ආයිමත් දවසක 12

Start from the beginning
                                    

එක දිගටම කෝල් අරගත්තත් යශිර ෆෝන් එක ආන්සර් නොකරද්දි හරිදු බිනරට කෝල් එකක් ගත්තා...

" හලෝ බන් හරිදු කියපන් ... මොකද බන්.."

" බිනර , අපේ කොල්ල කෝ බන් ෆෝන් ආන්සර් කරන්නෙ නෑනෙ..."

" මල්ලි ආවෙ නැද්ද බන් ගොඩක් වෙලානෙ කොල්ලා හොස්පිටල් එකෙන් ඇවිල්ලා..."

" ආවෙ නෑ බන්.. කොහෙ හරි යන්න ඇති මන් බලන්නම්.. විශාල්ට මොකද බන් උනේ.."

හරිදු අහද්දි බිනර ටිකක් වෙලා නිහඩව ඉදලා ලොකු හුස්මක් හෙලලා විශාල් සිශිය ආපු වෙලාවෙ ඉදල උන හැම දේම කිව්වා..

බිනර කියන කියන වචනයක් ගානෙ මෙච්චර වෙලා හිතේ තිබ්බ කලබල ගතිය ටික ටික වැඩි වෙද්දි බිනරට තේරුනා හරිදුගෙ කලබලකාරී ගතිය වැඩි වෙනවා වගේ...
ඒත් එක්කම ලයින් එකේ නිහඩ බව වැඩි වෙද්දි බිනර ආයි කතා කරේ හරිදු ඉන්නවද බලන්න තවම ලයින් එකේ

" හරිදු උබ ඉන්නව නේද..."

"ආ ඔව් බන් ..මන් මල්ලිට ආයි අරන් බලන්න ඕනි බන්..."

" මන් කියන්නද මන් දැන් හොස්පිටල් එකෙන් යන්න හදන්නෙ මන් කොල්ලව බලන්නම්..උබ හිතන්නෙ කොල්ලා කොහේ යන්න ඇද්ද..."

"" මන්දා බන්..මට හිතාගන්න බෑ අනිවාර්යයෙන්ම කොල්ල අවුලෙන් ඇත්තෙ..."

"ම්ම්..හරි බන් මන් බලන්නම්..තිබ්බ එහෙනම්..."

"හරි බන්..පරිස්සමින් ..ආහ් මේ බන්..."
............................................................

කාබරේට ගිහිල්ල වොශ් එකක් දාගෙන යශිර සැහැල්ලු ඇදුමක් දාගෙන කාබරෙන් එලියට එද්දිම අයියගෙ ලොකු පුතා ඇවිල්ල යශිරගෙ ඇගේ එල්ලුනා..

" බාප්පි..."

" ආ චන්ඩියෝ..කෝ මලයා.."

"එයා අම්මි එක්ක කුත්තියෙ මන් ආව බාප්පිව කන්න එක්ක යම්න.."

"ම්ම්ම්.. බබා බත් කෑවද ඉතින්.."

"නෑනෙ..මන් කන්නෙ කෝමද බාප්පිනෙ මට කවන්නෙ හැමදාම ..."

"ඒකත් ඇත්තනෙ නේද.. හරි අපි යමුකො කන්න එහෙනම්.."

..............................................................

ආයිමත් දවසක .Where stories live. Discover now