හයි කරලා 🤣 සහස් අයියා කිව්වෙ හෙන ම අමාරු වැඩක් වගේනෙ නිකන්..මන් හිතුවෙ පියාබන්නත් වෙයි කියලා.

"සහස් අයියෙ මෙතන හෙන උසයිනෙ හුලනුත් එනවා..හරි සීතලයි.."

"උසයි තමා ඉතිම්.."

"මන් උස තැන් වලට බයයි.."

"මොකා...ඔයා එහෙනම් ආවෙ."

"ඔයා එන්න කිව්ව නිසා.."

"ඒත් ඉතිම්..... කලින් කියන්න තිබුනා...දෙන්න අත.."

සහස් අයියා මගෙ අතින් අල්ල ගත්තා...මාව වෙව්ලනවා..එයාගෙ අත හරිම රස්නෙයි හරිම සිනිදුයි..මුලු ජීවිත කාලෙම අල්ලන් ඉන්න හිතෙනවා...
අපි දෙන්නා වහලෙ අයිනටම ගිහින් එත්ස්නින් වාඩි උනා..

You've reached the end of published parts.

⏰ Last updated: Jul 12, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

THE HAPPIEST BOY ...🥀Where stories live. Discover now