"තෑන්ක්ස්..."

"ඔයාගෙ කටේ තියෙන්නෙ ඒ වචනෙ විතරම ද ...ඇයි ඔයා ඒ මල් වලටම ඔච්චර ආස..."

"මන් රෝස පාටට ආස නිසා .... හැබැයි ඒ ගෑල්ලමයි වගේ ඒ පාට කියුට් නිසා නෙමේ...ඒ පාට හෙන නිදහස් පාටක් සුදු වගේ මන් ආසම පාට...
රොබරෝසියා වලටම ආස කාලෙකට පඩරැල් වගේ තියන කල් කාලයක් යද්දි රෝසපාටට පිරිලා ලස්සන වෙන නිසා..."

"ඒ කිව්වෙ..."

"අපි හැමෝගෙම ජීවිත වලට ලස්සන කාලයක් එනවා වගේ..."

"ඉතින් කවද්ද..."

"කවදමහරි..."

"අනේ මන්දා ඔයත් ඒක නෙමේ අලුත් යාලුවො කොහොම ද..."

"යාලුවො... මට..."

"අහ්...ඒ කට්ටිය කියන එව්ව වැඩිය හිතන්නෙපා..."

"හුම්..."

"මන් යනවා ඩියුටි.."

"බායි..."

සුපුරුදු පීරියඩ් එකෙන්  පීරියඩ් එකට ජීවිතේ...
මුල්ලෙන්ම වාඩි වෙලා ජනේලෙන් ඈත පේන රොබරෝසියා දිහා බලන් හිටියා...තව දවස් කීයක් තියේද මෙහෙම

"මොකෝ උබ බීලා වගේ ඇවිදින්නෙ..කැදද ගහන්නෙ..."

අහ් අදත්

"මට පාඩුවෙ ඉන්න දීපන්කො.."

"උබ යකෝ කට ගහන් එන්න අපි එක්ක.."

ඒ මූසලයා මාව තල්ලු කරපු පාර මාව ගිහින් බිත්තියක වැදිලා ඇදගෙන වැටුනා...

"බලහන් විසිවෙලා යන්නෙ...කටු ටිකත් පෑදිලා..අඩෝ මූව අල්ල ගනින් කටු බොඩි පරීක්ශාවකට..."

අහ්හ් මන් ඉවරයි..

මගෙ ශර්ට් එකෙන් අදිද්දි ලගම උන්න එකාගෙ බඩට අතින් ගහලා පැනගෙන කෙලින්ම දුවලා ගිහින් හැන්ගුනෙ ඉස්කෝලෙ පහල හරියට වෙන්න තිබුන ගහක්ලග තිබුන බන්කුවකින් වාඩි උනා...

ඇයි ඒ මිනිස්සු මට එක තප්පරයක්වත් නිදහසේ ඉන්න දෙන්නෙ නැත්තෙ..තවත් මිනිහෙක්ට කරදර කරන එකෙන් එයාලට තියන සතුට මොකක් ද මට හිතාගන්න බෑ...හැබැයි මිනිස්සු සමහර වෙලාවල් වල මන් විදවන එකෙන් ගොඩක් සතුටක් වින්දා...

මට එහෙම්ම ම ගහ යට නින්ද ගිහින්...ඇත්තටම මේ හැමදේකින්ම නිදහසේ ඉන්න ඕන නිසා මන් ගන්න බෙහෙත් නිසා මට ගොඩක් නින්ද යනවා...හැමදෙයක්ම තනියෙන් පාලනෙ කරන් ඉන්න අමාරුයි නෙ....ගොඩක් වෙලාවට නින්ද ප්‍රශ්න ගොඩක් විසදනවා...එතකොට මට කාවවත් ඇහෙන්නවත් නෑ

හැමදාටම ඉවරයක් නැති නින්දක් තියේ නම්

"ඒයි කොම්ලො හිමරු...මන් හැමතැනම හෙව්ව කොහෙ ද මෙහෙ..."

අර කොම්ඩෙ කොට කෙම්ල

"අහ්...මට මේ අපෙ පන්තියෙ කොල්ලො ටික..."

"ඕවා හිතන්න එපා කොම්ලො මන් ඉන්නව නෙ අපි පශ්ශෙ බලාගමු ඕකුන් එක්ක මේ චූටි කොල්ලො...දැන් ඔව්ව හිතන්නැතුව ඉම්න...."

හැම මිනිහෙක්ට ම ඇයි බැරි මේ කොම්ඩෙ කොට කෙම්ල වගේ වෙන්න...

හැම මිනිහෙක්ට ම ඇයි බැරි මේ කොම්ඩෙ කොට කෙම්ල වගේ වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*****************************************

මේ දිනවල ජීවිතය හැදි ගෑවී ඇති බැවින් සිදුවූ ප්‍රමාද දෝශයට සෝ cory..

හැම්දිගෑවිලා ඉන්නෙ

Smile in pain....

THE HAPPIEST BOY ...🥀Where stories live. Discover now