ආයිමත් දවසක 12

Start from the beginning
                                    

කාර් එක ඇතුලෙ ටිකක් වෙලා යනකම් ලොකු නිහඩ කමකින් පිරිල යද්දි යශිර ඇස් වලින් ගලන කදුලු ජනේලෙන් එලිය බලාගෙන නවත්තගන්න හැදුවෙ බිනරට නොපෙනෙන්න...

" විශාල්ට ප්‍රශ්නයක් නෑ.... මානසිකව එයා ගොඩක් වැටිල ඒත් කායිකව ඩොක්ටල කියන විදිහට එයා හොදින්.. තව ටික දවසක් යද්දි කලින් වගේම ඇවිදල කරන්න පුලුවන් තැනට එන්න පුලුවන් කියලා තමයි ඩොක්ටල කියන්නෙ..."

බිනර ඇස් දෙකට උඩින් එයාගෙ අත දිගටම තියෙන්න දෙන ගමන් කියද්දි යශිර බිනර් දිහා බලාගෙනම ඉදියා...

බිනරට දැනුනෙ එයාගෙ පපුවම රිදෙන්ව වගේ....
යශිරගෙ ඇස් වල තිබ්බ කදුලු ඒ තරම් බිනරව අසරන කරද්දි එයාට කරගන්න පුලුවන් උනේ ඇස් දෙක පියාගෙන ඇස් වලට කදුලු එන එක නවත්වගන්න හදන එක විතරයි...

තවත් ටික වෙලාවක් එහෙමම ඇස් දෙක වහගෙන ඉදපු බිනර ලොකු හුස්මක් හෙලන ගමන් මූන වහගෙන ඉදපු අත අයින් කරල ඇස් වල කොනක එකතු වෙලා තිබ්බ කදුලු බින්දුවක් අතින් පිහිදාල දාල යශිර දිහාට හැරුනා..
තවමත් යශිරගෙ ඇස් වල තියන කදුලු දැකපු ගමන් තවත් තද හුස්මක් හෙලපු බිනර එයාගෙ එක අතක් දික් කරල යශිරගෙ ඇස් වල එකතු වෙලා තියන කදුලු පිහිදැන්මෙ යාන්තමින් සොරි කියල මුමුනන ගමන්...
ඒ එක්කම යශිරගෙ ඇස් ටිකක් පුදුම වෙලා යද්දි බිනර කාර් එක ආපහු ස්ටාට් කරල පාරට දැන්මා...

....................................................................

ආපහු ගෙදරට යනකම්ම දෙන්න අතරේ කතා බහක් තිබ්බෙ නෑ..යශිරට වගේම බිනරටත් දැනුනෙ ලොකු තෙහෙට්ටුවක් දවසෙ තිස්සෙම උන දේවල් එක්ක හැල හැප්පීම් එක්ක තවත් යශිර එක්ක කේන්ති ගන්න හයියක් බිනරට තිබ්බෙ නෑ...

යශිරව ගෙදරින් දාල මොකුත්ම නොකිය බිනර යන්න ගියෙත් ඒකමයි.
යශිර ගෙට ගොඩ වෙද්දිම අයිය යශිර දිහාට එනවා යශිර දැක්කා ඒත් එක්කම යශිර බැනුම් අහන්න හිත හදාගත්තා,

" සුදූ..."

"අයියෙ මම..."

" ගිහිල්ල වොශ් එකක් දාන් එන්න අක්ක කෑම හදල ඉවරයි අපි කමු..."

යශිරට කියල අයිය ගෙදරින් එලියට බහිද්දි යශිර ආයිමත් ඇස් ලොකු කරගෙන කල්පනා කරේ මොකද්ද ඒ උනේ කියලා...

ආයිමත් දවසක .Where stories live. Discover now